27 April 2024
#දේශීය

ජයසුමනට දත්ත මැකුන එක ගැන වගක් නෑ – රවි කුමුදේශ්

ඖෂධ නියාමන ඇධිකාරියේ දත්ත පිළිබද ගැටලුව, රටේ මහ ජනතාවගේ ගැටලුවක් ලෙස හදුනා ගනිමින් ස්වාධීන පාර්ශවයක් ලෙස අදාල විමර්ෂණයන් සිදු කිරීමට ඖෂධ පිළිබද රාජ්‍ය අමාත්‍යවරයාට වුවමනාවක් හෝ හැකියාවක් නොමැති බව යලි යලිත් තහවුරු කරමින් සිටීන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කුමුදේශ් මහතා පැවසුවේ ඊයේ දිනයේදී පාර්ලිමේන්තුව තුල රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන විසින් සිදු කල ප්‍රකාශයට අනූව, දත්ත මකා ඇත්තේ පහුගිය රජයේ ඖෂධ හොරකම් කල කණ්ඩායම බව පෙන්වා දෙමින්, ඔහු ඉතා උපායශීලී ලෙස ගැටලුව වෙනතකට යොමු කර ගැනීමට උත්සාහ කල බවයි.

ප්‍රධාන කරුණු දෙකක් සැලකීමේදී ඔහුගේ හේතු දැක්වීම පදනම් විරහිත සාවද්‍ය එකක් බව පෙනෙන්නට තිබෙන බව කුමුදේශ් මහතා පැවසිය.

ඖෂධ නියාමන අධිකාරිය ENMRA පද්ධතිය හරහා තම කටයුතු සිදු කිරීම නිල වශයෙන් ආරම්භ කර ඇත්තේ 2020 ජූලි මාසයේ සිට වන අතර, එහිදීද මාස හයක කාලයක් සදහා එම පද්ධතියට සමාන්තරව සාමාන්‍ය ක්‍රමයද භාවිතා කොට ඇති අතර එනයින් යහපාලන රජය සමයේ ඖෂධ අක්‍රමිකතා සහ ENMRA දත්ත අතර සෘජු සම්භන්ධයතාවක් නොමැති බව ඉතා හොදින් දන්නා ඇමතිවරයා, දත්ත වංචාව පක්ෂ දේශපාලන උගුලක පටලවා, යට ගැසීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබෙන බව කුමුදේශ් මහතා මෙහිදි අනාවරණ කර සිටි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *