• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට තුළ තිබිය යුත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

28 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ මොහොතේ රට තුළ පැවැතිය යුත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රට ආර්ථික වශයෙන් අතිශය තීරණාත්මක අවස්ථාවකට පත්ව ඇති බැවින් සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව දැඩිව පවතින බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, දේශපාලන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සමග අද (28) මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවක දී ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දුන් විස්තීරණ ණය පහසුකමට අදාළ කොන්දේසි ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරිණි.

එහි දී අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා “මගෙන් මාධ්‍යවේදියකු විමසා සිටියා ආණ්ඩුව දැන් මහ ගිරි දඹ නැගල ඉවර ද කියල. ඇත්තටම දැන් තමයි අපි මහ ගිරි දඹ නගින්න පළමු පියවර තිබ්බෙ. මේ තරම් කල් අපි හිටියෙ හිමේ. පාර පෙනුනෙ නෑ. දැන් අපට පාර පේනවා. අපි මීට පෙර 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතුව. නමුත් ඒ හැම වතාවක දීම අවශ්‍ය ණය මුදල ලබා ගත්තට පස්සෙ ඔවුන්ගේ මග ගියේ නෑ. අවසානයේ අපි ම රැවටුණා.
මේ එළඹිලා තියෙන්නෙ සියලු පාර්ශ්ව එකතු වෙන්න ඕනෙ අවස්ථාවක්. විශේෂයෙන් ම වෘත්තිය සමිති විදියට ඔබ, මාධ්‍යවේදීන්, දේශපාලන පක්ෂ සියල්ල එකතු වෙලා මේ තත්ත්වයන් ගොඩ එන්න ඕනෙ. අපි දන්නවා අසුබ මාතෘකා ඕනෙ තරම් මේ වගේ ආර්ථික පසුබිමක් තුළ සොයා ගන්න අපට පුළුවන්. නමුත් මේ ඊට අවස්ථාව නෙවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට දීල තියෙන කොන්දේසි ඇත්තටම අපි විසින් සිදු කළ යුතු දේවල්. සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම අපි කළ යුතුයි. දූෂණ මර්ධනය කළ යුතු යි. මේවා ක්‍රමානුකූලව සිදු කළ යුතු දේවල්. 90% තිබුණ ආහාර උද්ධමනය 50% මට්ටමකට පැමිණ තියෙනවා. මේව මවපු දේවල් නෙවෙයි. ආර්ථික වශයෙන් ගත් තීරණවල ප්‍රතිඵල. ඍජු සහ වක්‍රබදු අතර පවතින 80% – 20% අනුපාතය අවම වශයෙන් 60%-40% මට්ටමට රැගෙන ආයුතුයි. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කියන කාරණවත් එහෙමයි. විකුණනවා නෙවෙයි. ප්‍රතිව්‍යුහගතකරණයට ක්‍රම රාශියක් තියෙනවා. එකම දේ අපි මේ සියල්ල සේවක අයිතිවාසිකම් රැක ගනිමින් තමයි මේ දේවල් කරන්නෙ. අධ්‍යාපනයට වාර්ෂිකව වැය වෙන්නෙ රුපියල් බිලියන 500 – 600ක් වගේ මුදලක්. නමුත් මේ රාජ්‍ය ආයතන රැක ගන්න රුපියල් බිලියන 300 – 400ක් වාර්ෂිකව වැය වෙනවා.
එක්තරා ආයතනයක් මගින් කරපු සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා මෙරට අවුරුදු 19 – 30ක් අතර තරුණ තරුණියන්ගෙන් 85%ක් කුමන හෝ රටකට යාමේ කැමැත්තෙන් සිටිනවා කියල. අපි මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් අපි හැමෝටම අසීරු භූමිකාවක් රගපාන්න වෙනවා.” යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

මෙම අවස්ථාවේ දී මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක යන මහත්වරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කර ඇති කොන්දේසි සහ එම ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීම් සිදු කළහ.

Post Views: 5
Previous Post

සුබසාධක දීමනා අයදුම්පත් ලක්ෂ 22කට අධික ප්‍රමාණයක තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු අවසන්

Next Post

මාතලේ වෙ‌‌ළෙඳ සැලකින් රුපියල් ලක්ෂ 25 ක සොරකමක් – පොලිසිය

editor

editor

Next Post

මාතලේ වෙ‌‌ළෙඳ සැලකින් රුපියල් ලක්ෂ 25 ක සොරකමක් - පොලිසිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved