• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට ගොඩනැගීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළට ලෝක බැංකුවේ පූර්ණ සහාය

19 September 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය විසින් ගෙන යන ආර්ථික සහ සමාජයීය ප්‍රතිසංස්කරණ පිලිබඳවත් ශ්‍රී ලංකාව නව්‍යකරණයේ මාවතකට පිවිසීම සම්බන්ධයෙන් සතුටු වන බව ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එසේම ජනාධිපතිවරයා ආරම්භ කර තිබෙන මෙම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන ගියහොත් ශ්‍රී ලංකාවට අපේක්ෂිත ප්‍රතිඵල කඩිනමින් ළඟා කර ගත හැකිවන බව තමා විශ්වාස කරන බවත් එම ක්‍රියාදාමය සඳහා ලෝක බැංකුවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ලෝක බැංකු සභාපතිවරයා පැවසීය.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගීවීමට නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර විශේෂ හමුවක් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඊයේ (18) පැවැත්වුණු අතර එහිදී ලෝක බැංකු සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ලෝක බැංකුව විසින් දක්වන ලද සහාය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පළමුව ලෝක බැංකු සභාපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළේය.

දැනට ශ්‍රී ලංකාව පූර්ණ ආර්ථික ප්‍රතිසංස්කරණ මාවකට අවතීර්ණ වී ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩසටහනද අවසන් අදියරට ළඟාවෙමින් පවතින බව ප්‍රකාශ කළේය.

ඉහළ ආර්ථික වර්ධන වේගයක් සමඟ ඉදිරි දශකය තුළ රට සම්පූර්ණයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීම තම අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවීම තම අපේක්ෂාව බවත් පසුගිය ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට දියුණුවේ ස්වර්ණමය දොරටුවක් විවර කර දී ඇති බව තමා විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එසේම රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය සංචාරක, කර්මාන්ත සහ ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්ම නවීකරණය යන ක්ෂේත්‍ර මූලික කරගනිමින් ආරම්භ කර ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සමගම වැවිලි සමාගම් සමඟ ද සාකච්ඡා කර සාම්ප්‍රදායික අපනයන භෝග ද ඇතුළත් ශ්‍රී ලංකාවේ සමස්ත කෘෂිකර්මාන්තයේ නවීකරණ ක්‍රියාදාමයක් සිදු කිරීමට රජය මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන් කළේ ය.

ඉන්දු ලංකා තාක්ෂණික සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස තාක්ෂණික විශ්වවිද්‍යාල 4ක් අලුතින් ගොඩනැඟීමටත්, ඊට අමතරව දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමටත් අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය සඳහා ලෝක බැංකුවේ තාක්ෂණික සහාය අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය මඟින් ද ශ්‍රී ලංකාව වර්ධනයක් අත්කර ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා උතුරු පළාත සුළං සහ සූර්යබල විදුලියෙන් බල ගැන්වීමට කටයුතු කෙරෙමින් පවතින බවත් සඳහන් කළේය. හරිත හයිඩ්‍රජන් සහ ඇමෝනියා භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම පිළිබඳ ශ්‍රී ලංකාව ශක්‍යතා අධ්‍යයනයක් කරමින් සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, කාන්තා හිංසනය පිටු දැකීම, කාන්තා කොමිසම පිහිටුවීම සහ කාන්තාවන් පිළිබඳ අධ්‍යයන ආයතනයක් පිහිටුවීම ආදී වශයෙන් කාන්තාවන් වෙනුවෙන් නව පනත් 4ක් එළැඹෙන ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක බැංකු සභාපතිවරයාට ආරාධනා කළ අතර, ලෝක බැංකු සභාපතිවරයා විසින් එම ආරාධනාව පිළිගනු ලැබීය.

අවශ්‍ය උපදේශන සේවා හෝ අනෙකුත් තාක්ෂණික සහයන් සඳහා ඕනෑම අවස්ථාවක තමා හෝ ජාත්‍යන්තර මෙහෙයුම් පිළිබඳ ප්‍රධානී සම්බන්ධ කර ගන්නා ලෙස දැනුම් දුන් ලෝක බැංකු සභාපතිවරයා ලෝක බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් පිළිබඳ ප්‍රධානි මෙම වසරේ ඔක්තෝබර් මාසයේ අග භාගයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ද සඳහන් කළේය.

සංචාරක කර්මාන්තය ප්‍රමුඛ කරගනිමින් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සඳහා ගෙන ඇති ප්‍රවේශය අවධානමින් අඩු නමුත් ඵලදායීතාවයෙන් වැඩි බව පෙන්වා දුන් ලෝක බැංකු සභාපතිවරයා එය මේ මෙහොතේ ශ්‍රී ලංකාවට වඩාත් ගැළපෙන බව ප්‍රකාශ කළේය.


ලෝක නාවික ගමන් මාර්ගයේ කේන්ද්‍රස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව සතු සුවිශේෂී භූගෝලීය පිහිටීම ද වෙළෙඳ හා නාවුක කටයුතු මගින් ආර්ථික වාසි ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව සතු වරායන් ද උපයෝගී කර ගත හැකි බව ලෝක බැංකු සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය, සුළං, සූර්යබලය ඇතුළු පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ලෝක බැංකුවේ සහාය ලබදෙන බව ද පැවසීය.


එමෙන්ම දැනට ආසියානු සංවර්ධන බැංකුව මඟින් ක්‍රියාත්මක ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපය බලශක්තියෙන් සම්බන්ධ කෙරෙන “බලශක්ති අන්තර් සම්බන්ධතා පද්ධතිය” සඳහා සම්බන්ධ වීමට ලෝක බැංකුව කැමැත්තෙන් පසුවන බව ද සඳහන් කළේය.

අධ්‍යාපනය ඇතුළු අනෙකුත් රාජ්‍ය අංශයේ සේවා ඩිජිටල්කරණයට ලක්කිරීම මඟින් ඒවායේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවිය හැකි බව ලෝක බැංකු සභාපතිවරයා ප්‍රකාශ කළ අතර, එවැනි පරිවර්තනයන් සිදුකිරීමේදී ගුරුවරුන්ගේ ද ඇතුළුව විවිධ වෘත්තිය සමිති විසින් ඍජුවම ඊට බාධා එල්ල කිරීමට කටයුතු කරනු ඇති බවත් සඳහන් කළේය.


ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ තමාට වැදගත් දරුවන්ගේ අනාගතය ගොඩනැගීම බවයි. එසේම සෑම ක්ෂේත්‍රයකම විනිවිදභාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම තම අරමුණ බව ද ජනාධිපතිවරයා පැවසීය.


විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 11
Previous Post

IIRM LANKA Insurance Brokers Private Limited හි වෙළඳපල කොටස් වර්ධනයක්

Next Post

පාර්ලිමේන්තුවේ 225න් 200ක් ම ජනපති එක්කයි – රවී කරුණානායක

editor

editor

Next Post

පාර්ලිමේන්තුවේ 225න් 200ක් ම ජනපති එක්කයි - රවී කරුණානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved