27 April 2024
#දේශීය

පාසල් ගුරුවරයාට පහර දුන් සිසුන් දැඩි ඇප කොන්දේසි මත මුදාහැරේ

පුත්තලම මුස්ලිම් විද්‍යාලයක ක්‍රිඩා හා විනය භාර ගුරුවරයාට පහර දුන් සිසුන් පිරිස දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට පුත්තලම ගරු මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කර ඇත.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ පසුගිය 23 වනදා වන අතර පහර දීමට අදාල සිසුන් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර පහර දීමට අදාළ අනෙක් සිසුන් 17 දෙනෙකු අද දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව පහර දීමට අදාළ එක් අයෙකුට ලක්ෂ 05 බැගින් වු ශරීර ඇපයක් හා සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී එළැඹෙන ඉරුදින සිට සෑම ඉරුදිනකම පුත්තලම පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙසත්, කුමන හේතුවක් මත හෝ පැමිණිලි පාර්ශවයට බලපෑම් කිරීම සම්බන්ධව වාර්තා වුවහොත් ඇප අවලංගු කර නඩු කටයුතු අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට යන කොන්දේසි මත සිසුන් මුදා හැර ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

එසේම එම නඩුව ජුනි මස 22 වන දින නැවත යළි කැඳවිමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *