• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

කොස්කැලේ රක්ෂිතයේ ඇති ව්‍යාපාරික ස්ථාන ඉවත් කිරීමට වගකියන්න ඕනේ පසුගිය ආණ්ඩුවයි -ඇමැති ජොන්ස්ටන්

2 December 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොස්කැලේ රක්ෂිතයේ ඇති ව්‍යාපාරික ස්ථාන ඉවත් කිරීමට වගකියන්න ඕනේ පසුගිය ආණ්ඩුව බවත් පසුගිය ආණ්ඩුවේ අයට කඩේ යන මේ ආණ්ඩුවේ නිලධාරීනුත් මේකට වගකිව යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජා – ඇල නගර සංවර්ධනයට සමගාමීව කොළඹ – මීගමුව මාර්ගයේ ජා – ඇල පාලම පුළුල් කර සංවර්ධනය කිරීමේ සමාරම්භය අද(02) දින සිදු කල අවස්ථාවට එක්වෙමිනි.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුලු ප්‍රදේශයේ දේශපාලන හා රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම පාලම පුළුල් කිරීමේ කටයුතු සදහා රුපියල් මිලියන 214 ක මුදලක් වෙන් කර ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පාලමේ ඉදිකිරීම් අධීක්ෂණය කරනු ඇත.

දැනට පවතින පාලම එක් පසෙකින් පළලින් මීටර් 6 බැගින් දෙපසින් මීටර් 12 ක් පුළුල් වනු ඇත. ඒ අනුව දැනට පවතින පාලම මීටර් 26 ක් දක්වා පුළුල් වේ. එමගින් ජා – ඇල නගරයේ පවතින රථවාහන තදබදයට විසදුමක් ලැබෙනු ඇත.

 

මෙම උත්සවයෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දැක් වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු “අද කුරුණෑගල දඹුල්ල මාර්ගයේ කොස්කැලේ රක්ෂිතයේ ඇති ව්‍යාපාරික ස්ථාන ඉවත් කරනවා කියලා මාධ්‍ය හරහා අපිට චෝදනා කරනවා. ඒක අමූලික බොරුවක් මේ රජය ඒ රොටි හදලා ජීවත්වෙන මිනිස්සුන්ගේ බඩට ගහන ආණ්ඩුවක් නෙවෙයි. පසුගිය යහපාලන ආණ්ඩුව මේ කොස් කැලේ විතරක් නෙවෙයි බඩගමුව මුකලානෙ ඉන්න ව්‍යාපාරිකයෝත් එලෙව්වා. අද බඩගමුව ව්‍යාපාරිකයෝ ඉන්නේ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා. එදා ඔවුන්ව කිසිම හිතක් පපුවක් නැතිව තමයි එලෙව්වේ ..එම ව්‍යාපාරිකයන්ට විරුද්ධව පසුගිය යහපාලන ආණ්ඩුව උසාවි ගියා . උසාවියෙන් තීන්දුවක් දීලා තියනවා ඔවුන්ව එතනින් අයින් කරන්න . නමුත් අපි දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විමෙදි තීන්දුවක් ගන්නවා ඒක ක්‍රියාත්මක නොකරන්න. අපි තීරණය කලා නැවත උසාවියට ගොස් මේ සම්බන්ධව තීරණයක් ගන්න. වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අපි උපදෙස් දුන්නා උසාවියට ගිහින් මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කර මේ අය එතනින් ඉවත් නොකිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙසට . ඔවුන්ව ඉවත් නොකිරීමට උපදෙස් ලබා දී තියෙද්දීත් තමයි ඔවුන් දවස් දෙකකට කලින් ඔවුනට අයින් වෙන්න උපදෙස් දීලා, ඊයෙ දිනයේ දි ගිහිං අහිංසක මිනිස්සුන්ගේ ව්‍යාපාරික ස්ථාන දේවල් කඩලා අයින් කිරීමට කටයුතු කලා . , ඒ ජනතාව අපිට චෝදනා කලේ අපි මංතීරුවක් හදන්න මේ ව්‍යාපාරික ස්ථාන ටික අයින් කරනවා කියලා . කොස්කැලේ සහ බඩගමුවේ ව්‍යාපාරිකයන්ට නවීන පන්නයේ කඩ ලබා දෙන ව්‍යාපෘතියක් අපි ක්‍රියාත්මක කරනවා. අපි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගෙන යන අතරතුර ඒක කඩාකප්පල් කරන්න තමයි පසුගිය යහපාලන ආණ්ඩුව විසින් ගත්ත තීරණයට අනුව මේ කඩවල් ටික කැඩුවේ. මේකට වගකියන්න ඕනේ පසුගිය ආණ්ඩුව ඒ වගේම පසුගිය ආණ්ඩුවේ අයට කඩේ යන මේ ආණ්ඩුවේ නිලධාරීනුත් මේකට වගකියන්න ඕනා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හැටිය මම ඉල්ලීමක් කලා වහාම මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා . මම ඕන තැනක අභියෝග කරනවා, අපේ රජය අපේ ජනාධිපතිතුමා මන්තීරු හදලා රොටී හදන මිනිස්සු එළවන ජනාධිපතිවරයෙක් නෙමෙයි, ආණ්ඩුවක් නොවෙයි කියන එක අපි ඉතාමත්ම ආදරයෙන්,ගෞවරයෙන් මේ වෙලාවෙදි මතක් කරනවා. ඒ නිසා බොරුව රජ වෙන්න දෙන්න එපා. මාධ්‍යයෙන් ඉල්ලනවා ඇත්ත මේ රටේ ජනතාවට හෙළි කරන්න කියලා. ඒකයි අපි ඉල්ලන්නේ..

 

 

Post Views: 0
Previous Post

හඳුනානොගත් රිය අනතුරුවලින් සඳහා ගෙවන වන්දි මුදල වැඩි කරයි

Next Post

බොරු චෝදනා කරමින් තමා අත්අඩංගුවට ගැනිම පිළිබදව පරික්ෂණයක් ඉල්ලයි – අකුවෙල පොහොට්ටු මන්ත්‍රි

editor

editor

Next Post

බොරු චෝදනා කරමින් තමා අත්අඩංගුවට ගැනිම පිළිබදව පරික්ෂණයක් ඉල්ලයි - අකුවෙල පොහොට්ටු මන්ත්‍රි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved