මෙම වසර අවසානයට පෙර තම අධිකාරිය සතු ඇති මහල් නිවාස වල පදිංචිවූවන්ගෙන් සියයට 50ක පිරිසකට හිමිකම් ඔප්පු ලබා දෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.
නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල මේ වනවිට පුද්ගලයන් 14,542 දෙනෙකු පදිංචිව සිටී. ඒ අනුව පළමු අදියර යටතේ ඉන් සියයට 50ක පිරිසකට හිමිකම් ඔප්පු ලබා දේ. අනෙක් මහල් නිවාසවල මතුව ඇතු නෛතික හා අනෙකුත් ගැටළු නිරාකරණය කර ගැනීමට යම් කාලයක් ගත වන බවද නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.