27 April 2024
#දේශීය

2021 වසර සඳහා ශිෂ්‍යත්ව විභාගය අදයි ! අයදුම්කරුවන් 340,508 ක්

2021 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද ( 22) පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයන් 255062ක්, දමිළ මාධ්‍ය අපේක්ෂකයන් 85446ක් ඇතුළුව අපේක්ෂකයෝ 340508ක් විභාග මධ්‍යස්ථාන 2943කදී සහ විශේෂ මධ්‍යස්ථාන 108ක දී, විභාගයට පෙනී සිටිති.

කොවිඩ්-19 ව්‍යවසනය හමුවේ වුවද කිසිම දරුවකුට අසාධාරණයක් නොවී කොවිඩ් ආසාදිත හා නිරෝධායනයට ලක්වී ඇති දරුවන්ට විශේෂ ක්‍රමවේදයක් යටතේ විභාගයට ලිවීමට පහසුකම් සළසා ඇත. කොවිඩ් ආසාදිත දරුවන්ට, කලාපයකට එක් විශේෂිත මධ්‍යස්ථානය බැගින් දිවයින පුරා මධ්‍යස්ථාන 108ක් ස්ථාපනය කර තිබේ. කොවිඩ් ආසාධිත දරුවන් තමාට ලඟම විභාග මධ්‍යස්ථානය වෙත ගොස් PCR හෝ Rapid Antigen පරීක්ෂණ වාර්තාව ලබා දී විශේෂ මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා ඇත.

නිරෝධායනය වන සහ රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවන්ට තමාට අදාළ මධ්‍යස්ථානයේම විශේෂ කාමරයක් ස්ථාපනය කර ඇති අතර එහිදී ඔවුන්ට විභාගයට පිළිතුරු ලිවීමට සියලුම විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කර තිබේ.

විභාගයට පැමිණීමේදී දෙමාපියන් ඇතුළු දරුවන් මුව ආවරණ පැළම, දෙඅත් සේදීම, පුද්ගල දුරස්ථභාවය තබා ගැනීම වැනි සෞඛය මාර්ගෝපදේශ වලට අනුව ක්‍රියා කළ යුතුය. මෙවර ශිෂ්‍යත්වයේ අභියෝගතා පරීක්ෂණ පළමු පත්‍රයට පිළිතුරු ලිවීමට පැය 01ක කාලයක් සහ දෙවන පත්‍රයට ලිවීමට පැය 01ක් සහ විනාඩි 15ක් ලැබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *