27 April 2024
#දේශීය

රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයේ ඇති වු ගින්නෙන් අයෙකු මරුට

කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක අද (08) උදෑසන හටගත් ගිනෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.


ගබඩාවේ ඇති වු හදිසි ගින්න තොරතුරු ලද වහාම කදාන පොලිසිය විසින් ගම්පහ සහ මීගමුව ගිනි නිවන ඒ්කක හා නාවික හමුදා ගිනි නිවිමේ ඒකකයේ සහය ඇතිව ගින්න මැඩ පවත්වා තිබේ.

ගිනි ගැනීම සිදුවන අවස්ථාවේදී එම ආයතන‌යේ ගණකාධිකාරීවරයා ගබඩාව තුල සිට ඇති අතර ගින්නෙන් ඔහු ජිවිතක්ෂයට පත්ව ඇත. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 50 ක් වන ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *