27 April 2024
#දේශීය

හොරා කන හැටියට රට 2048 හැදෙයි කියල හිතන්න බැහැ. – විපක්ෂ නායක සජිත්

ඩ්‍රයිවින් ලයිසන් එකවත් රට තුල මුද්‍රණය කර ගත නොහැකි රට 2048 දී දියුණු වෙතැයි උපකල්පනය කළ නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායක මේ බව කියා සිටියේ අද (26) නාරංදෙණිය ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ චෛත්‍යරාජයානන් වහන්සේගේ හතරැස් කොටුවේ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ හා කොත නිරාවරණය කිරීමේ අවස්ථාවටත් කුල දරුවන් සසුන්ගත කිරීමේ මහා පිංකමටත් එක් වූ අවස්ථාවේ දීය.

එහිදී විපක්ෂනායකවරයා පැවසුවේ ගජමිතුරන්ට ඩ්‍රයිවින් ලයිසන් මුද්‍රණය ලබා දීම තවත් වෙලාවක හමුදාව ලවා මුද්‍රණය කරවීම වැනි දේවල් සිදුකරන බවත් ඩ්‍රයිවින් ලයිසන් මුද්‍රණය කිරීමේදීත් මගඩියක් වංචාවක් දුෂණයක් ක්‍රියාත්මක වන බවත් මේ තුළින් හොරු කෝටි ගණන් මුදල් හොයන අතරතුරු ලක්ෂ 220ක් වූ ජනතාවට අනතුරේ බවත් ඔවුන්ට බොන්න බෙහෙත්, කන්න කෑම, බොන්න ජලයවත් නොමැති වී ඇති බවයි.

රටක් ලෙස ලෝකයේ දියුණුවන රටවල් හා සංසන්දනය කරන කොට අපේ රට පිටුපසින් සිටින බවත් මේ තත්ත්වයෙන් මිදීමට නම් සීඝ්‍රගාමී මානව, භෞතික හා ජාතික සංවර්දන වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කළ යුතු බවත් එය ආගමික සංවර්ධනයත් සමඟ සමගාමීව සිදුවන විට ලොව දිනන ජාත්‍යන්තර ශ්‍රම වෙළෙදපොලේ ඉල්ලුමට සැපයුම දිය හැකි උගත්, බුද්ධිමත්, කුසලතාවයෙන් දක්ෂතාවයෙන් හෙබි ජවසම්පන්න තාරුණ්‍යයක් යොවුන් පරපුරක් පුරවැසි පරපුරක් ආගමික සිද්ධස්ථානය කේන්ද්‍ර කර ගෙන නිර්මානය කිරීම සමගි ජන බලවේගය ප්‍රමුඛ තමාගේ අරමුණ බව විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *