27 April 2024
#දේශීය

කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සිය රාජකාරි අරඹයි

කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්වූ හර්ෂ කුමාර නවරත්න මහතා පසුගිය 15 වැනි දින ඔටාවා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී සිය රාජකාරි ඇරඹුවේ ය.

රාජකාරි ඇරඹීමෙන් පසුව මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඇමතූ නම් කළ මහ කොමසාරිස් නවරත්න මහතා කියා සිටියේ කැනඩාව තුළ සිය ප්‍රමුඛතා සහ දේශපාලන, ආර්ථික හා පුද්ගලාන්තර සබඳතා වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කළේ ය. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සංහිඳියා ප්‍රයත්න වැඩි දියුණු කිරීමේ වැදගත්කම සහ ශ්‍රී ලාංකික උරුමයෙහි කොටස්කරුවන් වන සියලු ප්‍රජාවන් සමඟ කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද හෙතෙම පැවසිය.

තවදුරටත් අදහස් දැක්වූ නවරත්න මහතා, උපකාර අපේක්ෂාවෙන් පැමිණෙන ඕනෑම අයෙකුට මහ කොමසාරිස් කාර්යාලයේ දොරටු විවෘතව පවතින බවත්, ජනතාවට සේවය කිරීමේ උත්සාහය තුළ සිය යුතුකම් ඉටු කිරීම සඳහා සක්‍රියව වැඩ කිරීමට සියලු දෙනා කැපවී සිටින බවත් පැවසී ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *