• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ථේරවාදී භික්ෂු කතිකාවත් කෙටුම්පතට බය වෙන්න දෙයක් නෑ

26 July 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත විරුද්ධ වන්නේ දුරාචාර වැඩවලට කැමැත්ත ඇති පිරිස් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියන් පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය උන්වහන්සේගෙන් ථේරවාදී භික්ෂු කතිකාවත සම්බන්ධයෙන් කළ විමසීමකදී කියා සිටියේ මේ වන විට භික්ෂු ශාසනය තුළ යම් යම් විරුප දේ සිදුවන අවස්ථා දැක ගත හැකි බවයි.

එම නිසා සංඝයා වහන්සේලාවත් ගිහියොවත් කලබල නොවිය යුතු බව හෙතෙම කියා සිටියේය. අද වන විට පන්සල් ව බුද්ධ පුජාවගේම දේව පුජා පවත්වන තත්ත්වයක් ඇතිව තිබෙන අතර ඇතැම් අය බුද්ධාගම වෙනුවට වෙනත් දේ ඉගැන්වීමේ කටයුතු වල නිරත වීම පවා සිදුවන බවයි. කෙසේ වෙතත් ඇතැම් භික්ෂුවහන්සේලා යම් යම් අපරාධවලට පවා වරදකරුවන් වීමේ තත්ත්වයක් මතුව ඇති බව ද අමිල හිමියන් කියා සිටියේය.

සැබෑවින්ට මෙවැනි ‍ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත) රටට අවශ්‍ය බවත් මෙය පුදුමයට පත් විය යුතු නැති බව ද උන්වහන්සේ කියා සිටියේය.

 

ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත පිළිබද සරල හැදින්වීමක්

පසුබිම-

පනත් කෙටුම්පත 2015 දෙසැම්බර් මස 14 වන දින ගැසට් පත‍්‍රයේ පලකල අතර අධිකරණ හා බුද්ධ සාසන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මහතා විසින් 2016 ජනවාරි මස 12 වන දින පලමුවර කියවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී

පනතේ අරමුණු

x ශ‍්‍රී ලංකාවේ ථේරවාදී භික්ෂූන්ගේ නිකාය හෝ පාර්ශ්වයන්ට අදාළව කතිකාවක් සම්පාදනය කර ලියාපදිංචි කිරීම සඳහා ද;
x සෑම භික්ෂූන් වහන්සේ නමක් විසින් ම එකී භික්ෂූන් වහන්සේට අදාළ වන නිකායේ හෝ පාර්ශ්වයේ ලියාපදිංචි කතිකාවතේ විධිවිධානවලට අනුකූලව ක‍්‍රියා කළ යුතු බවට විධිවිධාන සැලැස්වීම සඳහා ද;
x යම් ලියාපදිංචි කරන ලද කතිකාවතක විධිවිධානවලට පටහැනිව කටයුතු කරන භික්ෂූන් වහන්සේලාට දණ්ඩන පැනවීම සඳහා ද,
x ඉහත කරුණුවලට අදාලව ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම

මෙම පනත ක‍්‍රියාත්මක වන ආකාරය

x එක් එක් නිකායන් විසින් භික්‍ෂු කථිකාවත් සම්මත කරගැනීම
x සම්මත කරගත් භික්‍ෂුකථිකාවත් ලියාපදිංචිය සදහා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කිරීම
x කථිකාවත විශේෂඥ මණ්ඩලයක් වෙත යොමුකර අනුමත කරවා ගැනීම
x කථිකාවත ලියාපදිංචි කිරීම
x ලියාපදංචි වූ කථිකාවතට අනුව එකී නිකායේ භික්‍ෂූන් වහන්සේලා ක‍්‍රියාකල යුතුය
x තමා අයත් නිකායේ හෝ පාර්ශ්වයේ ලියාපදිංචි කතිකාවතේ විධිවිධාන භික්ෂූන් වහන්සේ නමක් විසින් උල්ලංඝනය කරනු ලබන අවස්ථාවක අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් එ් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු ය.
x කාරක සංඝ සභාව විසින් තීරණයක් ගෙන එකී තීරණය අදාල භික්‍ෂුන් වහන්සේට දැනුම්ද්ීම
x චෝදනා ලැබ සිටින භික්ෂූන් වහන්සේ විසින් කාරක සංඝ සභාවේ තීරණයට අනුකූලව ක‍්‍රියා කළ යුතු ය.
x එ් තීරණයට අනුකූලව ක‍්‍රියා කිරීම පැහැර හරින හෝ ප‍්‍රතික්ෂේප කරන භික්ෂූන් වහන්සේ නමක් මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර, මහෙස්ත‍්‍රාත්වරයකු විසින් පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබීමේ දී රුපියල් පනස් දහසකට නොඅඩු දඩයකට හෝ මාස හයකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ එ් දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දෙකට ම හෝ යටත් විය යුතු ය.

 

භික්‍ෂු කථිකාවතකට අඩංගු විය හැකි කරුණු

(අ) අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ කාරක සංඝ සභාවේ සංයුතිය සහ කර්තව්‍ය;
(ආ)භික්ෂූන් වහන්සේ නමක් විසින් නොපිරිහෙලා අනුගමනය කළ යුතු හැසිරීම් සහ විනය කරුණු ඇතුළත් සංග‍්‍රහයක්;
(ඇ) භික්ෂූන් වහන්සේ නමක් විසින් (ආ)ඡේදයේ සඳහන් හැසිරීම් සහ විනය කරුණු ඇතුළත් සංග‍්‍රහය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු ආකාරය; සහ
(ඈ) එසේ උල්ලංඝනය කිරීම් සඳහා වන දඬුවම්.

කතිකාවතක ඇතුලත් කල හැකි දඬුවම්

(අ) වැඩ සිටින විහාරස්ථානයෙන් තාවකාලිකව ඉවත් කිරීම
(ආ) වැඩ සිටින විහාරස්ථානයෙන් ස්ථිරව ඉවත් කිරීම
(ඇ) විහාරාධිපති ධුරයෙන් තාවකාලිකව ඉවත් කිරීම
(ඈ) විහාරාධිපති ධුරයෙන් ස්ථිරව ඉවත් කිරීම
(ඉ) ශිෂ්‍ය භාවයෙන් ඉවත් කිරීම
(ඊ) අදාළ නිකායෙන් හෝ පාර්ශ්වයෙන් ඉවත් කිරීම
(උ) භික්ෂු ලියාපදිංචිය අවලංගු කිරීම.

විශේෂඥ මණ්ඩලයේ සංයුතිය (5)

(අ) බෞද්ධ භික්ෂූන් වහන්සේලා තුන් නමක්
(ආ) බෞද්ධ භිකෂූන් වහන්සේ හට අදාළ විනය රීති පිළිබඳව දැනුමක් ඇති නීතිඥවරුන් දෙදෙනෙකුගෙන්,

 

තොරතුරු සම්ප්‍රදය – ජගත් ලියනාරච්චි

Post Views: 1
Previous Post

අලුත් ඇලෝසියක්ගෙන් ජනාධිපතිවරණ දිනන එකට විරුද්ධයි

Next Post

මම ගත්තේ බලපෑම් වලක්වන්න

editor

editor

Next Post

මම ගත්තේ බලපෑම් වලක්වන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved