• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මියන්මාරය සමඟ ආර්ථික හා බෞද්ධ සබඳතා තවත් වර්ධනය කරන්න – අගමැති

16 May 2024
in දේශීය, පුවත්
මියන්මාරය සමඟ ආර්ථික හා බෞද්ධ සබඳතා තවත් වර්ධනය කරන්න – අගමැති
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ, ආර්ථික හා බෞද්ධ සබඳතා තවත් වර්ධනය කර ගැනීමේ විශාල විභවතාවක් පවතින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (16) අරලිය ගහ මන්දිරයේ දී මියන්මාර වැඩ බලන තානාපති ලෙයි යි වින් මහතා හමුවූ අවස්ථාවේදීය.

මැණික් හා ස්වර්ණාභරණ, තේ සහ පොල් වෙළෙඳාම, ඛනිජ ද්‍රව්‍ය, බෞද්ධ සංචාරක ව්‍යාපාරය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍ර රැසක ආර්ථික හා වෙළෙඳ සබඳතා ශක්තිමත් කළ හැකි බව එහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පෙර සැකසුම් කළ පොල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනයේ යෙදී සිටින ශ්‍රී ලංකාවට ඇති අධි ඉල්ලුම සැපිරීමට මෙරට පොල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම නිසා මියන්මාරයට ශ්‍රී ලංකාව වෙත පොල් අපනයනය කිරීමේ අවස්ථාව ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ මෙරට තේ වෙනුවට පොල් හුවමාරු කළ හැකි බවයි.

වසර 2600කට පසුව ද බුද්ධ දර්ශනය ප්‍රචලිත ව පවතින බවත් එය ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර සමීප ආගමික සහ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට ඉවහල් වූ බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

විශේෂයෙන් ථේරවාදී බුදු දහමේ සුරක්ෂිතතාවය වෙනුවෙන් මියන්මාරයෙන් ලැබුණු සහයෝගය සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා උපසම්පදාව මෙරට ස්ථාපිත කිරීමට එදා බුරුමයෙන් (මියන්මාරය) ලද සහාය තුළින් දෙරට අතර අතීතයේ සිට ආගමික සහයෝගය පැවැති බවද සිහිපත් කළේය.

වැඩබලන තානාපති ලෙයි යි වින‍් පැවසුවේ ආනයන අපනයන සහ ආර්ථික සහයෝගීතාවයේ විභව ක්ෂේත්‍ර ගවේෂණය කිරීම සඳහා මියන්මාරයේ යැංගූන් හී පැවැත්වෙන වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවට සහභාගී විය හැකි බව යි.

මේ වසරේ දී මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75 ක් සපිරෙන බව ද ඇය පැවසුවා ය. මියන්මාරය 11 වැනි සියවසේ බඩාන් රාජවංශ සමයේ දී ථේරවාදී බුදුදහම ස්ථාපිත කර වසර 1000ක් සමරන බව ද ඇය පැවසුවා ය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මියන්මාර තානාපති කාර්යාලයේ උපදේශක තෙප් සව් ටෝ යන අය ද එක් ව සිටිය හ.

Post Views: 7,410
Previous Post

ඇමැති ශෙහාන්ට මරණ තර්ජන…

Next Post

මෙවර සාමාන්‍ය පෙළ ලියු සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භය ජූනි මස 04 වනදා

editor ttvnews

editor ttvnews

Next Post
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

මෙවර සාමාන්‍ය පෙළ ලියු සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භය ජූනි මස 04 වනදා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සූඩානයේ මරණ දඬුවමට ලක්ව සිටින ශ්‍රී ලාංකික අනෝජන් සිවරාසාට සිරමැදිරියේදී ප්‍රහාරයක්

සූඩානයේ මරණ දඬුවමට ලක්ව සිටින ශ්‍රී ලාංකික අනෝජන් සිවරාසාට සිරමැදිරියේදී ප්‍රහාරයක්

6 October 2026
IMF උපදෙස් තිබුණත් ඉන්ධන මිලේ සම්පූර්ණ පිරිවැය ජනතාව මත පටවන්නේ නැහැ

IMF උපදෙස් තිබුණත් ඉන්ධන මිලේ සම්පූර්ණ පිරිවැය ජනතාව මත පටවන්නේ නැහැ

6 October 2026
සුරේෂ් සලේගේ ප්‍රතිකාර අවසන් අද පස්වරුවේ රෝහලෙන් පිටවූ පසු CID භාරයට

සුරේෂ් සලේගේ ප්‍රතිකාර අවසන් අද පස්වරුවේ රෝහලෙන් පිටවූ පසු CID භාරයට

6 October 2026
බලුකිස්තානයේ සෞඛ්‍ය සේවා දියුණු කරන්න ශ්‍රී ලංකාවෙන් සහයෝගය..

බලුකිස්තානයේ සෞඛ්‍ය සේවා දියුණු කරන්න ශ්‍රී ලංකාවෙන් සහයෝගය..

6 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මේ සටනේ අපිට Plan B එකක් නෑ 2029 දී නාමල් රාජපක්ෂ රටේ නායකයා කිරීමයි අපේ උත්සාහය

මේ සටනේ අපිට Plan B එකක් නෑ 2029 දී නාමල් රාජපක්ෂ රටේ නායකයා කිරීමයි අපේ උත්සාහය

5 October 2026
6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාවට නව විෂයක්

6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාවට නව විෂයක්

5 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved