• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

සිංහරාජ ජාතික උරුමය සොබා සෞන්දර්යය අලෙවිකරණ සැළැස්මක් තිබිය යුතුයි – ඇමැතිනි පවිත්‍රා

11 September 2023
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සිංහරාජ ජාතික උරුමය කරුමයක් නොවී සම්පතක් වීමට නම් එහි සොබා සෞන්දර්යය රකිමින් එම සොබා සෞන්දර්යය අලෙවිකරණ සැළැස්මක් තිබිය යුතු බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ පසුගිය 09 වනදා සිංහරාජ ජෛවගෝල රක්ෂිතයට ඇතුලුවීමට රත්නපුර කලවාන කුඩාව ප්‍රදේශයේ දොරණ ඇල්ල සිංහරාජ අභිනවයෙන් ඉදිකළ ඇතුලුවීම දොරටුව සහ පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම ප්‍රදේශයේ ජනතාවට සිංහරාජ වනාන්තරය රකින අතරම දියුණු වීමට මාර්ග ඇති කළයුතු බවත් , සොබා සෞන්දර්යය විකිණිමේ සැළැස්ම ගමේ ජනතාවටද ඉඩක් ලබාදී සිදුවිය යුතු බවත්, අමාත්‍යවරිය පැවසුවාය.

එය මෙම ජෛවගෝල රක්ෂිතයට හානි නොවන සැලැස්මක්ද විය යුතු බවත්, විදේශ රටවල සංචාරකයන් ගෙන්වා ගැනීමට මෙරට ජෛව විවිධත්ව තොරතුරු මෙන්ම සොබා සෞන්දර්යය තොරතුරු විකිණිමට මෙම සැලැස්ම ඇතිවිය යුතු බවත්, ඇය පැවසුවාය.

තවදුරටත් අදහස් දක්වමින් “සංචාරක අමාත්‍යංශයත්, කර්මාන්ත අමාත්‍යාංශයත්, වනජීවී වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයත් එකට එකතු වෙලා මෙම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා නව ව්‍යවසායකයින් බිහි කළ යුතුයි. සංචාරකයින් සඳහා අලෙවි කළ හැකි උසස් තත්වයේ නිෂ්පාදන බිහි කළ යුතුයි. ඒ සඳහා කෙටිකාලීන මධ්‍යකාලීන දිගුකාලීන සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා මුල පිරිය යුතුයි. ” යැයිද පැවසීය .

“ගමේ නිෂ්පාදන අලෙවි කරන මධ්‍යස්ථානයක් ඇති කළ යුතුයි.හෙල වෙදකම, දේශිය නිෂ්පාදන, පාරම්පරික කලා අංග, සංස්කෘතිකාංග, ආදී දේ දැකබලාගැනීමට සංචාරකයින්ට අවස්ථාව සලසා දිය යුතුයි.” යනුවෙන්ද පැවසුවාය.

එහිදී සිංහරාජය රැකීම සඳහා ගම්වාසීන් විසින් ඇතිකළ සිංහරාජ වන මිතුරෝ සංවිධානය විසින් කළ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සහ අනෙකුත් නිෂ්පාදන නැරඹීම සඳහාද අමාත්‍යතුමිය සහභාගි වූ අතර එම නිෂ්පාදන ඉදිරිපත් කළ ව්‍යවසායකයන්ට වෙළඳපොලක් ඇතිකිරීම සම්බන්ධයෙන් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ මූලිකත්වයෙන් කර්මාන්ත අමාත්‍යංශය හා සංචාරක අමාත්‍යංශය සමඟ සාකච්ඡා පවත්වන බවත්, හැකි ඉක්මනින් ඒ සඳහා වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරිය පැවසුවාය.

මෙම අවස්ථාවට ලෝක බැංකුව වෙනුවෙන් එහි නියෝජිත ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ස්වභාවික සම්පත් කළමනාකරණ විශේෂඥ ඇන්ඩර්ස් ජෙන්සන් මහතා , පලාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා, වන ජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්.එන්.බී.කේ.එස් සේනාරත්න මහතා, සමන්ති රණසිංහ මහත්මිය, වන සංරක්ෂණ ජනරාල් ආචාර්ය කේ.එම්.ඒ. බණ්ඩාර මහතා, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා,අතිරේක වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා, යුනෙස්කෝ සංවිධානය වෙනුවෙන් වන ජාතික කොමිසමේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අවන්ති සේනාරත්න, යුනෙස්කෝ සාමාජිත ආචාර්ය ජිනී දෑල, පාරිසරික විද්‍යාඥ මහචාර්ය නිමල් ගුණතිලක, යන මහත්ම මහත්මීන්ද, කලවාන ප්‍රාදේශීය ලේකම් සංජීවනී කණ්ඩම්බි මහත්මිය , රත්නපුර සහකාර පොලිස් අධිකාරි අජිත් කුමාර පිටිගල මහතා ඇතුළු පොලිස් නිලධාරීන්ද, ප්‍රාදේශීය දේශපාලනඥයන්ද, ප්‍රදේශවාසීන්ද ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Post Views: 0
Previous Post

රිලවුන් වන්ධ්‍යාකරණය කිරිමට යෝජනා කරනවා- රාජ්‍ය අමාත්‍ය රෝහණ

Next Post

“බේරේ බේරාගමු” මෙහෙයුම් ව්‍යාපෘතිය අරඹයි

editor

editor

Next Post

"බේරේ බේරාගමු" මෙහෙයුම් ව්‍යාපෘතිය අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved