• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරතෙක් අපේක්ෂයා ගැන කතා නෑ – මන්ත්‍රී කුට්ටිආරච්චි

11 May 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අප ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ පසු අපේක්ෂකයා වේදිකාගත කිරීම පක්ෂයේ ක්‍රියාමාර්ගය වන අතර පොහොට්ටුව සහ රාජපක්ෂවරු නොමැතිව ජනාධිපතිවරයෙක් බිහිකිරීමට සිහිනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා, “දේශපාලනය පහුගිය කාලයේ පුරාවටම දැක්කදේ තමයි දේශපාලඥයාගේ ප්‍රධානම අරමුණ වෙන්නේ දේශපාලනික වශයෙන් කොහොමද රටේ බලය අල්ලන්නේ කියන එක. හැබැයි අවාසනාවකට සමහරුන්ට ආණ්ඩු බලය ගත්තාම ආණ්ඩුව කරගෙන යන්නේ තමන් කියලා කාරණාවත් අමතකවෙලා යනවා. දැන් අපි තරණ මන්ත්‍රිවරු විදිහට අපේ යම් යම් කණ්ඩායම් සමඟ එකට ඒකරාශීවෙලා පුද්ගල චරිතත් සමඟ අනුබද්ධවෙලා දේශපාලන ක්‍රියාදාමයන්වල කටයුතු කළා. හැබැයි අපි පක්ෂ මූලික කරගෙන අදටත් අපි ඒ කටයුතු ටික කරගෙන යනවා. ජනතාව දැන් ඉන්නේ ආණ්ඩු කරන්නේ කවුද ? ජනාධිපති කවුද කියන කාරණාවට වඩා ජනතාව දැන් ඉන්නේ රටට වැඩපිළිවෙලක් දෙන්නේ මොන කණ්ඩායමද කියලා බලාගෙන. රටේ ජනතාව තරුණ ප්‍රජාව වෙනස්වෙන කොට දේශපාලන පක්ෂ වෙනස් වෙන්න බැරිනම් , දේශපාලන නායකයින්ට වෙනස් වෙන්න බැරිනම් මේ රටට සෙතක් වෙන්නේ නෑ කියලා තමයි මට කියන්න වෙන්නේ. දැන් දේශපාලන පක්ෂත්, දේශපාලන නායකයෝත් , දේශපාලඥයන් වෙනස්වෙන්න ඕන යුගයකට ඇවිල්ලා තිබෙන්නේ. මේ මැයි මාසේ 09 ට වසරයි. ඒ අරගලේ තුළ තිබුණු සටන්පාඨ වනුයේ මැර දේශපාලනය නතර වී, වංචාව දූෂණය නතර වෙන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වෙන්න ඕන. දේශපාලඥයා නැති යුගයක් නිර්මාණය කරගන්න ඕන, පාර්ලිමේන්තුව විනාශ වෙන්න ඹ්න, ඇති නැති පරතයක් නැති කරලා ඒකට පොලු අරන් ගහලා මිනි මරන්න ඕන කියන මේ වගේ විවිධ සටන් පාඨ ඔස්සේ තමයි මේ අරගලය නිර්මාණය වුණේ. එහි අවසානයේ ප්‍රතිපලය තමයි ජනාධිපතිවරයා එලවලා ජයග්‍රහණය කිරීම. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් මරන්න පුළුවන්කම ලැබුණා, ගෙවල් විශාල ප්‍රමාණයක් විනාශ කරන්න ඒ අරගලය තුළින් පුළුවන්කම ලැබුණා. මේ සියල්ල කරලා අවසානයේ අරගලයෙන් බලාපොරොත්තු වුණු දේ සිදුවුණාද? දැන් අරගලයට නායකත්වය දුන්න නළු නිළියෝ ටික, සමාජ ක්‍රියාකාරයෝ ටික අද හොයා ගන්න නෑ. ඒ වගේම අරගලයේ කළුතර දිස්ත්‍රික් නායකයා කුඩා දැරිවියක් අපයෝජනයට ලක්කරලා චෝදනා ලබලා ඉන්නවා. මේ විදිහට ඒ අරගලයේ ක්‍රියාකාරි හිටපු කණ්ඩායම් දූෂණ, වංචාවලින් පිරුණු කණ්ඩායමක්. එහෙම පිරිසක් රටේ නිතිය අතට අරගෙන කටයුතු කළේ. අරගලය තුළින් දේශපාලනඥයාගේ ඇස් අරුණා. අරගලය තුළින් හොඳ පැතිකඩයන්ට වඩා නරක පැතිකඩයන් තමයි අපිට එළියට එනවා පේන්නේ. ඒ නිසා අරගලය කියන එකත් මේ රටේ එක්තරා කාලවකවානුවක අමිහිරි අත්දැකීමක් තුළින් එළියට ආපු අවස්ථාවාදි තත්වයක් විදිහට තමයි සලකන්න වෙන්නේ. ඒ නිසා දැන් මේ අරගල කියන දේවල් පැත්තකින් තියලා අපි සියලුදෙනාම එකතුවෙලා වැඩකරන්න ඕන තත්වයක් මේ ඇවිත් තිබෙන්නේ. බොහෝ අය විශ්වාස කළා අද පොහොට්ටුවට ගමට යන්න බෑ කියලා. පොහොට්ටුවට දේශපාලන රැස්වීමක් තියන්න බෑ කියලා. නමුත් අපිට තිබුණේ නැවත ආරම්භයක් සනිටුහන් කරන්නයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවශ්‍ය වී තිබුණේ මැයි පෙළපාලිය හරහා ගෝල්ෆේස් එක පුරවන්න නොවේ. විශාල ජනකායක් ගේන්න නොවේ. පොහොට්ටුව මේ දේශපාලන ගමන්මඟේ ක්‍රියාකාරි පක්ෂයක් විදිහට ඉන්නවා කියන කාරණාව පෙන්වන්නයි. අපි ඉතාම සාර්ථක විදිහට මැයි රැලියේ ආරම්භය සනිටුහන් කළා. ඒ වගේම ආණ්ඩුවක වැඩකරනකොට අපේ ඇමතිවරුත්, හැම කෙනාම අපේ විෂය පථය තේරුම් අරගෙන වැඩ කළොත් හොඳයි. ඒක ඇමතිවරයෙක් කරන ධනාත්මක සිතිවිල්ල තවත් ඇමතිවරයෙක් ඇවිත් මාධ්‍ය ඉස්සරහට ඇවිත් කෑගහනවා වෙනුවට සෑම අමාත්‍යවරයෙකුටම තියෙන වගකීම් ටික නොපිරිහෙලා ඉෂ්ට කරනවානම් එක එක දේවල් මාධ්‍ය තුළින් ඇසෙන්නේ නෑ. මේ රට විනාශයක් වූණානම්, මුහුදු තිරයට විනාශයක් වුණානම් ඒ විනාශය වන කාලසීමාව තුළ හිටිය අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයා අනිවාර්යයෙන්ම මේ රටට වගකියන්න ඕන. IMF එක හරහා අපිට ලැබුණ පොඩි උත්තේජනයක්. හැබැයි අපි ඩොලර් ආධාර වශයෙන් හරි ගෙනාවත් ඒක යැපුම් මානසිකත්වයෙන් හා පරිබෝජනය සඳහා පවිච්චි කළොත් රට නැවතත් අගාධයකට යන්නේ. ඒ නිසා පිටරටිකින් ලැබෙන එක ඩොලරයක් හරි පාවිච්චි කරලා ඒ එක ඩොලරයකින් අපේ රට තුළ තව ඩොලරයක් උත්පාදනය කරන ක්‍රියාවලියක් කොහොමද හොයාගන්නේ, එය අපනය සඳහා සුදුසු කියන කාරණාව තුළ ඉදගෙන මේ සෑම මුදලක්ම කළමණාකරනය කරගන්න පුළුවන් වුණෝතින් තමයි මතු පරම්පරාවට ගොඩයන්න පුළුවන් වෙන්නේ. දේශපාලනඥයාට විතරක් චෝදනා කරගෙන හිටපු රාජ්‍ය සේවකයා මේ දවස්වල දේශපාලනඥයා හරහා චෝදනාවට ලක්වෙනවා. හැබැයි රාජ්‍ය සේවකයින්ට මතක් කරන්නේ රාජ්‍ය සේවයේ උපරිම කාර්යක්ෂමතාවය අපිට ලබා දෙන්න. ඒ නිසා රජය අපහසුතාවයට පත්කරන වැඩ රාජ්‍ය නිලධාරි කරන්න හොඳ නෑ. රාජ්‍ය නිලධාරි අපහසුතාවයට පත්වෙන ක්‍රියාකාරකම් දේශපාලනඥයන් කරන්න හොඳ නෑ. ඒ නිසා රාජ්‍ය සේවකයන්ට පැහැදිලිව මතක් කරන්නේ රටේ අනාගතය වෙනුවෙන් තනියෙන් මේ දේවල් සිදුකරන්න අමාරුයි. ඒ නිසා මේ රටේ යථාර්ථය තේරුම් අරගෙන මේ කරන කැපකිරීමේදි අපි හැමෝම එකට ඒකාබද්ධවෙලා , ඒකරාශිවෙලා වැඩ කළයුතුයි. ජනාධිපතිවරණය එන තෙක් ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව පොදුජන පෙරමුණ කතා කරන්න සූදානම් නෑ. ඉතිහාසයෙත් අපි එහෙම ජනාධිපතිවරණ ප්‍රකාශයට පත්කරාට පසුව තමයි අපේ හරිම අපේක්ෂකයා වේදිකාගත කරන්නේ. කවුරු හරි හිතාගෙන ඉන්නවානම් පොහොට්ටුව නැතිව, රාජපක්ෂවරු නැතිව මේ රටේ ජනාධිපතිවරයෙක් බිහිකරගන්න පුළුවන් කියලා මම හිතන්නේ එය සිහිනයක්. විධායක ජනාධිපතිවරු දෙදෙනෙක් ජනතා පරමාධිපත්‍යයෙන් තේරුණු පක්ෂයක් තමයි පොදුජන පෙරමුණ. ඒ නිසා රාජපක්ෂවරු ගත්තාම මහා දැවැන්ත කඳවුරක් නිර්මාණය කළ පක්ෂයක්. පොදුජන පෙරමුණ සතුව ප්‍රාදේශීය සභා බහුතරය තිබෙන්නේ. පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ අපිට. මොන විදිහට ප්‍රශ්න ඇති කළත් අපේ ඒ සංවිධාන කටයුත්ත නතර කරලා නෑ. ඒ නිසා මේ රටේ ඊළඟ ජනාධිපතිවරණයේදි ජනාධිපතිවරයා බිහිකිරීමේ තිරණාත්මක සාධකය තියෙන්නේ පොහොට්ටුවත්, රාජපක්ෂ කඳවුරත් සතුවයි.”යැයි මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

වහාම සාමකාමී අරගලයේ නිරත වූවන්ගේ ජීවිත ආරක්ෂා කරන්න – විපක්ෂ නායක සජිත්

Next Post

කාලීන සංවර්ධන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ඉඩම් අණ පනත් සංශෝධනයට ජනපතිගෙන් උපදෙස්

editor

editor

Next Post

කාලීන සංවර්ධන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ඉඩම් අණ පනත් සංශෝධනයට ජනපතිගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved