ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරයා දක්වාත් ,අගමැතිවරයාගේ සිට මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දක්වාත් සහමුලින් ම අසමත් බව පෙර පාසල් දරුවා පවා දන්නා කාරණයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ හිටපු පළාත් සභා මන්ත්‍රී තෙන්නකෝන් නිලමේ මහතාගේ තිස්සමහාරාම ආසනයේ හම්බන්තොට කොට්ඨාශ සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම අද(18) එක්වෙමිනි.
ආණ්ඩුවේම සිටින ඇතැම් ඇමැතිවරු ආණ්ඩුව විවේචනය කිරීමට පටන්ගෙන ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා තමන් ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වී එළියට පැමිණ ආණ්ඩුවට එරෙහි සටන ආරම්භ කරන ලෙසය .
මේ ආණ්ඩුව පැමිණි දා සිටම ජනතාව කළේ කැපකිරීම් බවත් ඒ වෙනුවට ආණ්ඩුව ජනතාවට දුන් ත්‍යාග වූයේ හතළිස් වසරකට පසු පෝලිම් යුගයක් බිහි කොට ජනතාව පෝලිමේ තැබීම බවත් හෙතෙම පැවසීය.
ජනතාව අප්‍රමාණ දුක් වේදනා උහුලමින් කෙළවරක් නැති කැපකිරීම් කරන අතරේ ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලන ඉල්ලන සියල්ල ලබාදීමට ජනතාව කටයුතු කළ බවද පැවසීය .
ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඉන් අනතුරුව මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඊටත් පසු විසි වැනි සංශෝධනයෙන් බලය වැඩි කර ගැනීමට ජනතාව ආණ්ඩුවට ඉඩකඩ ලබා දුන් බවත් ,ඒ සියල්ලට අද ආණ්ඩුව ජනතාවට සලකන ආකාරය දෛවයේ සරදමක් බවට පත්ව ඇති බවත් ඒ මහතා පැවසීය.
බඩු මිල වැඩි කිරීමෙන් ගිනස් වාර්තාවක් ආණ්ඩුව තබා ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, රටේ දේශීය සම්පත් විකිණීමෙන් ද ආණ්ඩුව වාර්තා පිට වාර්තා තබා ඇතැයි පැවසීය.
මෙම අවස්ථාවට හිටපු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි ,හිටපු පළාත් සභා මන්ත්‍රී තෙන්නකෝන් නිලමේ, ඇතුලු පිරිසක් ඊට එක්විය.