27 April 2024
#ක්‍රීඩා

අලුත් ඇලෝසියක්ගෙන් ජනාධිපතිවරණ දිනන එකට විරුද්ධයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන ලද 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තම පක්ෂය සම්පුර්ණයෙන්ම විරුද්ධ බව එක්සත් ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඒ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඒ මහතා මෙසේ අදහස් පල කර සිටියේය “අද වෙනකොට ඉතාමත් පැහැදිලියි ඇයි මේ 20 වෙනි සංශෝදනයක් කාගේ උවමනාවටද ගෙනාවේ කියලා. මේක ගෙනාවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාවටයි. ඒ මොකද මේ යන තත්වය අනුව ජනාධිපතිවරණයක් ඉදිරියේදී දිනන්න බැරි නිසයි. මේ සංශෝධනය ගෙන්න ජනතා විමුක්ති පෙරමුණත් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොන්තරාත්තුව ඉතාම හොඳට ඉෂ්ඨ කරනවා. මේ සංශෝධනයෙන් කරන්න හදන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී 225 දෙනා විසින් ජනාධිපති කවුද කියල තීරණය කරන එකයි. ඒ කියන්නේ අලුත් ඇලෝසියස් කෙනෙක් මාර්ගයෙන් මන්ත්‍රිවරුන්ට පගාව දීලා ජනාධිපතිවරණය දිනවන එකයි මෙයාලා මේ කරන්න හදන්නේ. අපි මේ 20 වෙනි සංශෝධනය ගේනවට සම්පුර්ණයෙන්ම විරුද්ධයි. රටේ ජනතාවගේ ඡන්දෙනුයි ජනාධිපති කෙනෙකු පත් කරන්න ඕනේ. ඒ කියන්නේ උතුරේ දකුණේ නැගෙනහිරේ බස්නාහිරේ රටේ හැමතැනම ජනතාව එකතු වෙලයි මේ රටේ ජනාධිපති පත්කළ යුත්තේ. මොකද මේ රට ජාතිලආගම් රාශියක් නියෝජනය කරන රටක්. පාර්ලිමේන්තුවට විතරක් මෙවැනි දෙයක් තීරණය කරන්න බැහැ. එහෙම කලොත් ඔහු ඒ ජනතාවගේ ජනාධිපතිවරයෙක් වෙන්න බැහැ” යැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *