27 April 2024
#දේශීය

බොරු චෝදනා කරමින් තමා අත්අඩංගුවට ගැනිම පිළිබදව පරික්ෂණයක් ඉල්ලයි – අකුවෙල පොහොට්ටු මන්ත්‍රි

තම නිවසේ කොටසක් කුළියට දි ඔවුන් කුලි මුදල් නොගෙවිම සහ නිවසින් ඉවත් කිරිමට අදාළව මාතලේ මුලස්ථාන පොලිසියේ පැමිණිල්ලක් කර තිබියදි තමාට එරෙහිව බොරු චෝදනා එල්ලකරමින් අත්අඩංගුවට ගැනිම පිළිබදව වහාම පරික්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලිමක් සිදු කළ බව උකුවෙල ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා ‍පොදුජන පෙරමුණු මන්ත්‍රි සිසිර ජයම්පති ඇටිපොල මහතා පවසයි.

පසුගිය 30 දින පැමිණිල්ලක් සිදු කළ බවත් එසේ තිබියදි නිවසේ රැදි සිටින පිරිස විසින් දියණිය මාර්ගයෙන් බොරු පැමිණිල්ලක් සිදු කළ බවත් වෙනත් පුද්ගලයකු විසින් සැලසුම් සහගතව මෙම පැමිණිල්ල සිදු කිරිමට කටයුතු කර ඇති බවත් වසර ගණනාක් තිස්සේ දේශපාලනය කරන තමාගේ කිර්ති නාමය විනාශ කිරිම සදහා මෙම පැමිණිල්ල යොදාගෙන ඇති බවද ඒ මහතා පවසයි.

ප්‍රදේශයේ සිිටින එක්තරා කප්පම්කරුවකගේ ඕනැ එපාකම් මත මෙම සිද්ධිය සිදුවු බවත් පළමුවෙන් පැමිණිලි කළ තමා අත්අඩංගුවට ගැනිම හා සිද්ධිය සම්බන්ධයෙන් පුර්ණ පරික්ෂණයක් සාධාරණව සිදු කරන ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා අදාළ පාර්ශව තුළින් ඉල්ලා සිටියි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *