27 April 2024
#පුවත් #සංවර්ධන

2023 තල් රා අපනයනයෙන් ඩොලර් 102,422 ආදායමක් – තල් සංවර්ධන මණ්ඩලය

2023 වර්ෂයේ මෙරට නිෂ්පාදිත තල් රා අපනයනය මගින් ඩොලර් 102,422ක මුදලක් ලැබී ඇති බව තල් සංවර්ධන මණ්ඩලය පවසයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැති අතර එහි දී මෙම කරුණු අනාවරණය විය.

ඒ අනුව රුපියල් මිලියන 32.2ක මුදලක් තල් රා අපනයනය කිරීම මගින් ඉපයීමට හැකි ව තිබෙන අතර මෙරට තල් රා සඳහා වැඩිම ඉල්ලුමක් කැනඩාව හා ප්‍රංශය යන රටවල්වලින් ලැබී තිබේ. මීට අමතරව තවත් රටවල් ගණනාවකින් මෙරට තල් රා සඳහා ඇණවුම් ලැබී ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.

Sri Lanka Palmyra වෙළෙද සළකුණ යටතේ අපනයනය කරන තල් රා සඳහා ඩුබායි වෙළෙද පළෙන් ද ඉහළ ඉල්ලුමක් ලැබී තිබේ.

මෙම කර්මාන්තය තව දුරටත් පුළුල් කළ හැකි අතර රටට අවශ්‍ය විදේශ විනිමය ලබා දිය හැකි තවත් කෘෂිකාර්මික ව්‍යාපෘතියක් ලෙස තල් ආශ්‍රිත නිෂ්පාදන විදේශ වෙළෙඳපළ තුළ ප්‍රචලිත කිරීම සඳහා විදිමත් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් දුන්නේය.

මේ අතර තල් ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන අපනයනයෙන් ද 2023 වර්ෂයේ ඉහළ ආදායමක් ඉපයීමට හැකි වී තිබේ.

ඒ අතර Palmyra pulp අපනයනයෙන් රුපියල් මිලියන 03ක්, Odial flour අපනයනයෙන් රුපියල් මිලියන 2.9ක්, Pulukodial Flour අපනයනයෙන් රුපියල් ලක්ෂ 08ක්, තල් සූකිරි අලෙවියෙන් රුපියල් මිලියන 2.6ක්, තල් හකුරු අපනයනයෙන් රුපියල් මිලියන 2.6ක් ද වශයෙන් ඉපයීමට සමත්ව ඇත.

තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රවර්ධන කටයුතු වැඩි කිරීම සඳහා මෙවර අයවැය ලේඛනය මගින් රුපියල් 30ක මුදලක් රජය විසින් ලබා දී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *