මෙරට ඩිජිටල් පරිවර්තන උපායමාර්ගය ඵලදායීව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට, මුල්‍ය හා තාක්ෂණික උපදේශන සේවා සැපයීමට ඉදිරිපත්ව තිබේ.
ඒ සදහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙරට ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියට අදාලව , ඩිජිටල් රාජ්‍ය සේවා, ඩිජිටල් ආර්ථිකය, ඩිජිටල් යටිතල පහසුකම් සේවා පිළිබද ප්‍රගතිය සමාලෝචනය කිරීම ඒකාබද්ධ තාක්ෂණික අධ්‍යයනයක් ආරම්භ කර තිබේ. එමගින් ඩිජිටල් තාක්ෂණික පරිවර්තන ව්‍යාපෘති ඉදිරියට ගෙනයාම සදහා ඔවුන්ගේ නිර්දේශ ලබා දීමත්, ප්‍රතිපත්ති, ආයතනික පාලනය, ගිණුම්-බලපත්‍ර රාමු, නීතිමය ප්‍රතිපත්ති සහ නියාමන වගවීම් පිළිබඳව තක්සේරු කර උපදෙස් ලබාදීමත් සිදුකෙරෙනු ඇත.
අධ්‍යයනය සිදු කිරීම සඳහා ලෝක බැංකුව,තාක්ෂණ අමාත්‍යාංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හි නියෝජිතයින් ඇතුළු ඒකාබද්ධ ව්‍යාපෘති කමිටුවක් පත් කෙරේ.
එමෙන්ම ඩිජිටල් තාක්ෂණික පරිවර්තන ක්‍රියාවලියේ වත්මන් අභියෝග අවබෝධ කර ගැනීමට සහ අවශ්‍ය සහාය ලබාදීම නිර්දේශ කිරීමට ලෝක බැංකු මෙහෙයුමේ නියෝජිතයින් අදාළ සියලුම පාර්ශවකරුවන් සමඟ ද සාකච්චා පවත්වනු ඇත.
මෙමගින් ඩිජිටල් සන්වර්තන ක්‍රියාවලිය ශක්තිමත්කිරිම, රාජ්‍ය අංශය හරහා ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සඳහා වත්මන් ක්‍රියාවලීන් තක්සේරු කිරීම, කළමනාකරණය, හැකියාවන් සංවර්ධනය, අධීක්ෂණය සහ ඇගයීම, සහ ආයතනික ධාරිතාව ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත. ඩිජිටල් රාජ්‍ය ක්‍රියාවලිය ව්‍යාපතිය වේගවත් කිරීම සහ අදාළ නියෝජිතායතනවල ධාරිතා සංවර්ධන අවශ්‍යතා ඇතුළුව මාර්ග සිතියමක් සංවර්ධනය සදහා ප්‍රමුඛත්වය දීම තවත් අරමුණකි. අවසන් අරමුණ වන්නේ ව්‍යාපාරික, ඩිජිටල් මෙවලම් සහ සේවා භාවිතා කිරීම, සහ ඩිජිටල් කුසලතා සංවර්ධනය කෙරෙහි අවධානය යොමුකිරීමයි.