27 April 2024
#දේශීය

රිලවුන් වන්ධ්‍යාකරණය කිරිමට යෝජනා කරනවා- රාජ්‍ය අමාත්‍ය රෝහණ

දිනෙන් දින උග්‍රවන රිලා උවදුරට පිළියම් ලෙස රිලවුන් වන්ධ්‍යාකරණය කිරිමේ වැඩපිළීවෙලක් සකස් කිරිමට අවශ්‍ය යෝජනා රජය වෙත ඉදිරිපත් කිරිම්ට පියවර ගන්නා බව ක්‍රිඩා හ‍ා ‍‍‍යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මාතලේ ඕවිලිකන්ද,මකුලේමඩ පැවති ගොවි සංවිධාන නියෝජතයින් හමුවකදිය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ රිලා උවදුරු මාතලේ පමණක් නොව සැම තැනකම ත්‍රස්තවාදයක් බවට පත්ව ඇති බවත් නිවෙස්වල බත් මුට්ටි පවා උස්සාගෙන යන බවත් අනෙකුත් බෝග වර්ගද විනාශ කර ඇති බවත් මේ පිළිබදව වහා පිළියම් යෙදිය යුතු බවය.

අමාත්‍යවරයා අදහස් දක්වමින් සිටින අවස්ථාවේදි අසළ නිවෙසක ඇති පොල් ගසක කුරුම්බා විශාල ප්‍රමාණයක් විනාශ කරමින් බිම දමන අයුරුද දැකගැනිමට හැකිවු අතර සිය නිවෙසට පවා රිලවුන් පැමිණෙන බවද අමාත්‍යවරයා මෙහිදි පැවසිය.

අදාළ උවදුර පිළිබදව වනජිවි හා වනසම්පත් අමාත්‍යංශය සහා පශු සම්පත් දෙපාර්තමෙන්තුව වෙත මේ පිළිබදව දැනුවත් කර වන්ධ්‍යාකරණය කිරිමේ වැඩපිළිවෙලක් සකස් කිරිමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනිමට යෝජනා හැකි ඉක්මණින් ඉදිරිපත් කරන බවද පැවසිය.

මෙම අවස්ථාවට ගොවි සංවිධාන නියෝජතයින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *