• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුළු ලංකාවම එක හා සමානව සංවර්ධනය වන යුගයක් මීට පෙර තිබුණෙ නැහැ – අගමැති

28 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක් ප්‍රදේශයකට පළාතකට සීමා නොවී මුළු ලංකාවම එක හා සමානව සංවර්ධනය වන මෙවන් යුගයක් මීට පෙර තිබුණෙ නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26) පස්වරුවේ කිරම – කටුවන ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය සහ කිරම බස් නැවතුම්පොළ ජනතා අයිතියට පත්කරමිනි.

සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ඔස්ට්‍රියානු රජයේ හා ශ්‍රී ලංකා රජයේ අරමුදල් යටතේ මෙම කිරම – කටුවන ජල යෝජනා ක්‍රමය ඉදිකර ඇත. මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාමසේවා වසම් 34කට පිරිසිදු පානීය ජලය බෙදාදීම සිදුවේ.

වරාපිටියේ පිහිටි කිරම ජලාශයෙන් ජලය ලබාගෙන වෙළඳගොඩ නව ජල පවිත්‍රාගාරයක් ඉදිකරමින් ප්‍රදේශවාසීන් 26000ක පමණ පිරිසකට පිරිසිදු පානීය ජලය ලබා දීමට මෙමගින් පියවර ගෙන ඇති අතර වලස්මුල්ල, කිරම, කටුවන සහ මිද්දෙනිය මාර්ගයේ කිලෝමීටර් 24ක් දුරට ජල නල එලා පානීය ජල ගැටලුව වැඩි ප්‍රතිශතයකින් සපුරාලීමට සමත් වී ඇත.

රුපියල් මිලියන 40ක් පමණ වැය කරමින් වැඩ නිම කළ කිරම බස් නැවතුම්පොළ මහින්ද චින්තන පුරනැගුම ව්‍යාපෘතියෙන් ආරම්භ කළ ව්‍යාපෘතියකි. පසුගිය යහපාලන රජය විසින් මුළුමනින්ම නවතා තිබූ මෙම බස් නැවතුම්පොළ කඩ කාමර හයකින් ද සමන්විතය.

එම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

” හිතවත් සහෝදරවරුනි,

මට මතක් වෙනවා එදා අසූ පහේ අතුරු මැතිවරණය වෙලාවේ අපි මෙහෙ ඇවිල්ලා මේ ප්‍රදේශයට ටිකක් දුරින් නැවතිලා කිරමේ ඉඳගෙන මැතිවරණ ව්‍යාපාරය කරපු විදිය. එදා ජෝර්ජ් රාජපක්ෂ ඇමතිතුමා ඉන්න යුගයේත් ඊට ඉස්සරවෙලාත් තමුන්නාන්සේලාගේ දෙමව්පියො, මේ තරුණයන්ගේ දෙමව්පියො ඇතුළු කණ්ඩායම් මේ ප්‍රදේශය තුළ අපට සහයෝගය ලබාදුන්නා.

ඒවත් එක්ක අද මේ ප්‍රදේශයට නව සංවර්ධන යෝජනා ක්‍රම කිහිපයක් ඇවිල්ල තියෙනවා.

විශේෂයෙන්ම අපි කාටත් ජලය උවමනා වෙනවා. අපේ වාසුදේව නානායක්කාර ඇමතිතුමා අද උදේ ඇඹිලිපිටිය ප්‍රදේශයටත් දැන් මේ ප්‍රදේශයේ ජනතාවටත් පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම ජනතාවට පිරිසිදු පානීය ජලය අත්‍යවශ්‍යයි. මොකද ඒකෙන් හැම පැත්තකටම ප්‍රතිඵල තියෙනවා. පිරිසිදු පානීය ජලය තිබෙන ප්‍රදේශවල අසනීප තත්ත්වයන් අඩුයි.

සහෝදරවරුනි,

පහුගිය ආණ්ඩුව කාලේ මේ පළාතේ තිබුණ සංවර්ධනය ව්‍යාපෘති ඇණහිටියා. මේ ප්‍රදේශයේ විතරක් නෙමෙයි මුළු රටේම සංවර්ධන කටයුතු ඇණහිටලයි තිබුණෙ. ඒ නිසා එදා අපි ආරම්භ කරපු සංවර්ධන ව්‍යාපෘති අතරමග නැවතුණා. ජාත්‍යන්තර වරාය හැදීම වේවා, ගුවන්තොටුපොළ වේවා, මේ සියල්ලක්ම මේ ප්‍රදේශවල දියුණුවට කරපු වැඩ කටයුතු එදා ඒ ආණ්ඩුව අපෙන් පළිගන්න හිතාගෙන නැවැත්තුවා. කිසිම දෙයක් කරේ නෑ. කාගෙන්ද ඒ අය පළිගත්තේ? මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගෙන්, මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවගෙන්, එහෙම නැත්නම් මේ ප්‍රදේශය විතරක් නෙමෙයි මේ රට පුරා විසිරී සිටි අපේ ජනතාවගෙන් පළිගැනීම තමයි අවසානයේදී සිදු වුණේ.

ඒ නිසා සහෝදරවරුනි,

අද ඔබ අප කෙරෙහි නැවත විශ්වාසය තියලා අපිව ජයග්‍රහණය කරලා ආණ්ඩුවක් පිහිටවලා තියෙනවා. අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අද ආණ්ඩුවක් පිහිටවලා කටයුතු කරගෙන යනවා. අද උදේ ඇඹිලිපිටියේ තිබුණ සංවර්ධන වැඩපිළිවෙළට වාසුදේව නානායක්කාර ඇමතිතුමාත් අපිත් සහභාගී වුණා. ඉතිං ඒ විදිහට හැම පළාතකම අලුත් සංවර්ධනයක් ඇති වෙනවා. මිනිස්සුන්ට බීමට ජලය ටික ලැබෙනවා. ඒ වගේම මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ලබාදීමේ වැඩපිළිවෙළක් අපි දැනට ක්‍රියාත්මක කරගෙන යනවා.

ඒ නිසා තමුන්නාන්සේලාට රැකියා අවස්ථාවන් ලබා දීමේ වැඩපිළිවෙළට කර්මාන්ත සහ අලුත් යෝජනා ක්‍රම හඳුන්වාදීමේ වැඩපිළිවෙලවල් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ සමඟ තරුණ තරුණියන්ට රැකීරක්ෂා ලබා දීමේ වැඩපිළිවෙලත්, රටේ අනෙකුත් සංවර්ධන කටයුතුත් අපි ඉටුකරමින් සිටිනවා. ඒ තුළින් ජනතාවගේ ප්‍රශ්න රාශියකට පිළිතුරු දෙන්න අපට පුළුවන්කම තියෙනවා.

සහෝදරවරුනි,

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ ආණ්ඩුව ආව දවසේ ඉදලා මේ රටේ අලුත් නැම්මක් ඇති වුණා. රට සංවර්ධනය කරා ගමන් කෙරුවා. එක පළාතකට සීමා වෙන්නේ නැතුව එක ප්‍රදේශයකට සීමා වෙන්නේ නැතුව මුළු ලංකාවේම එක හා සමානව මේ සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා.
උතුර වේවා දකුණ වේවා නැගෙනහිර වේවා බටහිර වේවා මේ සියලු පළාත්වල සංවර්ධනය ඒකාකාරීව සිදුවෙමින් පවතින යුගයක් අපිට මීට පෙර තිබුනෙ නෑ.
ඒ නිසා අද අපි විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා වාසුදේව නානායක්කාර මැතිතුමාට මේ ප්‍රදේශයේ මේ ප්‍රශ්නය විසඳන්න පියවර ගැනීම සම්බන්ධව. ඒ වගේම අපි සියලු දෙනා එකතු වෙලා මේ රට ගොඩනගන්න කටයුතු කරනවයි කියන එක අපි විශ්වාසයේ තියාගෙන ඉන්නවා. විශේෂයෙන් මේ රටේ තරුණ පරපුරට රැකීරක්ෂා අවස්ථා ඇති කරන්න නම් වහාම රට තුළ සංවර්ධනයක් ඇති වෙන්න ඕන. සංවර්ධනයක් නැතුව රැකියා අවස්ථාවන් ලබාදෙන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නෑ.

එහෙමනම් අපි සංවර්ධනයට මුල්තැන දීලා කර්මාන්ත ඇති කරමින් ඉදිරියට ගමන් කරනවා. කියන පණිවුඩය අපි මේ ජනතාවට මතක් කරනවා. ඒ නිසා අද මේ විවෘත කරපු කටුවන – කිරම ජල යෝජනා ක්‍රමය තමුන්නාන්සේලාට ප්‍රයෝජනයක් වනු ඇතැයි අපි තදින් විශ්වාස කරනවා.

ඒ නිසා මේ සඳහා සහයෝගය දැක්වූ වාසුදේව නානායක්කාර මැතිතුමා ඇතුළු එම අමාත්‍යවරුන්ටත් අපගේ ස්තුතිය පුද කරනවා. ඔබ සියලු දෙනාටම සුභ අනාගතයක් වේවා! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය. 

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ, වාසුදේව නානායක්කාර, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන උපුල් ගලප්පත්ති,අජිත් රාජපක්ෂ, ගයාෂාන් නවනන්ද, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහත්වරු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් හා කටුවන ප්‍රාදේශිය සභාවේ සභාපති මහින්ද ගමාච්චි මහතා ඇතුළු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 0
Previous Post

සංචාරකයින් අපහසුතාවයට පත් කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න – ඇමැති ප්‍රසන්න

Next Post

පුරසාරම් වචනවලට නොරැවටි ප්‍රතිඵලදායක ගමනකට එක්වෙමු – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

පුරසාරම් වචනවලට නොරැවටි ප්‍රතිඵලදායක ගමනකට එක්වෙමු - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved