• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට ගොඩනගන වැඩේට දේශපාලඥයන් ලෙස අපගේ දැක්ම විය යුතුයි – රාජ්‍ය අමාත්‍ය රෝහණ

26 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට ගොඩනගන වැඩේට” දේශපාලඥයන් ලෙස අපගේ දැක්ම විය යුතු බවත් සැබෑ බෞද්ධකම යනු බුදු දහමේ දාර්ශනික හරය නිසි ලෙස වටහා ගෙන ඊට අනුරූපව තම ජීවන රටාවන් සකසා ගැනීමේ අවශ්‍යතාවය එදාට වඩා අදට වඩාත් අදාලවන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 23 වනදා මාතලේ රජ්ජම්මන ශ්‍රී සම්බුද්ධ රාජ රාමවිහාරස්ථානයේදී සත් බුදු මහ සෑ චෛත්‍ය රාජයන් සඳහා මුල්ගල තැබීමේ උත්සවයේ පැවති ජන හමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පල කළ රාජ්‍ය අමාත්‍යවරයා ” බොහෝ පිරිස් බුදු දහම සංවර්ධනය, ප්‍රවර්ධනය පිළිබද දේවල් කියනවා. අද වන විට මුළු විශ්වයේම ගෞරවාදරයට පත්වී තිබෙන දාර්ශනිකම දහමක් ලෙස සවිඥානිකව බුද්ධිමත් ලෝවැසියන් පිළිගන්නා බුදුදහම මතු පරම්පාරවක් සඳහා මනාව ප්‍රචාරය කොට, සංවර්ධනය කොට තිබෙන බවත්, එම සුරක්ෂිත දහමින් අපගේ ජීවිත මනා ලෙස හැඩ ගස්සවා ගැනීම පමණක් අප කල යුත්තේ,මේ දහම අපි ප්‍රායෝගික ක්‍රියාවටනංවා ගත යුතු යැයිද දිසානායක මහතා පවසයි. කාලයෙන් කාලයට ව්‍යාජ චීවර ධාරීන්ගේ දුශ්ශීල ක්‍රියා සමාජ ගත වෙනවා. ඒවා සමාජ ජාල හරහා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. සමහරක් පදනම් විරහිත ක්‍රියා, මේ සමාජ ජාලා ක්‍රියාකාරකම් ඉහලට දමා ආර්ථික ඉලක්ක දිනාගන්නටත් කරන වැඩ ලෙස සමහර ඒවා හදුනාගෙන තිබෙනවා. බුදු සමයේදී දේවදත්තලා, චිංචිමානවිකාවන් හිටියනම් දැන් මේ විපරීත කාලයේ මොන කතාද? නැවත නැවතත් අපි බුදු දහමේ හර පද්ධතිය වැඩි වැඩියෙන් අවධානය යොමු කිරීමයි කල යුත්තේ. එසේම රට ගැන කතා කරොත් රට ණය උගුලක වැටිල තියෙන්නෙ කියලා ඇහෙනවා. සේරම චෝදනා පාර්ලිමේන්තුවේ 225 දිහාවටමයි, එල්ල කරන්නේ. ඒත් සීරුවෙන් බලන්න ඕනෑ රටේ රාජ්‍ය නිලධාරීනුත් තරමක් හෝ මේකට වගකියන්න ඕනෑ. තෝරාගත් රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම 2023 වසරේ සම්පූර්ණ කිරීමට රජය අපේක්ෂා කරනවා. එයින් නොපියවූ ණය අඩු කිරීම මෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ විකල්ප ඇගයීමේ ක්‍රියාවලියකට රජය නිරතව සිටිනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය තුලින් 2023 වසර වනවිට නොපියවූ රාජ්‍ය ණය දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයන් ලෙස 95%කට වඩා පහල මට්ටමකට අඩු කිරීමට අපේක්ෂා කරනවා. මේ තමා ඇත්ත. මේ ව්‍යවසන අවධිය උපාය මාර්ගිකව දිනා ගන්නටම වෙනවා. ඒ නිසා පක්ෂ දේශපාලනය මදකට පැත්තකින් තියලා “රට ගොඩනගන වැඩේට” දේශපාලඥයන් ලෙස අපගේ දැක්ම විය යුතුයි. අපි ඇත්ත තිත්ත වුවත් මුහුණදිය යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට මාතලේ, ආදාවල, රජ්ජම්මන ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථ විහාරාධිකාරී විචිත්‍ර ධර්ම කථික මකුලේමඩ චන්ද විමල හිමි, මධ්‍යම උදා ලංකා පිරිවෙන් කෘත්‍යාධිකාරී රාමඥ්ඥ නිකායේ සංඝ ලේඛකාධිකාරී නාරංගමුවේ සමිත හිමි, ප්‍රමුඛ මහා සංඝරත්නය, පා.ම. නාලක කෝට්ටේගොඩ මහතා, හිටපු රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ මහතා, මාතලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කපිල බංඩාර හේන්දෙනිය මහතා, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන ශාන්ත ධර්මසිරි, පී.ජී. කරුණාරත්න යන මහත්වරුන් සහ සැදැහැවතුන් රැසක් සහභාගී විය.

Post Views: 2
Previous Post

ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක් අනිවාර්යයි – මන්ත්‍රී ඉරාන්

Next Post

හොරා කන හැටියට රට 2048 හැදෙයි කියල හිතන්න බැහැ. – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

හොරා කන හැටියට රට 2048 හැදෙයි කියල හිතන්න බැහැ. - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved