• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති රනිල්ව ඝාතනය කරන බව ෆේස්බුක් දැමු තරුණයා අත්අඩංගුවට

4 September 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එප්පාවල උත්සවයකට පැමිණෙන ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ස්නයිෆරයක් අවශ්‍යය බව පවසා මුහුණු පොතේ සටහනක් තැබූ එප්පාවල මැඩියාව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයකු සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ගෙන ඇත.

මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, 178/ බී මැඩියාව, එප්පාවල ලිපිනයේ පදිංචි 19 හැවිරිදි තරුණයකි. බේකරිය නිෂ්පාදන ජංගම අලෙවිකරුවකු ලෙස සේවය කරනු ලබන මෙම තරුණයා, ඊයේ (03) දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එප්පාවලදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹට රැගෙන ගොස් ඇත.

උතුරු මැද පළාතේ පැරණිතම පාසල වන එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ 150 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් එළැඹෙන 07 වන දින පස්වරු 03.00 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමට නියමිත අතර, එහිදී එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ 150 වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක්ද නිකුත් කිරීමට නියමිතය. එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ 150 වැනි සංවත්සර සැමරුමට සමගාමීව සැප්තැම්බර් මස 05/06 දෙදින විද්‍යාල පරිශ්‍රයේදී අධ්‍යාපනික ප්‍රදර්ශනයක්, 06 වැනි දින පස්වරු 06.00 ට ධර්ම දේශණාවක්, සැප්තැම්බර් මස 07 වැනි දින දහවල් එකසිය පනස් නමක් විෂයෙහි දානමය පිංකමක් හා පස්වරුවේ ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය හා සමරු මුද්දරය නිකුත් කිරීම , සැප්තැම්බර් මස 08 දින පෙරවරුවේ රථ පෙළපාලිය හා පාගමනක් මෙන්ම,එදින පස්වරුවේ සංගීත ප්‍රසංගයක් මෙන්ම, සැප්තැම්බර් මස 09/10 දෙදින ආදී සිසු ක්‍රිකට් තරඟාවලියක්ද ලෙස සැමරුම් උත්සව මාලාවක් සංවිධානය කර ඇත.

එම උත්සවය වෙනුවෙන් එළැඹෙන 07 වැනි දින ජනාධිපතිතුමන් සහභාගී වීමට සිටින පසුබිමක අදාළ තරුණයා විසින් ඊයේ (03) දින පෙරවරුවේ තම ෆේස් බුක් පිටුවේ “මේ කවුරු හරි ලඟ තියෙනවාද ස්නයිපර් එකක් සැප්තැම්බර් 07 වැනිදාට ගන්න එප්පාවලට රට කාපු ලොකුම කාලකන්නි හොරා එනවා ඌට වෙඩි තියන්න” යනුවෙන් සටහනක් තබා ඇත.

එම සටහන සම්බන්ධයෙන් බුද්ධි අංශ නිළධාරීන්ට තොරතුරු ලැබීමෙන් අනතුරුව පරීක්ෂණ සිදු කිරීම සඳහා ඔහු එප්පාවල පොලීසියට කැඳවා කරුණු විමසා ඇති අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා අදාළ තරුණයා ඊයේ (03) රාත්‍රියේම කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ඇත.මේ වන විට අදාළ සටහනද එම තරුණයා විසින් සිය ෆේස් බුක් ගිණුමෙන් ඉවත් කර ගෙන ඇත.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ සැලසුමක් හෝ අවශ්‍යතාවක් ඔහුට නොපවතින බවද අනාවරණය වී ඇත.අදාළ තරුණයාගේ පියා කුලී රථ රියදුරකු ලෙස සේවය කරන බවත්, ඔවුන් අපරාධ සඳහා සම්බන්ධ පුද්ගලයින් නොවන බවත් අනාවරණය වී ඇත. අදාළ තරුණයා ස්නයීෆර් ගැන දන්නේ කෙසේදැයි විමසා ඇති අතර, තමන් පබ්ජි වැනි පරිඝණක හා ජංගම දුරකථන ක්‍රීඩා සිදු කරන බවත්, ඒවායේ දුර සිටින පුද්ගලයින් ඝාතනය කිරීම සඳහා ස්නයිෆර් යොදා ගන්නා බවත් පවසා ඇත.තමන් මෙම ෆේස්බුක් සටහන දුරදිග නොසිතා දැමුවක් බවද ඔහු පවසා ඇත.අදාළ තරුණයා පරිගණක හා ජංගම දුරකථන ක්‍රීඩා සඳහා තදින් ඇබ්බැහි වූවෙකු බවද පරීක්ෂණ නිළධාරීන් පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 6
Previous Post

අපේ රටට විදේශ ප්‍රතිපත්තියක් අවශ්‍යයි – හිටපු ජනාධිපති මෛත්‍රිපාල

Next Post

ආසන විශාල ප්‍රමාණයක ශාඛා සමිති බලගැන්වූ බව පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කියයි

editor

editor

Next Post

ආසන විශාල ප්‍රමාණයක ශාඛා සමිති බලගැන්වූ බව පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved