• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගුරු ගැටළුවට විසදුම මීලග අයවැයෙන් බව අධ්‍යාපන ඇමැති කියයි

9 August 2021
in දේශීය

ගුරුවරුන්ගේ ගැටලුව විසඳන්නට තිබෙන හොඳ ම සහ සුදුසු ම ක්‍රියාමාර්ගය ලෙස කැබිනට් මණ්ඩලයේ තීන්දුව වූයේ මාස 03කින් ඉදිරිපත් කිරීමට නියමිත අය-වැය යෝජනා මඟින් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා‍ මේ බැව් පැවසූයේ අද (09) දින බත්තරමුල්ල නෙළුම් මාවතේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා “ අවුරුදු 24ක් තිස්සේ ඇදී ආ ඓතිහාසික ගැටලුවක් වන ගුරුවරුන්ගේ වැටුප් විෂමතා පිළිබඳ ගැටලුව එසේ ම තිබිය දී රජයයන් ගණනාවක් රට පාලනය කරන ලදී. නමුත් ළමුන්ට උගන්වන්නේ නොමැති බැව් හෝ අධ්‍යයන කටයුතුවලින් ඉවත්වන බවක් කිසිම අවස්ථාවක ගුරුවරුන් විසින් මතු නොකරන ලදී. රට ම කොරෝනා අවධානමක තිබිය දී, රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවය ලෙස පවතිද්දී මෙසේ ඉතිහාසයේ කිසි ම දවසක නොකළ පරිදි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම යුක්ති සහගත ද යන ගැටලුව මතුවේ. හෘද සාක්ෂියට අනුව එය කොයිතරම් නම් සාධාරණ ක්‍රියාමාර්ගයක් දැ යි සිතිය යුතු නොවේ ද?

මේ පිළිබඳ රජය සංවේදී නොවේ යැ යි කිසිවකුට ත් පැවසීමට නොහැකි ය. ගැටලුව යට ගැසීමට හෝ අමතක කිරීමට රජය කටයුතු කරනවා යැ යි පැවසීමට ද කිසිවකුට කිව නොහැකි ය. මේ පිළිබඳ සාකච්ඡා කරන්නට වෘත්තීය සමිති නියෝජිතයන් කීප වතාවක් ම මුණගැසුණි. මා සමඟ කැබිනට් ඇමතිවරු ද ඒ සඳහා එක් වූහ. එමෙන් ම එම සාමාජිකයින් සමඟ ගරු අග්‍රාමාත්‍යතුමා, කැබිනට් අමාත්‍යවරු 07ක් සමඟ සාකච්ඡාවක් ද පැවැත්විණි. මේ ගැටලුවේ දී වැටුප් හා සංඛ්‍යාලේඛන කොමිෂන් සභාව සමඟ අනිවාර්යයෙන් ම සාකච්ඡා කළ යුතු ය. ඒ අයගේ අදහස් සහ නිර්දේශ ද ලබා ගත යුතු ය. කැබිනට් මණ්ඩලය මේ පිළිබඳ දෙවතාවක් ම සාකච්ඡාවට බඳුන් කරන ලදී. ඊළඟ අය-වැයට තවත් අවුරුදු දෙක තුනක කාලයක් නැත. තිබෙන්නේ මාස 03ක පමණ කාලයකි. නමුත් ඔවුන්ගේ දැඩි ඉල්ලීම අද ම ගැටලුව විසඳන ලෙස ය. දේශපාලන අරමුණකින් තොර අති බහුතර ගුරවරුන්ට මා යොමු කරන පැනය වන්නේ එවැන්නක් ඉල්ලීම මේ අවස්ථාවේ කොයිතරම් යුක්ති සහගත ද යන්න ය. අපි ඉතාමත් සතුටට පත්වන්නේ උද්ඝෝෂණ, රථ පෙළපාලි වැනි දේ ඇතැම් අය විසින් නැවැත්වීම සම්බන්ධයෙනි. එවන් දේ පැවැත්වීම තුළින් රටේ සමස්ත ජනතාවගේ ජීවිත තර්ජනයකට ලක්වෙන බව ත් කෝවිඩ් ව්‍යාප්තිය වැඩි වැඩියෙන් සිදුවන බව ද පැහැදිලි ය.

අගෝස්ගු මස අවසානට පෙර සියලු ම ගුරුවරුන්ට හා අනධ්‍යයන කාර්යමණ්ඩලවලට දෙවන මාත්‍රාව ලබාදීමට අප සැලසුම් කොට තිබේ. ඉන් අනතුරු ව පියවරෙන් පියවර සෞඛ්‍ය මා‍ර්ගෝපදේශවලට යටත් ව යම් ක්‍රමවේදයක් යටතේ පාසල් විවෘත කිරීම අපගේ අභිලාශය විය. නමුත් පවතින තත්ත්වය සමඟ එය අවිනිශ්චිත ය. එවන් තත්ත්වයක් තුළ මාර්ගගත අධ්‍යාපනය ශක්තිමත් කිරීම මඟින් දරුවන්ට අධ්‍යාපනය ලබාදීම ඉතා අවශ්‍ය ය. එයින් ද ඉවත් වීමට ගුරුවරුන් කටයුතු කරනවා නම් ඉන් අසාධාරණයට ලක්වන්නේ සහ පීඩනයට ලක්වන්නේ පහසුකම් පවා හරිහැටි නොමැති දරුවන්ට ය. එබැවින් එහි සමාජ සාධාරණත්වය පිළිබඳ නැවත සිතිය යුතු නොවේ ද?

මේ වනවිටත් අවසන්කොට තිබෙන 2020 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙහි ප්‍රතිඵල ලබාදීමට නොහැකි වී තිබීම නිසා දරුවන් අපහසුතාවට පත්වී තිබේ. එම විභාගයට පෙනී සිටි 622000කින් 169000ක් ම සෞන්දර්යය විෂයයන් හැදෑරූ අය වෙති. එහි ප්‍රායෝගික පරීක්ෂණ කෝවිඩි වසංගතය නිසා පැවැත්වීමට නොහැකිව තිබුණි. මේ වනවිට එම පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලස්වා තිබියදී එයින් ද ඉවත්වීමට තීරණය කොට තිබෙන බැව් වෘත්තීය සමිති පවසා තිබේ. එයින් 2020දී සාමාන්‍ය පෙළ ලියූ සමස්ත 622000ක් දරුවන්ගේ ම ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වේ. එවැනි දෙයක් සාධාරණීකරණය කරන්නට හැකි ද?

අද උදෑසන වනවිට ගුරුවරුන් හා අනධ්‍යයන කාර්යමණ්ඩලවලින් 87%ක ප්‍රතිශතයකට එන්නත් පළමු මාත්‍රාව ලබා දී අවසන් ය. එනම් 254000ක් එන්නත් ලබාගෙන තිබේ. එසේ ලබාගෙන නොමැති අය සිටිනවා නම් එන්නත ලබාගන්නා ලෙස ද ඉල්ලා සිටිමු. එමෙන් ම අවුරුදු 18-30ත් අතර තරුණ තරුණියන්ට ද එන්නත සති 02ක් ඇතුළත ලබාදීමට කටයුතු සම්පාදනය කරමින් පවතී. යනුවෙන් ද පැවසී ය.

Post Views: 24
Previous Post

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනයට චීනය සහාය ලබා දෙනවා -චීන තානාපති

Next Post

අදටත් මං පාරේදී ගුරුවරුන්ට වදිනවා – ඇමැති සරත් විරසේකර

editor

editor

Next Post

අදටත් මං පාරේදී ගුරුවරුන්ට වදිනවා - ඇමැති සරත් විරසේකර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved