• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එළැඹෙන ජනාධිපතිවරණය තෙක් රජයේ දේපල විකිණිමට අත්හිටුවිය යුතුයි – හිටපු ජනාධිපති මහින්ද

12 May 2024
in දේශීය, පුවත්
මෙම මැයි රැළිය තීරණාත්මක බව හිටපු ජනපති මහින්ද කියයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටුවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ එළැඹෙන ජනාධිපතිවරණය ජය ගන්නා පාර්ශවයට ඔවුන්ට ලැබෙන ජනවරම අනුව රජය සතු දේපළ හා ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කළ හැකි නමුත් වත්මන් අන්තර්කාලින ආණ්ඩුවට කඩිමුඩියේ රාජ්‍ය දේපල විකිණිමට ඉඩ නොදිය යුතු බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත නිකුත් කල සම්පුර්ණ නිවේදනය පහත පරිදි වේ.

2024 මැයි 12

මාධ්‍ය නිවේදනය

රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිණීම

රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගණිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පොදු මහජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇත. වත්මන් ආණ්ඩුවේ මෙම පියවරට පාදක වී ඇත්තේ පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා වන වියදම් අවම කිරීමට සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි සපුරාලීමට බව පෙනෙන්නට තිබේ. මම 2005 නොවැම්බරයේ සිට 2015 ජනවාරි දක්වා සම්පූර්ණ වසර නවයකට වැඩි කාලයක් රට පාලනය කළ සමයේ රජය සතු කිසිදු දේපලක් හෝ ව්‍යාපාරයක් විකුණුවේ නැත. ඒ වෙනුවට සිදුවූයේ කලින් ආණ්ඩු විසින් විකුණා තිබූ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිට්ල්ස් වැනි ආයතන කිහිපයක් මගේ රජය විසින් නැවත රජයට පවරා ගැනිමය. එම ආයතන අදටත් ලාභ ලබමින් රජයේ අයිතිය යටතේ පවතී.

රාජ්‍ය දේපල හා ව්‍යාපාර සම්බන්ධයෙන් මගේ රජයට තිබුනේ ප්‍රයෝගිකවාදී ප්‍රවේශයකි. යම් රාජ්‍ය ආයතනයක් ලාභ ලබනවා නම් සහ එමගින් මහජනතාවට හොඳ සේවාවක් ලබා දෙනවා නම් එය පෞද්ගලීකරණය කිරීමට කිසිදු හේතුවක් අපි නොදුටුවෙමු. ඇතැම් අවස්ථාවලදී, සමස්ත ආර්ථිකයේ උන්නතිය සඳහා නැතිනම් අඩු ආදායම්ලාභී කණ්ඩායම්වලට උපකාර කිරීම සඳහා රජය සතු ආයතන විසින් නිෂ්පාදනය කරන ඇතැම් භාණ්ඩ හා සේවා වල මිල පාලනය කිරිමට රජය උපායමාර්ගික තීරණ ගනු ලබයි. බලශක්ති ක්ෂේත්‍රය මෙයට හොද උදාහරණයකි. යම් නිශ්චිත ආර්ථික ක්‍රියාකාරකම් සඳහා උපාය මාර්ගික සහනාධාර නොදෙන රජයක් ලෝකයේ නැත.

මා ජනාධිපති ධූරයේ සිටි සමයේ, එවන් මිල පාලනයක් නිසා ඇතැම් රාජ්‍ය ආයතන පාඩු ලැබූවද, අපේ ආර්ථික කළමනාකරණය තුලින් වසර නවයක අඛණ්ඩ ආර්ථික වර්ධනයක් රටේ ඇති විය. ඒ කාලයේ අපේ ණය ගෙවීමට හෝ අපි පවත්වාගෙන ගිය සහනාධාර වල වියදම් පියවීමට අපට කිසිදු අසීරුතාවයක් නොතිබුණු අතර, මා ජනාධිපතිව සිටියදී කිසිවකු රජයේ දේපළ හා ව්‍යාපාර පුද්ගලීකරණය කිරීමක් ගැන කතා කළේවත් නැත. ඇතැම් සේවාවන් පෞද්ගලීකරණය කිරීමෙන් රටට දීර්ඝ කාලීන ප්‍රතිවිපාක ඇති විය හැකි බැවින්, විශේෂයෙන්ම විදේශීය පාර්ශව හවුල් වන අවස්ථා වලදී මේ සම්බන්ධයෙන් කටයුතු කල යුත්තේ ඉතා ප්‍රවේසමෙනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළියේදී යෝජනා වූ පරිදි , රජයට අයත් ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කිරීම සිදුවිය යුත්තේ, උපරිම පාරිදෘශ්‍ය භාවයකින් යුක්තව, ජාතික සැලැස්මකට අනුව, ජාතික ආරක්ෂාවට බාධාවක් නොවන පරිදි, සේවක පක්ෂයේ අදහස් ද සැලකිල්ලට ගනිමින් ය .

එසේ පවසන අතරතුරම , රාජ්‍ය අංශයේ ආයතනවල පෞද්ගලික අංශයේ සහභාගීත්වය සම්බන්ධයෙන් වෘත්තීය සමිති යම් නම්‍යශීලී ප්‍රවේශයක් ගත යුතු බවද අවධාරණය කිරීමට මම කැමැත්තෙමි. පෞද්ගලීකරණය සම්බන්ධයෙන් ඇති ශබ්ද කෝෂ නිර්වචනය අනුව යමින්, යම් රාජ්‍ය ආයතනයක හිමිකාර ව්‍යුහය තුළ හෝ පාලන ව්‍යුහය තුළ පුද්ගලික අංශයේ ඕනෑම මැදිහත්වීමක් පුද්ගලීකරණය කිරීමක් ලෙස නිර්වචනය කළ හැකිය. කෙසේ වෙතත්, රජය සතු ව්‍යාපාරයක් සඳහා විදේශීය හෝ පෞද්ගලික අංශයේ ආයෝජන ලබාගැනීමට ගන්නා සෑම උත්සාහයකටම වෘත්තීය සමිති විරුද්ධ නොවිය යුතුය. එවැනි කාරණා සම්බන්ධයෙන් ප්‍රායෝගික සහ මතවාදීමය නොවන ප්‍රවේශයක් අවශ්‍ය වේ.

ප්‍රයෝජනයට නොගත් රජයේ දේපලක් නැතිනම් නිරන්තරයෙන්ම පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාරයක් තිබේ නම්, එවැන්නක් ගොඩ දැමීම සඳහා පුද්ගලික අංශයේ හවුල්කාරීත්වයක් ලබා ගැනීම අර්ථවත් ක්‍රියාවකි. ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාරයකට නව අංගයක් එක් කිරීමට තවත් ආයෝජනයක් අවශ්‍ය නම් සහ එම වියදම දැරීමට රජයට නොහැකි නම්, අදාළ ආයෝජනය කිරීමට හැකියාවක් ඇති දේශීය හෝ විදේශීය ආයෝජකයෙකුට අදාළ ව්‍යාපාරයේ කොටස්වලින් යම් ප්‍රමාණයක් පවරා අවශ්‍ය ආයෝජනය කරවා ගැනීම සාධනීය පියවරකි. යම් ආයෝජකයෙකු මුල සිටම නව ව්‍යාපාරයක් ගොඩනැගීමට කැමති නම්, එම ව්‍යාපාරයේ හිමිකාරිත්වයෙන් යම් කොටසක් අදාළ ආයෝජකයාට පිරිනමා අලුත් රාජ්‍ය වත්කමක් බිහි කිරීමත් අර්ථවත් ක්‍රියාවකි.

ඇතැම් දේශපාලන පක්ෂ පෞද්ගලීකරණය සම්බන්ධයෙන් මතවාදීමය වශයෙන් කැපවී සිටින අතර පෞද්ගලීකරණය කළ හැකි සෑම දෙයක්ම විකුණා දැමීමට උත්සාහ කරයි. බොහෝ වෘත්තීය සමිති ද මේ සම්බන්ධයෙන් මතවාදීමය ප්‍රවේශයක් ගනු ලබන අතර, රජය සතු ව්‍යාපාර වල පෞද්ගලික අංශයේ සුලු මැදිහත්වීමකට වූවත් විරුද්ධ වෙති. මේ අන්ත දෙකම රටට අහිතකරය. රජයට අයත් ව්‍යාපාරයක පෞද්ගලික හෝ විදේශීය සහභාගිත්වය ලබා ගැනීම එක් එක් අවස්ථාව අනුව සලකා බැලීමටත්, එවන් හවුල්කාරීත්වයක් තුලින් රටට පොදුවේ ඇතිවන ප්‍රතිලාභය වෘත්තීය සමිති විසින් සලකා බැලිය යුතු බව මගේ අදහසයි. ජාතික වත්කම් සහ උපායමාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය අංශයේ ව්‍යාපාර ආරක්‍ෂා කළ හැකි එකම සාර්ථක ක්‍රමය වන්නේ පුද්ගලිකරණය සම්බන්ධයෙන් ප්‍රායෝගික සහ මතවාදීමය නොවන ප්‍රවේශයක් ගන්නා රජයක් බිහි කිරීමයි. මම වසර නවයකට වැඩි කාලයක් ජනාධිපති ධූරය දැරූ කාලයේ, ආර්ථිකය අඛණ්ඩව දියුණු වූ අතර, පෞද්ගලීකරණය ගැන සාකච්ඡාවක් වත් නොතිබුණු බව මම නැවතත් සිහිපත් කිරීමට කැමැත්තෙමි.

වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලින වැඩපිළිවෙළකි. මෙවන් අවස්ථාවක රාජ්‍ය දේපල කඩිමුඩියේ විකුණා දැමීමෙන් රටට වැඩදායක ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි බව පුද්ගලීකරණයට පක්ෂපාත පාර්ශව වලට පවා අවබෝධ විය යුතුය. එපමණක්ද නොව මීළඟ ජනාධිපතිවරණයට ඇත්තේ තව මාස කිහිපයක් පමණි. එබැවින් රජයේ දේපළ විකිණීමට එරෙහිව රට පුරා ඇතිවී තිබෙන නොසන්සුන්තාවයට විසඳුමක් ලෙස මා යෝජනා කර සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටුවිය යුතු බවයි. එවිට, ඊළඟ ජනාධිපතිවරණය ජය ගන්නා පාර්ශවයට ඔවුන්ට ලැබෙන ජනවරම අනුව රජය සතු දේපළ හා ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කළ හැක.

මහින්ද රාජපක්ෂ
නායක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Post Views: 31,836
Previous Post

ලෝකයම හොඳ කිව්වත් ජේ.ආර්.ජයවර්ධනටත් වැඩ කරන්න දුන්නේ නෑ – ඇමැති මනුෂ

Next Post

ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ගේ ආහාර සඳහා වැය වන්නේරුපියල් බිලියන 26ක් බව ඇමැති සුසිල් කියයි

editor ttvnews

editor ttvnews

Next Post
සියලු‍ විද්‍යාපීඨ පරිශ්‍රයන්හි වගා කළ හැකි ඉඩෙහි වැවිය යුතුයි – අධ්‍යාපන ඇමති සුසිල්

ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ගේ ආහාර සඳහා වැය වන්නේරුපියල් බිලියන 26ක් බව ඇමැති සුසිල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved