27 April 2024
#දේශීය

අදටත් මං පාරේදී ගුරුවරුන්ට වදිනවා – ඇමැති සරත් විරසේකර

ගුරුවරු කියන්නේ අදටත් පාරෙ දැක්කත් තමා දෙපා නැමද නමස්කාරය කරන බව මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභා අරමුදලෙන් මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කරනු ලැබූ අපරික්ෂාකාරී රියදුරන් හඳුනා ගැනීම වෙනුවෙන් අවශ්‍ය කට්ටල මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 10ක මුදලක් පිරිනැමීමේ උත්සවයේදීය.

මෙහිදී වැඩිදුරටත් ඒ මහතා පැවසූවේ ආර්ථික වශයෙන් අද අපි ආර්ථික ගැටළුවකට මුහුණපාලා තිබෙන බවයි. විදේශික සංචාරකයෝ එන එක සම්පූර්ණයෙන්ම නැවතිලා තිබෙන අතරම විදේශ වල සේවය කළ බොහෝ පිරිසකට රැකියා අහිමි වෙලා ලංකාවට පැමණ ඇති බව හෙතෙම පැවසිය.

සෞඛ්‍ය අංශයට නොසිතු ලෙස නොසිතුලෙස මුදලක් වැය කිරීමට සිදු ව ඇති අතර ඉල්ලීම් සාධාරණ වුණත් අසාධාරණ වුණත් ජනරාශීන් උද්ඝෝෂණ රැලි සාධාරණය කිරීමට නොහැකි බව අමාත්‍යවරයා පැවසිය. එසේම මේ වෙලාවේ රෝග ව්‍යාප්තිය නැවැත්වීම සඳහා අපි කටයුතු කළ යුතු බව සරත් වීරසේකර අමාත්‍යවරයා විසින් පැවසීය .

මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍ය ගාමීණී ලොකුගේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් ප්‍රවාහන අමාතංශයේ ලේකම් එන්.බී.එම්.රණතුංග මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ඇන්ටන් ද මෙන්ස් සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය ප්‍රියංගි අමරබන්දු යන මහත්ම මහත්මීන් සහභාගී විය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *