27 April 2024
#දේශීය #පුවත්

සබන් සහ සේදුම් ද්‍රව්‍ය නිෂ්පාදන තාක්ෂණික පුහුණු වැඩසටහනක් – ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

සුලු පරිමාණ සබන් සහ සේදුම් ද්‍රව්‍ය නිෂ්පාදකයින් බිහිකිරීම හා දැනට කරගෙන යනු ලබන ව්‍යාවසායකයින් සංවර්ධනය කිරීම සඳහා සුදුසු තාක්ෂනය ලබා දීමෙ වැඩසටහනක් ලබන 19 වනදා පැවැත්වීමට සංවිධානය කර ඇති බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසයි.

මෙය කොලඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන අතර මෙම වැඩසටහන මගින් සබන් සහ සේදුම් ද්‍රව්‍ය නිෂ්පාදනවල තාක්ශනය, උසස් තත්වයේ අමුද්‍රව්‍ය සපයා ගැනීම, ඇසුරුම් කිරීම, තත්ව පාලනය හා අළෙවිකරණය පිලිබඳ ප්‍රායෝගික දැනුම ලබා දෙනු ඇත.

මෙම වැඩසටහනේදී රු 1500.00 ක ලියාපදිංචි ගාස්තුවක් අය කරනු ලබන අතර එහිදි ප්‍රායෝගික පුහුණුවට අමතරව වටිනා සහතිකයක්ද, ව්‍යාපාරය ආරම්භ කර සංවර්ධනයකය ගැනීමට අවශ්‍ය අනෙකුත් සේවාවන් හා පසුවිපරම් සේවාවන්ද ලබා දීමට සැලසුම් කර ඇත.

මෙම වැඩසටහන සඳහා සීමිත සංඛ්‍යාවක් සහභාගි කරගන්න බැවින් 2024 ජනවාරි 19 දිනට පෙර ලියාපදිංචි විය යුතු බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසයි.

මේ පිලිබඳ වැඩි විස්තර නියෝජ්‍ය අධ්‍යක්ෂ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, 98, හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කඳ නුගේගොඩ යන ලිපිනයට ලිපියක් එවීමෙන් හෝ [email protected] ට ඊමේල් ලිපිනයට පණිවිඩයක් එවීමෙන් හෝ 0112815009 හෝ 0716371664 ට ඇමතුමක් ලබාදීමෙන් හෝ ලබාගත හැකිවේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *