• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අරුවක්කාලු කසල ව්‍යාපෘතියේ වැඩ මාර්තු මස වනවිට අවසන් කරනවා – අමාත්‍ය ප්‍රසන්න

24 January 2024
in පුවත්, සංවර්ධන
අරුවක්කාලු කසල ව්‍යාපෘතියේ වැඩ මාර්තු මස වනවිට අවසන් කරනවා – අමාත්‍ය ප්‍රසන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අරුවක්කාලු කසල ව්‍යාපෘතිය වැඩ කටයුතු මාර්තු මස වනවිට අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අරුවක්කාලු කසළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු සාකච්ඡා කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේදී ඊයේ (23) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේ ආයෝජකයින් සමඟ කටයුතු කිරීමේදී ඇතිවන ගැටළුවලට නිත්‍යානූකූල ක්‍රියාමාර්ග ගෙන කඩිනමින් ඔවුන්ට විසදුම් ලබා දෙන ලෙසයි.

එවැනි ප්‍රමාදයන් නිසා හා ඇතැම් රාජ්‍ය නිලධාරින් කරන වැරැදි නිසා ආයෝජකයින් මෙරටට නැවත නොපැමිණිය හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

චීන සමාගමක් වන චයිනා හාබර් ඉංජිනේරු සමාගම සහ සවුත්වෙස්ට් මියුනිසිපල් ඉංජිනියරිං ඇන්ඩ් රිසර්ච් ඉන්ස්ටිටියුට් ඔප් චයිනා සමාගම විසින් අරුවක්කාලු කසල අංගනයේ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ විදෙස් ආයෝජකයින් සමඟ කටයුතු කිරීමේදී මතුවන ගැටළුවලට විසඳුම් ලබා දීමේ ප්‍රමාදයක් ඇතිවුවහොත් එය එම රටවල් අතර රාජ්‍ය තාත්ත්‍රික මට්ටමින්ද බලපෑම් එල්ල වන බවයි.

මෙම ව්‍යාපෘතිය ඉදිරියටත් තිරසර ලෙස පවත්වාගෙන යාම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට මේ වනවිට කැබිනට් මේ වනවිට අනුමැතිය හිමිව තිබේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 5,500 ක මුදලක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ රජයේ මුදල් භාවිත නොකර පුද්ගලික සමාගමක් සමඟ එක්ව මූල්‍යමය ලෙස ලාභදායි සහ රටට හිතකර සහ තිරසර ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි. ව්‍යාපාර ආකෘතියක් යටතේ මෙම ව්‍යාපෘතිය කරගෙන යෑමෙන් රජයට යම්කිසි ලාභාංශයක් ලබාගත හැකි බවද අමාත්‍යවරයා පෙන්වාදෙයි.

කොවිඩ් හා ආර්ථික අර්බුදය හේතුවෙන් එම සමාගම් වෙත ලබා දී තිබූ කොන්ත්‍රාත්තුවේ ගෙවීම් සිදු කිරීමේදී ගැටළු කිහිපයක් පැන නැගී තිබුණි. මෙම ගැටළුව නිරාකරණය කිරීම සඳහා විශේෂඥ කමිටුවක්ද පත් කර තිබේ. එම සමාගම් ඉදිරිපත් කළ වෙනස් වු වියදම් සම්බන්ධයෙන් තිබූ ගැටළු විසදීම අවසන් අදියරේ පවතින බව අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

චයිනා හාබර් ඉංජිනේරු සමාගම සහ සවුත්වෙස්ට් මියුනිසිපල් ඉංජිනියරිං ඇන්ඩ් රිසර්ච් ඉන්ස්ටිටියුට් ඔෆි චයිනා සමාගම සමග තිබෙන ගිවිසුම අවසන් වූ පසු මෙම ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු ‍යොදා තිබේ.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ මාර්තු මස 31 වන දිනටයි. ව්‍යාපෘතිය ක්‍රියාකරවන්නන් පුහුණු කිරීම ලබන වසරේ ජුනි 30 වන දින දක්වා වන මාස 03 ක කාලය අදාල කොන්ත්‍රාත්කරුවන් වැඩ බිමේ රැදි සිටීමට එකග වි තිබේ.

දිනෙන් දින ඉහළ යන කොළඹ නාගරික ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටළුව විසදීමේ අරමුණින් පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේ තිබු හුණුගල් කඩා ඉවත් කර අතහැර දමන ලද වලවල් ආශ්‍රිතව සනීපාරක්ෂක කසල රදවනයක් සහ අපදියර ප්‍රතිකර්ම පද්ධතියක් ඇතුළු අනෙකුත් පහසුකම් ඉදිකිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය වෙත පැවරී තිබිණ. කැලණිය හා පුත්තලම කසල හුවමාරු මධ්‍යස්ථාන 02 ක් ඉදිකිරීම හා ඊට අදාල දුම්රිය යටිතල පහසුකම් හා මාර්ග පද්ධතිය ඉදිකිරීම මේ යටතේ සිදුවිය.

මෙම ව්‍යාපෘතිය මුලින්ම සැලසුම් කෙරුනේ කොළඹ අගනගරය ආශ්‍රිතව ජනනය වන කසල මෙට්‍රික්ටොන් 1,200 ක් කැලණිය කසල හුවමාරු මධ්‍යස්ථානය වෙත රැගෙන විත් එහිදී සම්පීඩනයට ලක්කර බහලුම් පෙට්ටි වල අසුරා දුම්රිය මගින් ප්‍රවාහනය කර අරුවක්කාලු වලදී සනීපාරක්ෂක ලෙස බැහැර කිරීම සදහායි. එහෙත් මේ වන විට බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන මගින් බැහැර කරන අවශේෂ කසල සියල්ල සනීපාරක්ෂක ලෙස බැහැර කිරීමට හැකිවන පරිදි මෙම පහසුකම් ඉදිවෙමින් පවතී.

ව්‍යාපෘතියේ මුලු පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 130කි. කැලණිය හුවමාරු මධ්‍යස්ථානයේ සිට අරුවක්කාලු කසල හුවමාරු මධ්‍යස්ථානය දක්වා දුම්රිය මගින් කසල ප්‍රවාහනය කිරීමට දුම්රිය එංජින් 04ක් ආනයනය කර ඇත. ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු ආරම්භ වන තුරු එම එංජින් මගී ප්‍රවාහනයට යොදා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දී ඇත. කසල ප්‍රවාහනය සදහා අවශ්‍ය බහලුම් පෙට්ටි 94 ක්ද මිලදී ගෙන තිබේ. කැලණිය සිට අරුවක්කාලු දක්වා කසල ප්‍රවාහනය සදහා අවශ්‍ය දුම්රිය ගැල් 17 ක් අලුත්වැඩියා කර ලබා දීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 549.06 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ. එම මුදල ලබා දීම සදහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

සාමාන්‍යයෙන් කොළඹ නගරයේ පමණක් දිනකට කැලිකසල මෙට්‍රික් ටොන් 600ට අධික ප්‍රමාණයක් එකතුවේ. එම කසළ කැලණිය ප්‍රදේශයට එකතුකර එතැන්සිට දුම්රිය මගින් අරුවක්කාලු ප්‍රදේශයට රැගෙනගොස් සනීපාරක්ෂක ක්‍රමයට රඳවනු ලැබේ.

අරුවක්කාලු ප්‍රදේශයේ අක්කර 265ක භූමි ප්‍රදේශයක මෙම සනීපාරක්ෂක කසළ රඳවන ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර, එමඟින් අක්කර කිහිපයක්ම උද්‍යානයක් ලෙස අලංකාර කිරීම, ආරක්ෂක භූමි සහ පරිසර හිතකාමී තත්ත්වය ඇති කිරීමට වෙන් කර තිබීම ද විශේෂත්වයකි.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහාචාර්ය සී වෙඩික්කාර යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Post Views: 126
Previous Post

ටින් අංකය සමූහ වශයෙන් ලබාදීමේ නව ක්‍රමවේදයක් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමණයට UNDP තාක්ෂණික සහය හිමිවෙයි

editor ttvnews

editor ttvnews

Next Post
මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමණයට UNDP තාක්ෂණික සහය හිමිවෙයි

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමණයට UNDP තාක්ෂණික සහය හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved