• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙය ජනතාවට සහනයක් දෙන අයවැයක් විය යුතුයි – මන්ත්‍රී විමලවීර දිසානායක

7 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අයවැය ලේඛනය යනු කිසියම් ආකාරයක දළ සටහනක් පමණක් වන අතර ඒ තුළ ඇත්තේ රටේ ඉදිරි ආර්ථික ගමන් මාර්ගය සහ රටේ ඉදිරි පැවැත්ම පිළිබඳව යම්කිසි පුරෝකථනයක් පමණකි. එය ස්ථීර, නිශ්චිත ප්‍රකාශයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා, “මේ දවස්වල ක්‍රිකට් පසුබෑමේ ප්‍රවෘත්තියක අපි එල්ලිලා ඉන්නේ. ශ්‍රී ලංකාව ඊයේ තරඟයත් පරාජයට පත්වුණා. ක්‍රිකට්වලට ආදරය කරන, ඒ සමඟ ජිවත්වෙන ක්‍රිඩාලෝලීන්ට කණගාටුවක් තිබෙනවා. රටක් විදිහට ක්‍රිඩාවේ ඒ පරාජයන් ජනතාවක් විදිහට දැනෙන අවස්ථාවක්. ජිවිතය වගේම, දේශපාලනය වගේම, ක්‍රිඩාවේත් ජය පරාජයන් තිබෙනවා. අපි ජයග්‍රහණයේදී ඔල්වරසම් දෙනවා වගේම පරාජයේදී බැනවැදිමක්, අපහසකිරීමක් කරන්නත් මැලිවෙන්නේ නැහැ. අපි ජයපරාජය දෙකම සමබරව විදිය යුතුයි. මෙහිදි විෂයභාර අමාත්‍යතුමා බරපතල ලෙස චෝදනා කරනවා ක්‍රිකට් පාලක මණ්ඩලයට. අපි කල්පනා කළොත් මේ රටේ හොරකම් , වංචා, දූෂණ තිබෙනවා. ඒ නිසා ක්‍රිකට් පාලක මණ්ඩලයත් එයින් අත්මිදිච්ච ආයතනයක් කියන්න පුළුවන්කමක් නැහැ. ඒ කොහොම වෙතත් ක්‍රිකට් පිටියේ ක්‍රිඩා කළේ අපේ ක්‍රිඩකයෝ. ඔවුන්ගේ යම් පසුබෑමක් තිබෙනවා කියලා පේනවා. ඉතිහාසයේත් එහෙම වෙලා තිබෙනවා. ඒ නිසා එය කළමණාකරණය කරන්න ඕන. පුහුණුවීම් කරන්න ඕන, තාක්ෂණය භාවිතා කරන්න ඕන, වැඩිදියුණු කරන්න ඕන. ඒ නිසා ක්‍රිකට් ආයතනය දූෂණ සහ වංචා තිබෙනවා කියන එක අලුත් කාරණයක් නොවේ, ඉතිහාසය පුරාම තිබුණ දෙයක්. ඇමතිතුමා අතුරුපාලක මණ්ඩලයක් පත්කරලා තිබෙනවා. එය හොඳද නරකද කියන්න අපි දන්නේ නැහැ. ක්‍රිඩාව දිනනවා පරදිනවා, වීරයෝ දුර්වල වෙනවා එය සාමාන්‍ය දෙයක්. ඒ නිසා ක්‍රිකට් ක්‍රිඩාවේ පසුබෑමක් තිබේ. එය නැවත ගොඩනැගිය යුතුයි කියන කාරණයේදී අපි ඉන්නවා. මට තිබෙන ප්‍රශ්නය මේ ක්‍රිකට් පරාජයට රාජපක්ෂ කෙනෙක් සම්බන්ධ කර නැත්ද? ජැක්සන් ඇන්තනි මහතා මියගිය අවස්ථාවේ එතුමාගේ මරණයටත් සම්බන්ධ කළා රාජපක්ෂ කෙනෙක්. හැමදාම අයවැය ලේඛනයක් ආවාම එහි හොඳ නරක විවේචනය කරනවා සති ගාණක් යනකන්. අයවැය ලේඛනය යනු කිසියම් විදිහක දළ සටහනක් පමණයි. රටේ ඉදිරි ආර්ථික ගමන පිළිබඳව, රටේ ගමන පිළිබඳව යම්කිසි පුරෝකථනයක් විතරයි තිබෙන්නේ. හැබැයි එය ස්ථීර, නිශ්චිත ප්‍රකාශයක් නොවේ. කෙසේ නමුත් මේ අයවැයෙන් මේ රටේ පිඩාවට පත්වෙච්ච ජනතාවට යම්කිසි සහනයක් ලැබිය යුතුයි යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂාව බවයි. ඕනෑම කෙනෙක් හිතේ තියාගෙන ඉන්න පුළුවන් අපි ඕනෑම දෙයකට ඡන්ද දෙන්න ලෑස්ති පක්ෂයක් කියලා. එහෙම එකක් නැහැ. අපිට විරුද්ධ වෙන්නත් පුළුවන්, ඡන්ද නොදි ඉන්නත් පුළුවන්, දෙන්නත් පුළුවන්. මෙය ජනතාවට සහනයක් දෙන අයවැයක් විය යුතුයි. සරත් විරසේකර මැතිතුමා විදේශ සංචාරයක් සඳහා ඇමරිකාවට යන්න තිබු අවස්ථාවේ එතුමාට අවසර දුන්නේ නැහැ ඒ රටට ඇතුල් වෙන්න. පහුගිය කාලයේත් එහෙම තිබුණා මානව හිමිකම් කාරණා. මානව හිමිකම් පිළිබඳ ප්‍රමිතීන් නියම කරන ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මේ දවස්වල නිදාගෙන ද ඉන්නේ. ඊශ්‍රාලයට හමාස් සංවිධානයෙන් එල්ලවෙච්ච ප්‍රහාරය සම්බන්ධයෙන් අපි අනුමත කරන්නේ නැහැ. එය ත්‍රස්තවාදි ක්‍රියාවක්. අහිංසක දරුවෝ, අහිංසක මිනිස්සු ඝාතනය කළා. යුද්ධයට සම්බන්ධ නැති අහිංසක ජනතාව විශාල පිරිසක් මේ මොහොතේ මිය ගිහින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ගත හැකි පියවර කුමක්ද? මේ රටේ හුඟක් මානව හිමිකම් සංවිධාන, විවිධ ආයතන, දේශපාලන පක්ෂ පහුගිය කාලසීමාව තුළ රාජපක්ෂ යුගය තුළ මානව හිමිකම් ගැන උජාරුවෙන් කතා කළා. දැන් මේ මොහොතේදී ඊශ්‍රාලයේ ක්‍රියාමාර්ගය සාධාරණ ද? මානව හිමිකම් ආරක්ෂා කිරීමේ පෙරමුණ ගන්නාවු සියලුම රාජ්‍යයන් ඊශ්‍රාලයට සහය දෙනවා. අපි කියන්නේ නැහැ ඊශ්‍රාලයට වෙච්ච දේ සාධාරණයි කියලා. හමාස් සංවිධානය කරපු දේ සාධාරණ නැහැ. අසාධාරණයි. එය ත්‍රස්තවාදි ක්‍රියාවක්. එයත් අපි හෙළා දකිනවා. මෙයත් අපි හෙළා දකින්න අවශ්‍යයි. දෙකම වැරදි. මේ මනුෂ්‍ය ජිවිත. මෙය කොතැන සිදුවුණත් අපරාධය අපරාධයමයි. ඒ නිසා සරත් වීරසේකර මහතා රට යන එක නතර කරලා, හමුදා නිලධාරීන්ට රට යන එක නතර කරලා අත්තඩංගුවට ගන්නවා කියන පිරිස දැන් ඊශ්‍රාලය පිරිසත් අත්තඩංගුවට ගන්නවාද? අත්තඩංගුවට ගන්නේ නැහැ. ඒ නිසා මානව හිමිකම් යනු බලය, ධනය ඇති අයට නිර්වචනය කරන්න පුළුවන් පදයක්. අපිටත් ඊශ්‍රාලයට වගේ යුධ ශක්තියක් තිබෙනවානම් කවුරුත් කතා කරන එකක් නැහැ. මේ දවස්වල අපි බලාගෙන ඉන්නවා අයවැය සම්බන්ධයෙන්. අයවැය 13 දා ආරම්භ කරනවා. මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්. ඒ නිසා අයවැය හිතට සතුටක් දෙන එකක් නොවේ කියලා මම දන්නවා. හැබැයි සාධාරණ සහනයක් මේ රටේ ජනතාවට ලැබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.”යනුවෙන් මන්ත්‍රී විමලවීර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 4
Previous Post

මහ කන්නයේ වගා කටයුතු සඳහා රුපියල් 17,000ක ඩීසල් නොමිලේ – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

Next Post

රනිල් ජනාධිපති විශ්වකර්මකරුවෙක් – මන්ත්‍රී වජිර

editor

editor

Next Post

රනිල් ජනාධිපති විශ්වකර්මකරුවෙක් - මන්ත්‍රී වජිර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved