සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට බලපාන බදු ගැටලුවලට හැකි පළමු අවස්ථාවේ ම විසඳුම් ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි.
මෙහිදී වාණිජ මණ්ඩල නියෝජිතයන් විසින් බදු සංශෝධන හේතුවෙන් ව්‍යවසායකයන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරන ලදී. එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරිණි.
මෙහි දී දේශීය ආදායම් පනතට සිදු කළ යුතු සංශෝධන මොනවා ද සලකා බැලිය යුතු බවත් ව්‍යාපාරවල පැවැත්මට හානිදායක විය හැකි බදු පිළිබඳ ක්ෂණික සහ මැද කාලීන වෙනස්කම් සිදු කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.
කෙසේ වෙතත් උද්ධමනය යම් අඩු වීමකට ලක් වෙමින් ආර්ථිකය යම් බලාපොරොත්තු සහගත තත්ත්වයකට පත් වෙමින් ඇති මේ අවස්ථාවේ ඉදිරි මාස කිහිපය දෙස විමසා බැලීම වඩාත් සුදුසු බව හෙතෙම කියා සිටියේය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යනු වඩාත් ආර්ථිකයේ ප්‍රභලතම දායකයන් බව කියා සිටි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඔවුන් රැක ගැනීම වෙනුවෙන් හැකි සෑම අවස්ථාවක ම කටයුතු කිරීමට රජයේ අපේක්ෂාව බවයි.
මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී.ආර්.එස්. හපුආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.