• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශද්‍රෝහීන් ලෙස තහනම් කරලා රටින් පිටුවහල් කළ යුතු කිහිපදෙනෙක් ක්‍රීඩාවේ සිටිනවා – ඇමැති රොෂාන්

24 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ක්‍රීඩාවේ ඉන්නවා දේශද්‍රෝහීන් ලෙස තහනම් කරලා රටින් පිටුවහල් කළ යුතු කිහිපදෙනෙක් සිටින බව ඔවුන් ක්‍රීඩාවට පිළිකාවක් බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 20 වනදා දින අධිෂ්ඨානය සහ කැපවීම තුළින් සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගෞරව දැක්වීම වෙනුවෙන් සංවිධානය කර තිබූ ” 8 වන සිල්ක් ක්‍රීඩා සම්මාන 2022 ” බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති උත්සවයට එක්වෙමිනි.

එදා සිට අද දක්වා ක්‍රීඩා ක්ෂේත්‍රයේ තම හැකියාවන් ජාත්‍යන්තර දී ප්‍රදර්ශණය කරමින් ශ්‍රී ලංකාවට කීර්තියක් හා ගෞරවයක් ගෙන දුන් විශිෂ්ඨයින් රැසක් සම්මානයට පාත්‍ර විය.

එහීදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “අද සමහරු අපේ රට අපකීර්තියට පත් කරන්න වැඩ කටයුතු කරගෙන යනවා. මේ අය සිදු කළ දූෂණ වංචා සියල්ලම විමර්ශණය කර විධිමත් පරීක්ෂණයකින් පසු ඔවුන් තහනම් කළාම දේශපාලන ඇගිලි ගැනීම් සිදු කළා යනුවෙන් ජාත්‍යන්තර සංගම් වෙත ගොස් පැමිණිලි කරනවා. පසුගිය කාලේ පාපන්දු සම්මේලනයේ මෙවැනි සිදුවීමක් ඇති වූවා. එහි දී මට නිවැරදි තීන්දු ගැනීමට සිදු වූවා. කෝප් කමිටුවේ දී හිටපු සභාපතිවරයෙක් වෙනුවෙන් විමර්ශණයක් කිරීමට උපදෙස් ලැබී තිබුණා. විමර්ශණයේ දී හෙලි වූවා විගණකාධිපතිවරයා විසින් නිකුත් කළ විගණක වාර්ථාව සංශෝධනය කර ඉදිරිපත් කර තිබුණු බවට. ඒ අනුව ක්‍රීඩා වංචා විමර්ශණ පනත අනුව පත් කළ වංචා විමර්ශණ ඒකකය විසින් තහනම් කරපු පුද්ගලයෙක් බවට ඔහු පත්ව සිටියා. මම අමාත්‍යධූරයේ වැඩ භාරගෙන පැමිණෙන තුරුත් ඔහුගේ වැඩ තහණම් කර තිබුණේ නැහැ. මගේ කාල සීමාවේ මොහු සම්බන්ධයෙන් රටට ආදරේ කරන, ක්‍රීඩාවට ආදරේ කරන පුරවැසියෙක් ක්‍රීඩා අභියාචනා කමිටුවට අභියාචනයක් ඉදිරිපත් කරනවා. විමර්ශණයකින් අනතුරුව අභියාචනා කමිටුව මට නිර්දේශ ඉදිරිපත් කර තිබුණා ‘‘ඔහු දූෂණය සම්බන්ධයෙන් වැරදිකරු ඔහුව ක්‍රීඩාවේන් ඉවත් කිරීමට සුදුසු බව යෝජනා කරමි’’ යනුවෙන්. එයට පහතින් තිබෙනවා ‘‘අනුමත කරමි’’ ‘‘අනුමත නොකරමි’’ යනුවෙන්. මම අනුමත කරමි කියලා අත්සන් කළා. එහි දී මම අනුමත නොකරමි යනුවෙන් අත්සන් කළානම් දේශපාලන බලපෑම්, දේශපාලන ඇගිලි ගැනීම් කරලා නැහැ. අභියාචනා මණ්ඩලයේ තීන්දුව මම අනුමත කරපු නිසා ලෝකයට ගිහින් කියනවා දේශපාලන අතපෙවීම් සිදු කලා කියලා. මට බලතල තිබෙනවානම් මෙවැනි පුද්ගලයින් දේශද්‍රෝහීන් ලෙස නම් කරලා රටින් පිටුවහල් කරනවා. අවාසනාවට මගේ පනතේ බලතල නැහැ. ක්‍රීඩාවේ ඉන්නවා දේශද්‍රෝහීන් ලෙස තහනම් කරලා රටින් පිටුවහල් කළ යුතු කිහිපදෙනෙක්. ඒ තරමට ඔවුන් ක්‍රීඩාවට පිළිකාවක්. අද ඔවුන් දුෂණය සාධාරණීය කරන්න මාධ්‍ය භාවිතා කරනවා, නීතිඥවරුන්ගේ සහාය ලබා ගන්නවා, අමාත්‍යාංශයේ කොටසකුත් අල්ලා ගන්නවා, තව තියෙනවා කියන්න බැහැ. වෙලාවකට අපිටත් හිතෙනවා අපි මේ උත්සාහා කරන්නේ මොකක් කරන්නද කියලා. හැබැයි පුරවැසියන් විදියට අපිට වගකීමක් තිබෙනවා අපේ වගකීම් ඉෂ්ඨ කරන්න. ඒ සදහා සියලුදෙනාගේම සහයෝගය අපි අපේක්ෂා කරනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස ඔබ ඉදිරියට පැමිණිය යුතුයි. රටට, ක්‍රීඩකයින්ට, අනාගතයට ගැලපෙන ලෙස ක්‍රීඩා පනත සංශෝධනය කර රෙගුලාසි නිකුත් කරාම මම විශ්වාස කළා ක්‍රීඩකයින් ඉදිරියට පැමිණේවි කියලා. කවුරුත් ආවේ නැහැ ඉදිරියට. අපි කොහොමද මේක වෙනස් කරන්නේ. අභ්‍යන්තරයේ කරුණු කාරණා ඇහුවාම බොහොම භයානක තත්ත්වයක් තිබෙන්නේ. සමහර දේවල් ප්‍රසිද්ධියේ කියන්න අපහසුයි. මම අමාත්‍යවරයා ලෙස ඉන්න කාලය තුළ බලපෑම්වලට යටත් නොවී ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔබ සැම එක්ක කළ හැකි උපරිම සේවාව ඉටු කරන්න කටයුතු කරනවා.’’ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාව සදහා ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, චාන්ස් ස්පෝර්ට්ස් අධිපති ලසන්ත අමරසිංහ, මහාචාර්ය රිය අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු, ආචාර්ය හර්ෂ බී අබේකොන් යන මහත්වරුන් ඇතුලු ආරාධිතයින් රැසක් පැමිණ සිටියහ.

Post Views: 1
Previous Post

IMF සහනය ලබා ගන්න ජනපති රනිල්ගේ පරිණත නායකත්වය ශක්තියක් වුණා – රාජ්‍ය ඇමති රෝහණ

Next Post

දෘෂ්‍ය ආබාධිතයින්ගේ ඇඟලුම්කම්හල මන්ත්‍රී දුමින්දගේ නිරික්ෂණයට

editor

editor

Next Post

දෘෂ්‍ය ආබාධිතයින්ගේ ඇඟලුම්කම්හල මන්ත්‍රී දුමින්දගේ නිරික්ෂණයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හල්ලොලුව අත්අඩංගුවට

හල්ලොලුව අත්අඩංගුවට

19 August 2025
අද වහින හැටි

අද වහින හැටි

19 August 2025
මාලිමා ආණ්ඩුවේ පළමුවරට මුල්‍ය දුෂණ චෝදනා එල්ලවන ඇමති මෙන්න

මාලිමා ආණ්ඩුවේ පළමුවරට මුල්‍ය දුෂණ චෝදනා එල්ලවන ඇමති මෙන්න

18 August 2025
රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?

රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?

18 August 2025

Recent News

හල්ලොලුව අත්අඩංගුවට

හල්ලොලුව අත්අඩංගුවට

19 August 2025
අද වහින හැටි

අද වහින හැටි

19 August 2025
මාලිමා ආණ්ඩුවේ පළමුවරට මුල්‍ය දුෂණ චෝදනා එල්ලවන ඇමති මෙන්න

මාලිමා ආණ්ඩුවේ පළමුවරට මුල්‍ය දුෂණ චෝදනා එල්ලවන ඇමති මෙන්න

18 August 2025
රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?

රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?

18 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හල්ලොලුව අත්අඩංගුවට

හල්ලොලුව අත්අඩංගුවට

19 August 2025
අද වහින හැටි

අද වහින හැටි

19 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved