• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට ගොඩනැගීමට ජනපතිගේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නැහැ – මන්ත්‍රී වජිර

17 January 2024
in දේශීය, පුවත්
රට ගොඩනැගීමට ජනපතිගේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නැහැ – මන්ත්‍රී වජිර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට යළි ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බවත් එබැවින් සියලු පක්ෂ බේද පසෙකලා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට දායක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

පෙබරවාරි මාසයෙන් පසු ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම මිත්‍ර රටවල් සමඟ රට ඉදිරියට ගෙන යාමට අවස්ථාව උදා වී තිබෙන බවත් එය කඩා කප්පල් කිරීමට ඇතැම් පාර්ශ්ව දරන ප්‍රයත්න හඳුනා ගනිමින් ඒවා පරාජය කිරීමේ වගකීම ජනතාව සතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා “ශ්‍රී ලංකාව වැනි දේශපාලන පක්ෂ 75ක් පමණ ඇති රටක් ලෝකයේ තවත් නැහැ. ඒ අනුවයි අප රටේ බෙදීම් නිර්මාණය කර තිබෙන්නේ. එය රට තුළ අසමගියක් නිර්මාණය කර තිබෙනවා. නිදහසින් පසු මෙරට ඇති වූ බොහෝ විනාශයන්ට ද එම තත්ත්වය හේතු වූවා. මෙම පක්ෂවලට මුදල් ලැබෙන්නේ කෙසේද ? වියදම් කරන්නේ කව්රුන් ද යන්න පිළිබඳව සොයා බැලීමට කිසිදු ක්‍රමවේදයක් නැහැ. එබැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පක්ෂ මැතිවරණවලදී මුදල් වියදම් කරන ආකාරය සොයා බැලීමට හැකියාව ලැබෙන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙනවා. ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ වන විට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ඒ වසරකුත් මාස හයක් තුළ අන්තයටම වැටී තිබූ රට යළි සංවර්ධනයේ මාවතට යොමු කළ නිසයි. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා සෑම විදෙස් සංචාරයක්ම ඵලදායී ලෙස යොදා ගත් බවද සිහිපත් කළ යුතුයි. ඒ වගේම මේ වන විට රට ගොඩ නැගීම වෙනුවෙන් ක්‍රියාවට නංවා තිබෙන්නේ 2020 දී පරාජය වූ අපගේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය බව පැවසිය යුතුයි. එසේ නම් ජනතාව මතක තබාගත යුතුව ඇත්තේ අද වන විට හිඟයකින් තොරව ඉන්ධන, විදුලිය, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය භුක්ති විදින්නේ ඔවුන් විසින් පරාජය කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවීමෙන් බවයි. අද රට සාමාන්‍ය තත්ත්වය පත්ව තිබෙන්නේ එම ලියවිල්ල නිසා බව ඔබ සිහිතබා ගත යුතුයි. එදා අප විසින් ටෝකියෝ සම්මේලනයට ඉදිරිපත් කළ “යළි පුබුදමු ශ්‍රී ලංකා” ග්‍රන්ථයේ ඇතුළත් කරුණු අද රජය විසින් ක්‍රියාත්මක කරමින් සිටිනවා. මේ රටේ දේශපාලනය කරන සියලු දෙනාම එය කියවා ගත යුතුයි. අප තවදුරටත් එකිනෙකා විවේචනය කර ගැනීමෙන් ඵලක් නැහැ. අන්තයටම පිරිහුණු රට යළි ගොඩ නැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නැහැ. අද ජනතාව පෝලිම් නැති යහපත් ජීවිතයක් ගත කරමින් සිටින්නේ එම වැඩපිළිවෙළ නිසයි. එබැවින් සියලු පක්ෂ මේ සමඟ එකට සිට ගත යුතුයි. මේ යන ගමන කවුරුන් විසින් හෝ වෙනස් කළොත් එහි වගකීම ඔවුන් විසින් දැරිය යුතුයි. දෙශපාලන වාසි වෙනුවෙන් ඇතැම් අවස්ථාවල සිදු කරන යම් යම් සාවද්‍ය ප්‍රකාශවල වගකීම ද එම පාර්ශ්ව විසින් දැරිය යුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 වසරේදී වගකීම භාර ගන්නා අවස්ථාව වන විට මේ රට තුළ කිසිවෙකුටත් දේශපාලනය කිරීමේ හැකියාව තිබුණේ නැහැ. කිසිම සංවර්ධන කාර්යයක් කිරීමට කිසිවෙකුටත් ශක්තියක් තිබුණේ නැහැ. වසර තුනක් අතපසු වූ එම සංවර්ධන ක්‍රියාවලි ලබන පෙබරවාරි මාසයේ සිට යළි ආරම්භ කිරීමට හැකියාව මේ වනවිට ලැබී තිබෙනවා. නමුත් මෙම රටේ සංවර්ධන ක්‍රියාවලිය අඩපණ කිරීම සඳහා ද ඇතැම් පාර්ශ්ව උත්සාහ ගනිමින් සිටිනවා. ඒ පිරිස් මේ දිනවල වැඩ වර්ජන රැල්ලක් දියත් කර තිබෙනවා. එය ලෝකය පුරා ප්‍රචාරය කිරීමෙන් මෙරට පැමිණෙන සංචාරයකයින් ප්‍රමාණය අඩු කිරීම ඔවුන්ගේ ප්‍රයත්නය වී තිබෙනවා . එමඟින් රටේ ආර්ථිකය බිද දැමිය හැකියි. ඒ හමුවේ රටට හිමි විය යුතු ඩොලර් බිලියන ගණනක් අහිමි වීමේ අවධානමක් පවතිනවා. තවද ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ජපානය මෙන්ම පැරිස් සමාජය ඇතුළු මෙරට ණය හිමි රටවල් සමඟ එක් ගිවිසුමක් ද, චීනය සමඟ තවත් ගිවිසුමක් ද අත්සන් කිරීමට නියමිතයි. ඒ සමඟ පෙබරවාරි මාසයෙන් පසු ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ජයිකා ආයතනය මෙන්ම මිත්‍ර රටවල සහයෝගය ඇතුව රට ඉදිරියට ගෙන යාමට අවස්ථාව උදා වෙනවා. එය කඩාකප්පල් කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළ හැකියි. එවැනි ප්‍රයත්නයන් හඳුනාගෙන ඒවා පරාජය කිරීම ජනතාව සතු වගකීමක් වනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 93
Previous Post

සෞඛ්‍ය වෘත්තීය සමිතිවල ඉල්ලීම් ගැන මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරනවා – ඇමැති රමේෂ්

Next Post

සබන් සහ සේදුම් ද්‍රව්‍ය නිෂ්පාදන තාක්ෂණික පුහුණු වැඩසටහනක් – ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

editor ttvnews

editor ttvnews

Next Post
ෆෝ සීරෝ ගී රසෝඝය’ ජනවාරි 20 වෙනිදා BMICහිදී – ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

සබන් සහ සේදුම් ද්‍රව්‍ය නිෂ්පාදන තාක්ෂණික පුහුණු වැඩසටහනක් - ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025

Recent News

රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved