8 September 2024
#දේශීය #පුවත්

මෙවර සාමාන්‍ය පෙළ ලියු සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භය ජූනි මස 04 වනදා

මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල අ.පො.ස. (උසස් පෙළ) පන්ති ජූනි මස 04 වෙනි දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඊට අදාල චක්‍රලේඛය මේ වනවිටත් නිකුත් කර ඇති අතර එම චක්‍රලේඛය සියලු‍ම පළාත්වල අධ්‍යාපන බලධාරීන්ට යොමු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කලේය.

මෙම චක්‍රලේඛය මේ වනවිටත් ලැබී නොමැති විදුහල්පතිවරුන් ඇත්නම් ඒ පිළිබඳව පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාලවලින් විමසිය හැකි අතර පාසල් සිසුන්ට වැඩිදුර තොරතුරු අදාල පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබා ගත හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *