27 April 2024
#දේශීය

ආසන විශාල ප්‍රමාණයක ශාඛා සමිති බලගැන්වූ බව පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කියයි

“හදවතට එකඟයි” යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදවතට එකඟව පිළිගන්නා සැමට පක්ෂයේ දොරවල් විවවෘත කර තිබෙන බවත් ශාඛා සමිති බලගන්වමින් ඊයේ දින සිට ඉතා සාර්ථක බලගැන්වීමක් කළ බවද පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, “අපි පක්ෂයක් හැටියට මේ රටේ ශක්තිමත්ව තිබෙන දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදුන්වන්න පුළුවන්. අපි එම ශක්තිය නැවතවතාවක් තවදුරටත් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් හැටියට ඊයේ දිනයේ ලංකාව පුරාම පක්ෂය නැවත බලගැන්වීමේ ක්‍රියාදාමයක් ආරම්භ කළා “හදවතට එකඟයි” කියන තේමාව යටතේ. හදවතට එකගයි කියන්නේ තමන්ගේ හදවතට එකගව රට වෙනුවෙන් තියෙන, මේ රටේ අනාගතය වෙනුවෙන් වැඩකරන, මේ රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් වැඩකරන පක්ෂය හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදවතට එකගව පිළිගන්න හැමදෙනාටම අපේ පක්ෂයේ දොරවල් විවෘත වෙලා තිබෙන බව අපි ඒ පණිවිඩය දුන්නේ. ඉතාම සන්තෝසයෙන් කියන්න ඕන ඊයේ දවසේ සංඛේතාත්මකව ලංකාවේ ආසන විශාල ප්‍රමාණයක අලුත් සාමාජිකයින් බඳවා ගැනීම් සහ ශාඛා සමිතින් නැවත බලගැන්වීම් කළා. ඉතාම සාර්ථකයි. හුඟක් තැන්වල අපි පක්ෂ කාර්යාලයෙන් ශාඛා සමිතියක් සඳහා ලබාදීපු සාමාජික කාඩ්පත් ප්‍රමාණය මදිවෙලා නැවතවතාවක් කාඩ් ගෙන්වා ගත්ත ස්ථාන පවා අපිට මේ වන විට ආරංචි ලැබෙමින් තිබෙන්නේ. ඉතාම සාර්ථක වැඩපිළිවෙළක්. මේ සම්බන්ධයෙන් එයට දායකවෙච්ච, රටට ආදරය කරන ජනතාවට ස්තූතිවන්ත වෙන අතරම ඒ සම්බන්ධයෙන් අපිට ඒ අවශ්‍ය මාධ්‍ය අනුග්‍රාහය ලබාදිපු මාධ්‍යවේදී ඔබ සැමට අපේ කෘතඥතාවය ප්‍රකාශ කරනවා.”

අපි පක්ෂයක් හැටියට මේ රට ගොඩගන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. ඒ වැඩපිළවෙල තමයි මැද මාවතේ ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක ජනතා සුබසාධනයත්, අඩු වරප්‍රසාද සහිත ජනතාවට අවශ්‍ය වරප්‍රසාද ලබාදිලා මේ රට ඉදිරියට ගෙනියන්න, මේ රටේ ව්‍යවසායකින්ට ශක්තියක් ලබාදිලා අපිටම අනන්‍ය වූ ක්‍රමවේදයක් තුළ මේ රට ඉදිරියට ගෙනියනවා කියන පොරොන්දුව අපි දුන්නේ. 2005, 2014 කාලය තුළ අපේ මේ ක්‍රියාදාමය මේ රටේ ක්‍රියාත්මක කළා. සාර්ථක ප්‍රතිපල නෙලාගත්ත ඒ මහින්ද චින්තන වැඩපිළිවෙලේ තිබුණු මේ රටට ඕන කරන ක්‍රියාදාමය තමයි අපි ඉදිරිපත් කළේ. නමුත් ගෝලීය වශයෙන් ඇතිවුණු කොවිඩ් අර්බුදය සහ යුක්රේන රුසියානු යුද්ධය මත ලෝකයට ඇති වෙච්ච ආර්ථික අවපාතය වැනි මේ කාරණා දෙකටම මුහුණ දෙමින් අපි ඉතාම අසීරු අවස්ථාවක මේ රට ගෙනියද්දි ඒ අවස්ථාවේ අපිත් ගත්ත වැරදී තීන්දු තීරණ කිහිපයක් තිබුණා. රසායනික පොරොහොර තහනම් කිරීම නොකළ යුතු දෙයක්. මේ සියලු කාරණා මත අපේ මේ උත්සහය මේ රටේ ජනතාව නිසිආකාරයෙන් අවබෝධ කරගත්තේ නැහැ. නමුත් මේ වන විට ජනතාව විතරක් නොවේ විපක්ෂයත් අවබෝධ කරගනිමින් සිටිනවා අපේ ක්‍රියාදාමය තුළින් විතරයි මේ රට ගොඩගන්න පුළුවන් කියලා. නමුත් අවාසනවාකට මේ රටේ ජනතාව නොමග යවලා ඔවුන්ව පාරට බස්සලා රට වෙනුවෙන් කරන්න තිබුණු අවස්ථාව තාවකාලිකව ඇහිරෙව්වා . නමුත් අපි අපේ රට වෙනුවෙන් ඒ අපේ ප්‍රතිපත්ති මාලාව , රට වෙනුවෙන් කරන්න තිබෙන වැඩපිළිවෙල අපි අතහැරලා නැහැ. ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවා. ඒ වැඩපිළිවෙල ගෙනියන්න අවශ්‍ය ශක්තිය මේ රටේ ජනතාව නැවතත් ලබාදෙනවා කියලා අපි දැඩි විශ්වසායක් තිබෙනවා යැයි මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *