27 April 2024
#දේශීය

මා‍තලේ ට කුඩු බෙදාහරින ප්‍රධාන පෙළේ කුඩු ජාවාරම්කාරිය අත්අඩංගුවට

මාතලේ හා ඒ අවට ප්‍රදේශවලට මත්කුඩු බෙදා හැරි ප්‍රධාන පෙළේ ජාවාරම්කාරිය ඇතුලු සැකකරුවන් තිදෙනෙකු ඊ‍යේ (01) වනදා මාතලේ කළුදැවල නරිකන්ද ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාශ දුෂණ විමර්ශන කාර්යංශය පවසයි.

මෙම ජාවාරම්කාරිය විසින් කාලයත් තිස්සේ මෙම මත්කුඩු ජාවාරමේ යෙදි සිටින බවත් මිට පෙරද පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව සිට නැවත පැමිණ මෙම මත්කුඩු ජාවාරමේ නිරත වි ඇති බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් අවස්ථාවේදි සැකකාරිය සන්තකයේ තිබි මත් කුඩු ගැම් 09ක්ද අයිස් නැමති මත්ද්‍රව්‍ය ගැම් දෙකක්ද මත්කුඩු වෙළදාමේ උපයාගත් රුපියල් 41300ක්ද පොලිස් භාරයට ගත් බවද පොලිසිය කියයි.

සැකකාරිය විසින් මත්කුඩු ජාවාරමේ නිරත වෙමින් සුඛෝපභෝගි ජිවිතයක් ගත කරන බවත් ඔන්ලයින් මාර්ගයෙන් විවිධ භාණ්ඩ සහ ආහාර වර්ග ලබා ගනිමින් කටයුතු කරන බවද පොලිසිය කියයි.

සැකකරුවන් මාතලේ මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවිම මත මාතලේ කොට්ඨාශය භාර 01 ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් වංශනාථ මහතාගේ උපදෙස් පරිදි මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප සුගත් බණ්ඩාර මහතාගේ අධික්ෂණයෙන් කොට්ඨාශ දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උ.පොප ඩබ්.එම් වල්පොල,පො.සැ 21636 ප්‍රියන්ත,පො.සැ 53568 විරසේන,පො.කො 73181 ලයනල්,පො.කො 77615 වීරරත්න,පො.කො 8330 උදේශ්,කා.පො.සැ 1209 වත්සලා,කා.පො.කො 6511 අත්තනාායක,පො.සැ රි 1007 බෝපේගෙදර යන නිලධාරින් මෙම වැටලිම සිදු කළහ,

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *