• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රසායනික හා කාබනික පොහොර වර්ග දෙකම යෙදීම තුළින් අස්වැන්න වැඩි කර ගතහැකියි – කෘෂි ඇමැති මහින්ද

8 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රසායනික හා කාබනික කියන පොහොර වර්ග දෙකම යෙදීම තුළින් තමයි අස්වැන්න වැඩි කර ගන්න පුලුවන් බව කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමින්ය.

දිවයිනේ ප්‍රසිද්ධ කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් වන ” DAYONE” සමාගම විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් සිසු සිසුවියන් 50 ක් වෙත මෙලෙස ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම සිදු කෙරුණි. එම ආයතනය තම සමාගමේ ලාභයෙන් කොටසක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩුආදායම්ලාභී පාසල් දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් මෙලෙස වෙන් කර තිබූ අතර, මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාද සහභාගී විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර අමාත්‍යවරයා ” දැන් අද වෙන කොට අපේ පොහොර ප්‍රථිපත්තියත් එක එක වෙලාවට, එක එක විදිහට වෙනස් වෙනවා, අපි එක වෙලාවක් 100% ක් කාබනික වුණා, දැන් මේ වෙන කොට 100% ක් රසායනික වෙමින් යනවා, හැබැයි මේක නෙමෙයි වෙන්න ඕන.පොහොර සම්බන්ධයෙන් තිබුණ ප්‍රශ්නය තමයි, මට මතකයි 2019 මම කෘෂිකර්ම අමාත්‍යයවරයා වෙලා ඉන්න වෙලාවේ හිටපු විශේෂඥයින් දැනුත් අනෙක් පැත්තට, මේ පැත්තට කථා කළා වුණත් මට මතකයි, ඒ අය කිව්වා රසායනික පොහොර පාවිච්චිය නිසා ලොකු පරිසර විනාශයක් වෙනවා, ලෙඩ රෝග විශාල ප්‍රමාණයකට ගොදුරු වෙන බවත්, ඒ එක්කම පොළව විනාශ වෙන බවත් ඒ අය කරුණු ඉදිරිපත් කළා, ඒ අය කියපු එක කාරණයක් තමයි උඩරට ප්‍රදේශවල පොහොර සහ කෘමිනාශක භාවිතය නිසා පහළ ජලාශ වල ඇල්ගී හැදෙන තත්වයකට පත් වෙනවා කියලා.ඒක ඇත්ත කථාව.ඒ පිළිබඳව ඉන්න විශේෂඥයින් ක්‍රමාණූකූලව රසායනික පොහොර අඩු කරලා කාබනික පොහොර වලට යන්න කියලා.ඒ වැඩසටහන මම ඉන්න අවදියේ පටන් ගත්තා, මට පෙර කෘෂිකර්ම අමාත්‍යයවරාය විදිහට හිටපු දුමින්ද දිසානායක මැතිතුමාගේ කාළයේත් ඒක පටන් අරගෙන තිබුණා.අපි ඒක ඉස්සරහට අරගෙන ගියා.නමුත් ඒ අතරේ මේක 100% ක් එක සැරේට කරන්න ගියා, ඒක අසාර්ථක වුණා.දැන් ඒක 100% ක් අනෙක් පැත්තට හැරී ගෙන යනවා.ඒකත් හොඳ තත්වයක් නෙමෙයි.පෙර තිබුණු වාර්ථා, කරුණු ඉදිරිපත් කරපු අය, ඒ කරුණු ඉදිරිපත් කරපු කණ්ඩායමත් දැන් නිහඩ වෙලා ඉන්නවා. ඒ නිසා අපි හිතනවා රසායනික හා කාබනික කියන පොහොර වර්ග දෙකම යෙදීම තුළින් තමයි අස්වැන්න වැඩි කර ගන්න පුලුවන්.දැන් අස්වැන්න විදිහට ගත්තොත් දැන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් 03 දෙනෙක්, හෙක්ටයාරයකට කිලෝ 11 000 කට වැඩියෙන් අස්වැන්න ගන්නවා.මං ඒ අයගෙන් ඇහුවා මොනවද ඒ අය අස්වැන්න වැඩි කර ගන්න ගත්ත ක්‍රියාමාර්ග කියලා, ඒ අය විවිධ ක්‍රියාමාර්ග කිව්වා, ඒ ගොල්ල ගොයම් සිටුවන්න කටයුතු කිරීම, නියමිත ප්‍රමාණයටම රසායනික පොහොර යෙදීම සහ අතිරේකව කාබනික පොහොර යෙදීම පිළිබඳවත් ඒ අය කටයුතු කරලා තිබුණා.එහෙම නම් අපිට පේනවා මේ දෙකම තියෙන්න ඕන කියලා.අද කෘෂිකර්මයේ ඇති වෙලා තියෙන තත්වය තමා, අපි මේ මට්ටමට නිෂ්පාදනය වැඩි කර ගන්න අපි මහන්සි වෙන්න ඕන. දැන් මේ වෙලාවේ නියඟය ඇවිල්ලා තියෙනවා.ඒ නියඟය තියෙන වෙලාවෙත් අපි කොහොමද මේ කන්නය වගේම ඊළඟ කන්න දෙක අපි බේරා ගන්නේ, ජාත්‍යන්තර වශයෙනුත් අපිට යම් යම් උපදෙස් අනාවැකි ඉදිරිපත් කරලා තියෙනවා එල්ලිනෝ තත්වයක් ඇති වෙනවා කියලා.ඒක තුළ නියඟයක් ඇති වෙන්නත් පුලුවන්, අනෙක් පැත්තට අධික වර්ෂාවෙන්, ගංවතුරක් ඇති වෙන්නත් පුලුවන් කියන එක.එහෙම නම් ආහාර නිෂ්පාදනයට අපි මීට වඩා වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕන, අපි මීට වඩා අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු වෙනවා.නැත්නම් අපිට ආයේ -ආයේ අමාරුවේ වැටෙන්න වෙනවා.මේ වෙලාවේ යම් ප්‍රමාණයක අස්වැන්නේ විනාශයක් වෙන බව රහසක් නෙමෙයි.හැබැයි මේක ඉස්සරහට එන මහ කන්නයට- යල කන්නයට කොහොමද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව අපි දැන් සාකච්ජා කළ යුතු වෙනවා.අද කුඩා ජලාශ සියල්ලම හිඳිලා ගිහින් තියෙනවා, ඒ වගේම මහා වාරී මාර්ග වලත් අසාර්ථක තැන් තියෙනවා, උඩවලව ව්‍යාපාරයේ සම්පූර්ණයෙන්ම දැන් විනාශ වෙමින් යනවා වගේම, ඒ ප්‍රදේශයේ ගොවි ජනතාව ඉතා අසරණ තත්වයට පත් වෙලා තියෙනවා.අනුරාධපුර දිස්ත්‍රික්කයේත් මහා වාරීමාර්ග ව්‍යාපාර වලත් ජලය පිළිබඳව යම් ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා.ඒක මේ කන්නයට විතරක් සීමා වෙයි කියලා අපිට හිතන්නට බෑ, ඒ නිසා ඉදිරියටත් මෙවැනි තත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් අපි ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරනවා, අනුරාධපුර දිස්ත්‍රික්කය තමයි කෘෂිකර්මාන්තයෙන් ඉහළට ගන්න පුලුවන් දිස්ත්‍රික්කය, වගා කරන්න පුලුවන් ඉඩම් විශාල ප්‍රමාණයක් තියෙනවා.ඒ ඉඩම් ඵලදායි ලෙස භාවිත කරන්න අවධානය යොමු කරන්න ඕන, කුඹුරු ප්‍රමාණය අපිට දැන් වැඩි කරන්න බෑ, හැබැයි කුඹුරේ අස්වැන්න වැඩි කරන්න පුලුවන්, හම්බන්තොටින් හෙක්ටයාරයකට 11 000 ක් ගන්න කොට, මෙහෙ හෙක්ටයාරකින් 6000 ක් වත් ගන්න අපි උත්සහ ගන්න ඕන.අනුරාධපුරයේ ඉතාමත් සරුසාර පොළවක් මම දකිනවා,සමහර තැන් වල ජලය සපයා ගැනීමේ හැකියාවකුත් තියෙනවා.ඒ නිසා අක්කර 20 000 ක් බඩඉරිඟු වගා කරන්න බීජ ටික, පොහොර ටික සහ ට්‍රැක්ටර් ගාස්තු, ලබා දෙන්න වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්න.ඒ ඉඩම් ටිකත් අපි ආරක්ෂා කරලා තියාගන්න ඕන, මේ වටිනා ඉඩම් ටිකෙන් තමයි රට ඉස්සරහට ගෙනියන්න පුලුවන් වෙන්නේ.කෘෂිකාර්මික දිස්ත්‍රික්ක අතරින් අනුරාධපුර දිස්ත්‍රිකක්ය ප්‍රධානම වෙනවා යැයි අමාත්‍ය මහින්ද අමරවිර මහතා පැවසීය.

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්තුමන් ඇතුළු රාජ්‍යය නිළධාරීන්, ඩේවන් සමාගමේ නිළධාරීන්, පාසල් සිසු සිසුවියන් හා දෙමාපියන් මෙන්ම ගොවි සංවිධාන නියෝජිතයින්ද සහභාගී වූහ.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 4
Previous Post

අලි වෙඩිල්ලකින් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිපිරිමක්

Next Post

රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයේ ඇති වු ගින්නෙන් අයෙකු මරුට

editor

editor

Next Post

රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයේ ඇති වු ගින්නෙන් අයෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved