• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ව්‍යසනය හමුවේ ලෝකයේම සෞඛ්‍ය අංශ එකම අභියෝගයක්- ඇමැති කෙහෙලිය

23 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගෝලීය ව්‍යසනය හමුවේ සමස්ත ලෝකයේම සෞඛ්‍ය අංශ එකම අභියෝගයක් බාර ගෙන කටයුතු කරන බවත් එම අභියෝගයේදී දුප්පත් ,පොහොසත් ,දියුණු, නොදියුණු රටවල් ලෙසින් බෙදා වෙන් කර නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22)තායිවානයේ ප්‍රධාන සංඝනායක නාගහනන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති ශ්‍රී ලංකා ධර්ම චක්‍ර ලංකා පදනමේ අධ්‍යක්ෂ ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේ විසින් රුපියල් කෝටි තුනකට ආසන්න වෛද්‍ය උපකරණ තොගයක් රෝහල් කරා පරිත්‍යාග කිරීමේ අවස්ථාවේදීයි.

එය සංකේතවත් කරමින් හොරණ,තෙලිජ්ජවිල,පේදුරුතුඩුව,මීරිගම,අගුණුකොළපැලැස්ස, අම්බලන්තොට යන මූලික රෝහල් මෙන්ම කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් කිහිපයකට පරිත්‍යාග ලබා දීම සිදු කෙරිණි.

නාහිමියන් වෙත තායිවානය ඇතුළු විදෙස් රටවලින් ලැබුණු පරිත්‍යාග ඔස්සේ මෙම රෝහල් උපකරණ ලබා දීම සිදුවිය.

වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙය සම්බන්ධීකරණය කළ අතර ගෝලීය කොවිඩ් ව්‍යසනය ආරම්භයේ සිට මේ දක්වා නාහිමියන් විසින් රුපියල් මිලියන 90ක පමණ පරිත්‍යාග සිදු කර ඇත.

ඊයේ ලබාදුන් පරිත්‍යාග අතර ඔක්සිජන් කන්සන්ට්‍රේටර් ,ඔක්සි මීටර්, අධෝරක්ත උෂ්ණත්වමාන,මුඛ ආවරණ ඇතුළු උපකරණ හා භාණ්ඩ වේ.

දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඒ ඒ රෝහල් සඳහා මෙම පරිත්‍යාග ලබා දීම සිදුවිය.

කොවිඩ් ව්‍යසනය හමුවේ රටේ අති බහුතරයක් එම ප්‍රශ්නය වෙනුවෙන් පුදුමාකාර කැපවීමකින් කටයුතු කරන්නේ යැයිද විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන්නන් තම දිවි පරදුවට තබා ඒ උදෙසා සේවාව සපයන්නේ යැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය.

එනිසා සමස්තයක් ලෙස ගත් විට ව්‍යසනය මධ්‍යයේ අපට ඉගෙන ගැනීමට මෙන්ම හදවතට එකගව සතුටුවිය හැකි කරුණු ගණනාවක් ඇතැයිද ඒ මහතා පැවසීය. මෙහිදී වැඩිදුරටත් කතා කළ අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙසේද කීය.

මෙම අභියෝගාත්මක මොහොතේ ජන ජීවිත හැඩගස්වා ගැනීමට ජාති ආගම් කුල පක්ෂ බේද අමතක කර කටයුතු කිරීම වැදගත් වේ.එමෙන්ම මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකවරුන් මේ වෙනුවෙන් දක්වන දායකත්වය අපරිමිතය. පන්සල කේන්ද්‍රකර ගනිමින් මේ මොහොතේ සිදු කෙරෙන කාර්යභාරය පිළිබඳව දැඩි සමාජ පැසසුමක් ඇතිව තිබේ. සිංහල බෞද්ධ පරිසරය මෙන්ම දහම් අධ්‍යාපනයෙන් ගොඩනැගුණු රටක් ලෙස කටයුතු කිරීම එයට මහත් ශක්තියක් වී තිබේ.

සුනාමි ව්‍යසනය අවස්ථාවේ ද කුඩා දරුවාගේ සිට සැවොම එක්ව අසරණ වූ ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. ඒ වගේම දියේ ගසාගෙන යන දරුවෙකුගේ මුද්ද ගලවා ගත්ත අයවැනි දෙතුන් දෙනෙකුත් එදා සිටියා. අදත් මධ්‍යස්ථාන පන්සීයකට එන්නත්කරණය සාර්ථකව සිදු වෙද්දී මධ්‍යස්ථාන එකක දෙකක යම් යම් සිදුවීම් විය. එහෙත් අද අවාසනාවකට ඒ සිදුවීම් දෙක තුන පමණයි මතු කර පෙන්වන්නේ.

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ප්‍රමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරින්ද, නාගහනන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජගත් සුමතිපාල මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 1
Previous Post

විපක්ෂය බය රාජපක්ෂවරුන්ටයි – මන්ත්‍රී ඩිලාන්

Next Post

ජයසුමනට දත්ත මැකුන එක ගැන වගක් නෑ – රවි කුමුදේශ්

editor

editor

Next Post

ජයසුමනට දත්ත මැකුන එක ගැන වගක් නෑ - රවි කුමුදේශ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

18 July 2025
ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ  – ලාල්

ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ – ලාල්

18 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved