• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කිසිවිටෙකත් ත්‍රස්තවාදයට ඉඩක් නෑ .. යුතුකම් ඉටුකරන බව අගමැති කියයි

29 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරියටත් කිසිවිටෙකත් ත්‍රස්තවාදයට ඉඩ නොදෙමින් රටේ ජනතාවට නිදහසේ නිවහල්ව තමන්ගෙ ආගම ඇදහීමට ජීවත්වීමට පියවර ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී ඊයේ (28) පස්වරුවේ 2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට නව නිවාස ලබා දීමේ පළමු අදියරට එක්වෙමිනි.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් අතින් මෙහි දී නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස සංකීර්ණවලින් ප්‍රතිලාභී පවුල් 19කට මෙසේ නව නිවාස ප්‍රදානය කෙරිණි. කුලී පදනම හා අඩු අදායම්ලාභී පදනම මත තෝරාගත් ප්‍රතිලාභී පවුල් 33කට මෙසේ නව නිවාස ප්‍රදානය කිරීමට නියමිත අතර එම එක් නිවසක වටිනාකම රුපියල් මිලියන 4 ඉක්මවයි.

අති උතුම් ජේ.ඩී ඇන්තනී රදගුරුතුමා සහ අති උතුම් ඇන්ටන් රන්ජිත් රදගුරුතුමා, නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ද නිවාස ප්‍රදානය හා එක්වූහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි දී කළ සම්පූර්ණ කතාව මෙසේය. ” එදා කොච්චිකඩේ බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් රජයක් වශයෙන් කළ යුතු යුතුකම අපි අනිවාර්යයෙන් ඉටුකරනවා. අපි අතින් ප්‍රමාදයන් ඇතිවෙන්න ඇති, එහෙත් අනිවාර්යෙන්ම ඔවුන් වෙනුවෙන් අපේ කැපවීම කරන්න සූදානම්. මොකද අපි දන්නවා ත්‍රස්තවාදයෙන් බැටකාපු පිරිස ඒ පවුල් මොනතරම් තත්ත්වයක ඉන්නවාද කියන එක. මේ වාගේම ඉදිරියේ දී එවැනි තත්ත්වයක් ඇති නොවන්න වගබලාගන්න මේ රජය පියවර ගන්නවයි කියන එක මතක් කළ යුතුව තිබෙනවා. ජනතාවට නිදහසේ ජීවත්වෙන්න ගමන් බිමන් යන්න. තමන්ගෙ ආගම ඇදහීම සඳහා පන්සලට පල්ලියට කෝවිලට යන්න අයිතිය තිබිය යුතුයි. එය රැක දීම ඒ වගකීම වගේම ආගම ඇදහීමේ නිදහස භුක්ති විඳින්න නම් ඔවුන්ට ආරක්ෂාව ඇතිව තමන්ගෙ ආගම ඇදහීමට ඉඩ දිය යුතුව තිබෙනවා. එහෙම නම් ඒ සඳහා ගතයුතු සියලු පියවර ගැනීම රජයක වගකීමක්. අපේ වගකීමක් වශයෙන් අපි එය සළකනවා. ඒ නිසා අද මේ පිරිස වෙනුවෙන් අපේ යුතුකමක් ඉටු කරන්න වගේම මේ සඳහා සහභාගීවෙන්න ලැබීම ගැනත් මා සංතෝෂ වෙනවා. විශේෂයෙන්ම අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා හමුවුණ හැම අවස්ථාවකදීම මතක් කරන එක කාර්යයක් තමයි එදා පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වුණ ජනතාව වෙනුවෙන් රජයක් විසින් ඉටු කළ යුතු යුතුකම් ඉටු කරන්න කියන එක. අපි බොහොම පැහැදිලිව කියන්න ඕන අපෙන් විය යුතු යුතුකම අපි අනිවාර්යයෙන් ඉටු කරනවා. ඒ වගේම තමයි එවැනි තත්ත්වයක් අනාගතයේ දී ඇති නොවන්න වගබලා ගැනීම අපේ වගකීමක්. ඒ සඳහා අපි කටයුතු කරනවා. රජයක් වගකීම භාරගත්තම නිවාස නොමැති අය වෙනුවෙන් නිවාස ලබා දීමත් අපේ වගකීමක්. ඒ නිසා ඒ නිවාසලාභීන්ට නිවාස ලබා දීමේ වැඩපිළිවෙලත් අපි ක්‍රියාත්මක කරන බව මතක් කළ යුතුයි. අපි විශේෂයෙන්ම රජයක් වශයෙන් අපෙන් විය යුතු යුතුකම ඉටු කරනවා. මේ රටේ ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න අපි කටයුතු කළා. ඒ අවස්ථාවේ අවුරුදු 27කට 30කට ආසන්න කාලයක් මේ රටේ තිබුණ ත්‍රස්තවාදය නිසා ජනතාව මොන තරම් නම් බැට කෑවද කියන එක අපි දන්නවා. ඒ නිසාම බලයට ඇවිල්ලා අවුරුදු තුනක් යන්න ඉස්සරවෙලා ඒ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දමන්න අපට පුළුවන් වුණා කියන එක අපි සංතෝෂයෙන් කියන්න ඕන. ඒ නිසා ඉදිරියටත් කිසිවිටෙකත් ත්‍රස්තවාදයට ඉඩ නොදෙමින් රටේ ජනතාවට නිදහසේ නිවහල්ව තමන්ගෙ ආගම ඇදහීමට ජීවත්වීමට පියවර ගැනීම අපි කරනවා කියලා මතක් කරන්න ඕනි. අපිට යුතුකමක් තියෙනවා ඒ යුතුකම තමයි පීඩා විඳි අය වෙනුවෙන් දිය යුතු වන්දි ඒ වගේම අනෙකුත් දිය යුතු දේවල් නොපිරිහෙලා ඉටු කරන්න. ඒ නිසා ඔවුන් වෙනුවෙන් එය නොපිරිහෙලා ඉටු කරනවාය කියන එකත් සිහිපත් කරනවා. රටක් තුළ සියලු ජනතාව ආගම් භේදයෙන් තොරව, ජාති භේදයෙන් තොරව කටයුතු කිරීමට අපි වගබලා ගත යුතුයි. ඒ නිසා මේ අවස්ථාවේ දී ඔබට ලැබිය යුතු යම් දෙයක් තිබේ නම් එය ලබා දීම අපේ වගකීමක්. රට ජාතිය වෙනුවෙන් සියලු දෙනා එකමුතුව අපි කටයුතු කරන්න ඕන. ආගම් භේදයෙන් ජාති භේදයෙන් තොරව ජීවත්වීම සඳහා පසුබිම සකස් විය යුතුයි. ඒ වගේම රටේ සංවර්ධනය සඳහා පියවර ගැනීමත් අප කළ යුතුව තිබෙනවා. අද අපි උතුර ද නැගෙනහිර ද දකුණද බටහිර ද කියලා බැලුවෙ නැතිව අපේ සංවර්ධන වැඩපිළිවෙල රට පුරාම එක හා සමානව ඉටු කරමින් යන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ සංවර්ධනය එක්ක රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා අපි පියවර ගන්නවා. අපෙන් විය යුතු යුතුකම් ඉටුකරන්න අපි හැමවෙලාවෙම සූදානම් කියන එක මතක් කරමින් ඔබ සියලු දෙනාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාවට අති උතුම් ජේ.ඩී ඇන්තනී සහ අති උතුම් ඇන්ටන් රන්ජිත් රදගුරුතුමන්ලා ඇතුළු පියතුමන්ලා සහ ප්‍රතිලාභි පවුල්වල සමාජිකයෝ, නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහත්වරු ඇතුළු පිරිසක් ද උත්සව අවස්ථාවට එක්වූහ.

Post Views: 2
Previous Post

සිරුරට ගිනි තබා ගනිමින් අයෙකු මරුට

Next Post

ලොව ජනතාවගෙන් 50,000 ක් කොරෝනාට බිලි වෙයි

editor

editor

Next Post

ලොව ජනතාවගෙන් 50,000 ක් කොරෝනාට බිලි වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved