26 July 2024
#දේශීය

බස්නාහිර හැර තෙවන පාසල් වාරය ලබන 23 වනදා ආරම්භ වේ – අධ්‍යාපන අමාත්‍ය ජී.එල්

බස්නාහිර පළාත සහ හු‍දෙකලා කර ඇති පොලිස් බල ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් මේ මස 23 වන සඳුදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. එහිදී ආමාත්‍යවරයා කියා සිටියේ 23 වනදා පාසැල් ආරම්භ කෙරෙන්නේ 6 සිට 13 ශ්‍රේණි දක්වා පමණක් බවයි. එය සෞඛ්‍ය නීතී රීතිවලට යටත්ව සිදු කරන බව හෙතෙම පැවසිය.

දැනට පවතින තත්ත්වය තුළ බස්නාහිර පලාත සහ හුදෙකලා කර ඇති පොලිස් බල ප්‍ර දේශ වල පාසල් ආරම්භ නොකිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *