27 April 2024
#දේශීය

පුරසාරම් වචනවලට නොරැවටි ප්‍රතිඵලදායක ගමනකට එක්වෙමු – විපක්ෂ නායක සජිත්

අසුබවාදයෙන් සුබ වාදය කරා ගමන් කරන වැඩපිළිවෙලේ සාර්ථක ප්‍රායෝගික කොටස්කරුවන් බවට පත්විය යුත්තේ තාරුණ්‍යය බවත් හැමදාම සිදුවූයේ බොහෝ දෙනාගේ දේශපාලන අරමුණු වෙනුවෙන් තරුණයින් පාවිච්චි කිරීම බවත් , ඒ තත්ත්වය සහමුලින්ම වෙනස් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ සමගි තරුණ බලවේගයේ තෙදිනක පුහුණු වැඩසටහනක් (28) ගාල්ලේදී පැවැති ජනහමුවක් අමතමිනි.

රට ගොඩනගන බවට තමන්ට අලුත් සැලසුම් ඇතැයි කියන බොහෝ දෙනා අලුත් නොවන බව මතක තබා ගත යුතු යැයි පැවසු විපක්ෂ නායකවරයා, සමගි ජන බලවේගය සම්ප්‍රදායික විපක්ෂයක කාර්යභාරයෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කොට ඇතැයිද පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *