• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ගැටළුවලට කඩිනමින් විසදුම් දෙන බව අධ්‍යාපන ඇමැති කියයි

9 September 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරි මාස කිහිපය ඇතුළත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මතුව පවත්නා තත්ත්වයට ස්ථාවර විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත්, ඒ අනුව ඊට අදාළ අණපනත්, විධිවිධාන සහ ඉදිරි ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමට තමා කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ පස්වරුවේ (08) ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ආශ්‍රිතව මේ වනවිට පවත්නා තත්ත්වය පිළිබඳ විමර්ශනයක් සිදුකිරිමට පත්කළ කමිටුවේ වාර්තාව කමිටු සාමාජිකයන් විසින් ලබා දුන් අවස්ථාවේදිය.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පරිපාලනය, අධ්‍යයන විෂය මාලා, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල ක්‍රියාකාරීත්වය, ආයතනික විනය සහ විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විෂයභාර අමාත්‍යවරයාගේ අවධානයට ලක් කළ යුතු කරුණු රැසක් මෙම කමිටු වාර්තාවේ ඇතුළත් කොට ඇත.

විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල බඳවා ගැනීම පත්කිරීම් ආදිය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති අක්‍රමිකතා සහ චෝදනා සම්බන්ධයෙන් සොයාබලා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමටත්, කමිටුව විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන ප්‍රකාරව ඉදිරියේ දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනත සංශෝධනයකර පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට අවශ්‍ය කටයුතු සැලසීමටත්, විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල විසින් කලින් කල සංශෝධනය කරන විෂයමාලාව විෂයභාර අමාත්‍යාංශයේ පුහුණු අධීක්ෂණය යටතට පත්කොට පනතේ අරමුණු ඉටු වන අයුරින් සංශෝධනය වී ඇත්දැයි සොයාබැලීමට සහ, අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියකින් පසුව එවැන්නක් ක්‍රියාත්මක කිරීමට අවකාශ ලබා දීම ඇතුළු ප්‍රමුඛ කරුණු රැසක් කමිටු වාර්තාවේ සඳහන් වෙයි.

කමිටුව විසින් පෙන්වාදී ඇති කරුණු ගැඹුරින් නිරීක්ෂණයට ලක් කරමින් ඉදිරි මාස කිහිපය ඇතුළත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මතුව පවත්නා තත්ත්වයට ස්ථාවර විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත්, ඒ අනුව ඊට අදාළ අණපනත්, විධිවිධාන සහ ඉදිරි ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමට තමා සූදානම් බවත් මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය.

මෙම කමිටුවේ සභාපති, රාජකීය පණ්ඩිත දර්ශනපති බලංගොඩ සෝභිත නායක හිමියන් ඇතුළු, කමිටු සමාජිකත්වය දරන සම්මානිත මහාචාර්ය කන්දෙගොඩ විමලධම්ම අනුනායක හිමි, විශ්‍රාමික මහාචාර්ය කුඹුල් ලේ සීලක්කන්ධ නාහිමි, විශ්‍රාමික මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසාර නාහිමි සහ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 1
Previous Post

ජනතා බදු මුදල් නාස්ති නොකර මාර්ග සංවර්ධනය කල යුතුයි – රාජ්‍ය ඇමැති ලාන්සා

Next Post

ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ගැන අවධානය

editor

editor

Next Post

ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ගැන අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved