27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය 50% කට ඉහළ නැංවීමට පියවර – ඇමැති කෙහෙලිය

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ඉදිරි වසර කිහිපය තුළ 50% දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හෝල්ගර් සීබර්ට් (Holger Seubert) සමඟ ඊයේ අද (25) පැවති හමුවේදිය.

මේ වන විට ඖෂධ නිෂ්පාදනය 15% – 20% ක පමණ තත්වයක පවතිනේ යැයි ද රටට අවශ්‍ය ඖෂධ සැපයුම ප්‍රමුඛ අවධානයට යොමු කරමින් මෙරට ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සහය අයෝජකයින්, නිෂ්පාදකයින්, කර්මාන්තකරුවන් ඇතුළු සියල්ලන් වෙත ලබා දෙන බවද, එමෙන්ම එවැනි ව්‍යාපෘතියක් සදහා මේ වන විට ගිවිසුම් අත්සන් කර ඔවුන්ගේ නිෂ්පාදන පසු මිලදී ගැනීම සදහා වන ගිවිසුම්ද අත්සන් තබා ඇතැයි අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ සදහා උපකරණ ගෙන්වීමේ දී බදු සහන වලින් නිදහස් කිරීම ඇතුළු සහන රැසක් ලබා දෙන බවත් නව ව්‍යාපෘතිය සදහා ආයෝජකයන් 12 දෙනෙකු කර්මාන්තශාලා වෙනුවෙන් ආයෝජනය කර ඇති බවත් ඒ මහතා පැවසීය. මේ වන විට මෙරට තුළ වැඩි වශයෙන් සේලයින් නිපදවීම සිදු කරන බවද ඉදිරියේ දී ඖෂධ හා උපකරණ රැසක් නිෂ්පාදනය කෙරෙන බවද හෙතෙම පැවසීය.

මෙරටට ඖෂධ සපයන රටවල් සමග අවබෝධතා ගිවිසුම් වලට එළඹීමට බලාපොරොත්තු වන බවත් ඒ සදහා ඖෂධ සැපයීමේ ප්‍රමුඛ රටක් වන ජර්මනිය ද ඇතුළත් වන බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේය.

මේ වන විටත් මෙරට ඖෂධ ලියාපදිංචියට ගත වන කාලය අඩුකර ඇතැයි ද ඉදිරියේ දී ඒ පිළිබද තවත් අවධානය යොමු කෙරෙන බව ද අමාත්‍යවරයා කීය. ඖෂධ සැපයීමේ මෙම වැඩපිළිවෙළි සදහා යුරෝපානු රටවල් 5 ක්, 6 ක් අපේක්ෂා කරන බවත් එයට අමතරව අනෙක් රටවල් ද අපේක්ෂා කෙරෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී (මෙහෙයුම්) ඕලෆ් මාකෝ (Olaf Malchow) යන මහත්වරුන් ද එක්ව සිටියහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *