• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑමවිටම ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරනවා – සහකාර මහ ලේකම්

26 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑමවිටම ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන බව එහි දේශපාලන කටයුතු, සාමය ගොඩනැගීම සහ සාම මෙහෙයුම් පිළිබඳ සහකාර මහ ලේකම් කලීඩ් කියාරි (Khaled Khiari) මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේ දීය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමීව ජනාධිපතිතුමා සහ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා අතර පැවති ද්විපාර්ශ්වික හමුවේ ප්‍රතිඵලයක් ලෙස කලීඩ් කියාරි මහතා මෙරටට පැමිණ සිටි. ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාගේ සුබපැතුම් ජනාධිපතිවරයා වෙත පළ කළ කලීඩ් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ ඇල්මකින් දිගුකාලීනව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව පැවසීය.

ජනාධිපතිවරයා පරිසරය කෙරෙහි දක්වන ඇල්ම හා උනන්දුව පිළිබඳ සතුට පළ කළ සහකාර මහ ලේකම්වරයා සහශ්‍ර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී ශ්‍රී ලංකාවේ කැපවීම අගය කළේය.

නාවික හමුදාවේ දායකත්වයෙන් කඩොලාන පැළ ලක්ෂයක් රෝපණයට හා පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළ මගින් දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට කටයුතු යොදමින් සිටින බව ජනාධිපතිවරයා පැහැදිලි කරනු ලැබීය.

කොවිඩ් – 19 වසංගතය හමුවේ එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමටත්, අනිකුත් අභියෝගවලට මුහුණ දීමටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා කොවැක්ස් පහසුකම හරහා මෙරටට ලබා දුන් සහාය පිළිබඳ ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කළේය.

2009 වසරේදී යුද්ධය අවසන් කිරීමෙන් පසු උතුරු නැගෙනහිර පළාත්වල රජය සිදුකළ සංවර්ධන වැඩපිළිවෙළ මගින් එම ප්‍රදේශවල සීග්‍ර දියුණුවක් සිදුව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවට පැමිණි සියලු ජාතීන් සමග වැඩ කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ අවස්ථාවේ තමා ඩයස්පෝරාවට කළ ආරාධනාව ජනාධිපතිවරයා සිහිපත් කළේය. ඒ පිළිබඳ සුබවාදීව ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.

ජාතීන් අතර සමගිය සහ සබඳතා පිළිබඳ දෙපාර්ශ්වයම අදහස් හුවමාරු කර ගැනිණ. සියලුම ජාතීන්ට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් ශ්‍රී ලංකාව තුළ තිබේ. අධිකරණ අමාත්‍යවරයා මුස්ලිම් ජාතිකයෙකු බවත්, නීතිපතිවරයා දෙමළ ජාතිකයෙකු බවත් වෙනත් විශේෂ තනතුරු දරණ බොහෝ දෙනෙකු අනෙකුත් ජාතීන් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජාතීන් අතර සමගිය ගොඩනැගීමේදී රජය විශාල වැඩ කොටසක් සිදු කරන බැවින් ඒ කෙරෙහි කිසිඳු සැකයක් තබා නොගත යුතු බව රාජපක්ෂ මහතා පැවසීය.

ජාතීන් අතර සමගියට අධ්‍යාපනය මූලික වන බව දෙපාර්ශ්වයේම අදහස විය.

දකුණු අප්‍රිකාව වර්ගවාදය තුරන්කොට ඉදිරියට යෑමට අනුගමනය කළ ක්‍රියාදාමය අධ්‍යයනය කොට ඒ පිළිබඳ උගත හැකි පාඩම් තුළින් සිදු කළ හැකි දේ පිළිබඳ සොයා බලන බවත්, ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්- හම්ඩි (Hanaa Singer – Hamdy), එක්සත් ජාතීන්ගේ සාම සාධක දෙපාර්තමේන්තුවේ දේශපාලන සහ සාම සාධක කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ දේශපාලන නිලධාරී චියාකි ඕටා (Chiaki Ota), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 8
Previous Post

DFCC බැංකුව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩාත්ම හිතකර රැකියා ස්ථාන 10 අතරට එක්වෙයි

Next Post

මාතලේ කොරෝනා රෝගින් මෙන්ම මරණ ද ඉහළට

editor

editor

Next Post

මාතලේ කොරෝනා රෝගින් මෙන්ම මරණ ද ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved