• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආහාරයෙන් ස්වයංපෝෂිත වන දේශයක් වෙනුවෙන් සියළු දෙනා එකතු වී සිටින බව අගමැති කියයි

26 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ කොඳු නාරටිය යළි ගොඩනගමින් ආහාරයෙන් ස්වයංපෝෂිත වන දේශයක් කරා ගමන් කිරීමට රට පුරා විසිරී සිටින සියළු නිළධාරීන් අද එකතු වී සිටින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ මහරගම තළපත්පිටියේ ස්ථාපිත කළ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ ජාතික සංගමයේ මූලස්ථාන ගොඩනැගිල්ල වීවෘත කිරීමට ඊයේ (25) දින එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා ” මිනිස්සු ඉන්න රටක අප කාගේත් කෘතවේදිත්වය කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ට පළකළ යුතු වෙනවා. අපේ රට ආහාරයෙන් ස්වයංපෝෂිත වීමට, සහලින් ස්වයංපෝෂිත වීමට කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් රටපුරා ගම් දනවු හරහා ගමන් කරමින් අපේ රටට ලබා දෙන ශක්තිය සහයෝගය අගය කරනවා. අළුත් දෑ එකතු කරන්න, අළුත් අත්දැකීම් හඳුනාගන්න, අළුතින් ඇතිවන ගැටලු හඳුනාගෙන ඒවාට ලබා දෙන විසඳුම් පිළිබඳව ගොවි ජනතාව සමග ක්‍රියා කරන්නට පුළුවන්කම ඔවුන් ඇති කළා. 1983 දී මේ අවට තිබුණ ඔක්කොම ඉඩම් එක ගැසට් එකකින් රජයට අරගත්තා. ගැසට් හතර පහක් පාවිච්චි කළේ නැහැ. අද පරම්පරාව දන්නෙ නැති උණත් මෙතන ඉන්න පැරණි අයට මතකයි මේ ඔක්කොම ඉඩම් ගත්තා එහා පැත්තේ තිබෙන පාර්ලිමේන්තුව හදන්න. මේ වෙල්යාය රජ දවසේ ඉඳලා ඉතිහාස කතාවක් තියෙන වෙල් යායක්. මේ වෙල්යාය මෙතන ඉඳලා එහා පැත්තේ කැලණි ගඟ දක්වා පැතිරෙනවා. එහෙම වෙල්යාය ගොඩවී පුරන් වී තිබුණු කාලයක් තිබුණා. ඒ වගේම ජලය එකතු වෙන්නෙත් නැතුව තිබුණු පුරන් වූ භූමි යළි අස්වද්දන්න ඔබතුමාලා සහයෝගය දැක්වූවා. නව සංවර්ධන සංකීර්ණයන් මේ අවට ඉදිවුනා. ඒ නිසා විශාල සම්පත් ප්‍රමාණයක් එකතු වුණා. දෙවෙනි ලෝක යුද්ධයේදී ජපානය ඇති කළ ගැටුම් සමනය කිරීම පිළිබඳව ඇමරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර සමුළුවක් තිබ්බා. ඒ සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය ජේ. ආර්. ජයවර්ධන මහතා ලෝකයට කියා සිටියේ ″අපට කිසිවෙකුගෙන් පළි ගන්නට අවශ්‍ය නෑ. දෙවන ලෝක යුද්ධය අවසානයි. සියලු දෙනා සමගියෙන් අපේ රටවල් ගොඩනගනිමු” කියලා. මේක තමයි ජපානය ශ්‍රී ලංකාවට දක්වන විදේශ ප්‍රතිපත්තියේ තියෙන පළවෙනි සාධකය. ඒ අනුව ජේ ආර් ජයවර්ධන මැතිතුමා ජනාධිපති උණාට පස්සේ ජපන් ආණ්ඩුව කිව්වා ශ්‍රී ලංකාවට විතරක් නෙවෙයි ජපානයටත් සහයෝගය දැක්වූ ඔබතුමා වෙනුවෙන් අපි ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙනවා කියලා. මේ එහා පැත්තේ තියෙන ජපන් රෝහල ඉදිවුණේ ඒ අනුවයි. ඒ වෙනකොට මම මහරගම මන්ත්‍රීවරයා ලෙස විවෘත කිරීමේ උත්සවයට සහභාගි වුණා. ජපන් අගමැතිතුමා ජේ. ආර් ජයවර්ධන ජනාධිපති තුමාගෙන් ඇහුවා රෝහලේ කොයිතරම් ඇඳන් තිබිය යුතුයි ද කියලා. ඔබලාගේ ලොකුම රෝහලේ තියෙන ඇඳන් ප්‍රමාණය කොපමණද කියලා ජනාධිපතිතුමා ඇහුවා. ඔහු කිව්වේ 1000 කියලා. එහෙනම් ඇඳන්1001ක් කරන්න කියලා කිව්වා. ඒ නිසා ඇදන් 1001 ක් තියෙන රෝහලක් ජපානය ලංකාවට ලබා දුන්නා. ඇයි එකක් ජපාන අගමැති තුමාගේ ප්‍රශ්නයට ජනාධිපතිතුමා කිව්වේ ඒක මට කියලයි. කොයිතරම් විශ්වාසයෙන් අපේ රටට අත හිත දෙන දියුණු රටවල් තියෙනවද. පසුව මේ ප්‍රදේශයේ තරුණ සේවා සභාව ඇතුළු ව්‍යාපෘති රාශියකට ජපානය ඒකාබද්ධ වුණා. ජපානය කියන රට සහල් ගොවිතැන අතහරින්නෙ නෑහැ. ජාතික ආර්ථිකයේ ආඩම්බරය හැටියට වැඩි වියදමක් ගියත් ජපන් ගොවියා ආරක්ෂා කරනවා. ජපානය ගොවියාව ආරක්ෂා කරන්න දියුණු වගා ක්‍රම මෙන්ම සුරක්ෂිත ක්‍රම භාවිතා කරනවා. ඒ නිසා ජපානය කෘෂිකර්මාන්තය අතින් ඉතාම දියුණු අවස්ථාවකට පැමිණ තිබෙනවා. රජය හැටියට ගොවි ජනතාව සමඟ සමීප මතයක් තිබෙන නිසා ගෙන ඇති තීරණය රට ආහාරයෙන් ස්වයංපෝෂිත කිරීමයි. ගොඩනැගිලි, වෙන වෙන යාන වාහන ගැන කතා කරත් ඒ හැම දෙයක්ම නවත්තලා ගොවි ජනතාව කෙරෙහි විස්වාසය තබා තිබෙන්නේ. අපේ රටේ කොඳු නාරටිය යළි ගොඩනගමින් ආහාරයෙන් ස්වයංපෝෂිත වන දේශයක් කරා ගමන් කිරීමට රට පුරා විසිරී සිටින සියළු නිලධාරීන් එකතු වී සිටිනවා. ගොවි බැංකු පන්සියයකට අධික ප්‍රමාණයක් රටේ තිබෙනවා. එයට ලබා දියහැකි සහයෝගය ගැන රජයේ අයවැය ලේඛනය වෙලාවෙත් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඔබතුමාලගේ අදහස් විමසුවා යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල් අබේරත්න මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

 

Post Views: 2
Previous Post

මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ගවලට ඉතාලියේ සහාය

Next Post

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය 50% කට ඉහළ නැංවීමට පියවර – ඇමැති කෙහෙලිය

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය 50% කට ඉහළ නැංවීමට පියවර - ඇමැති කෙහෙලිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

9 July 2025
ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

9 July 2025

Recent News

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

9 July 2025
ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

9 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved