27 April 2024
#ක්‍රීඩා

Asia Cup 2022 ක්‍රිකට් තරගාවලියේ අවසන් වරයට ශ්‍රී ලංකා කණ්ඩායමත්

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය ඊයේ පස්වරුවේ ඩුබායිහිදී පැවැත්විය.

සුපිරි සිව්දෙනාගේ වටයේ දෙවැනි ජයග්‍රහණය ද හිමිකර ගත්තේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති එම තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ කඩුලු 6කිනි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසියේ ය.

ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8 කට ලකුනු 173 ක් ලබා ගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රිඩා කල ශ්‍රී ලංකා පිල 174 ක් ලබා ගෙන කඩුලු 4 දැවි තරඟයේ ජයග්‍රහණය හිමි කර ගත්තේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *