• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මෙරට පොදු ප්‍රවාහනයට ඉන්දියාවෙන් ලැබෙන සහාය ප්‍රශංසනීයයි – ඇමැති බන්දුල

9 January 2023
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

“නිදහසින් පසු අපේ රට මුහුණ දී ඇති දැවැන්තම අර්බුදකාරි තත්වය යටතේ දී වුවත්, මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය නඟාසිටුවීමට ඉන්දීය රජයෙන් ලැබෙන සහයෝගය ඉතාමත් ප්‍රශංසනීයයි.”යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්ත දක්වා කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් මැදවච්චිය දුම්රිය ස්ථාන පරිශ්‍රයේ පැවති සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගයේ සිදු කරන මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ, ඉන්දීය IRCON සමාගම මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ උදෙසා සිදුකෙරෙන ආයෝජනයෙහි වටිනාකම ඇ. ඩොලර් මිලියන 91.27කි. මෙහි අනුරාධපුර සිට වව්නියාව දක්වා කි. මී.48ක කොටසක් ප්‍රතිසංස්කරණය කෙරෙන අතර මීළඟ අදියර ලෙස වව්නියාව සිට ඕමන්ත දක්වා කි. මී.13ක කොටසක් ප්‍රතිසංස්කරණය කෙරේ.

ව්‍යාපෘති අවසන් කිරීමෙන් අනතුරුව පැයට කිලෝ මීටර් 100ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි වන අතර, කොළඹ සිට යාපනය කන්කසන්තුරේ දක්වා දැනට දුම්රිය මගින් ගමන් කිරීමට ගතවන කාලය පැයකින් අවම කරගත හැකිවේ. ඊට අමතරව නඩත්තුව අඩුවීම සහ අවම වීම, සුඛෝපභෝගී ධාවනයක් සිදු කළ හැකි වීම, සුවපහසු සුරක්ෂිත ආරක්ෂාකාරී ගමනාන්තයක් මගීන්ට ලබාගත හැකිවීම, බුඔය නමින් නව දුම්රිය ස්ථානයක් දුම්රිය පද්ධතියට එකතුවීම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමිවේ.

සමාරම්භක උත්සවය අමතමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා,” නිදහසින් පසු අපේ රට මුහුණ දී ඇති දැවැන්තම අර්බුදකාරි තත්වය යටතේ දී වුවත්, මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය නඟාසිටුවීමට ඉන්දීය රජයෙන් අපට ලැබෙන සහයෝගය ඉතාමත් ප්‍රශංසනීයයි. 2023 වසරේ ශ්‍රී ලංකාවේ ආරම්භ කෙරෙන ප්‍රථම දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ආරම්භ කිරීමට ලැබීම සුවිශේෂී අවස්ථාවක්. රට තුල නව ව්‍යාපෘති ආරම්භ කිරීමට කිසිදු හැකියාවක් නොමැති වටපිටාවක් වුවත් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ උතුරු දුම්රිය මාර්ගයේ පවතින ගැටලු රැසක් නිරාකරණය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය මඟින් විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. පසුගිය කාලය පුරා මුහුණ දුන් යුද ගැටුම් හමුවේ මෙම දුම්රිය මාර්ගය ද දැඩි ලෙස හානියට පත්ව තිබුණා. යුද තත්වය අවසන් වීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ කන්කසන්තුරේ දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා. නමුත් මහව සිට ඕමන්ත දක්වා වන මෙම දුම්රිය මාර්ග කොටස දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොවූ මාර්ගයක්. එම අඩුව සම්පූර්ණ කිරීම සඳහා මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය මේ ආකාරයෙන් ආරම්භ කරනු ලබනවා. ඒ වෙනුවෙන් පසුගිය පස්වැනිදා සිට දුම්රිය මාර්ගය වසා තබා තිබෙන නමුත් මාස 5 ක් තුල එහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට ඉදිකිරීම් භාර සමාගමසැලසුම් කොට තිබෙනවා. එම කාලය තුළ ජනතාවගේ ප්‍රවාහන කටයුතු අවහිරයකින් තොරව සිදු කිරීමට ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධව විශේෂ ප්‍රවාහන සේවාවක් සැපයීමට අපගේ අමාත්‍යාංශය සහ අදාල ආයතන මේ වන විටත් සියළු කටයුතු සූදානම් කොට තිබෙනවා. ඒ අනුව ඉතාමත් සුවිශේෂී මෙම ව්‍යාපෘතිය කටයුතු අවසන් කිරීම දක්වාම කිසිදු පක්ෂ පාට ජාති ආගම් භේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකික ජනතාවගේ සහයෝගය හිමිවනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. එසේම මෙම ව්‍යාපෘතිය මඟින් රටට නව ආදර්ශයක් ලබා දෙමින් මෙම දුම්රිය මාර්ගයෙන් ඉවත් කරනු ලබන සෑම සිල්පර කොටසක්ම, පිල්ලක් ම, ආදි සෑම කොටසක්ම නිශ්චිත ආකාරයකින් ගණන් තැබීමකින් අනතුරුව විනිවිද පෙනෙන ආකාරයෙන් මුදල් බවට පත් කිරීමේ වගකීම දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට හිමි වනවා. එසේම නැවත පරිහරණය කළ හැකි සෑම කොටසක්ම නැවත පරිහරණය කිරීම සඳහා යොදා ගැනීමට අප බලාපොරොත්තු වනවා.යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මැතිතුමා ඇතුළු ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්,අමාත්‍ය ඩග්ලස් දේවානන්ද,රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත් ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්, දුම්රිය සාමාන්‍යාධිකාරිතුමා ඇතුළු නිලධාරීන් සහ ප්‍රදේශවාසින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 0
Previous Post

ඒ.බී.සී හර්බල්ස් නිෂ්පාදන ආයතනයේ 6 වැනි සංවත්සර සැමරුම අනුරාධපුරේදි

Next Post

අභිජනනය කරන ලද බිත්තර Hatching Eggs ලක්ෂ දෙකක් ආනයනය කිරීමේ තීරණයක්

editor

editor

Next Post

අභිජනනය කරන ලද බිත්තර Hatching Eggs ලක්ෂ දෙකක් ආනයනය කිරීමේ තීරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved