• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවුරුදු 5 කට බලයට එන අයට බෑ ජාතික සම්පත් වගකීම් විරහිතව අවභාවිත කරන්න

15 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

උපනූපන් පරම්පරාවට හිමි විය යුතු ජාතික සම්පත් වගකීම් විරහිත ලෙස අවභාවිතා කිරීමට වසර 5 කට බලයට පත් වන රජයකට නෛතිකව හැකියාවක් නැති බව සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතිය පවසයි.

එම සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටියේ ජාතික සම්පත් සුරකින බවටත් පසුගිය රජයන් යටතේ විකුණා දමන ලද සම්පත් නැවත පවරා ගන්නා බවටත් පොරොන්දු දී බලයට පත් ඔබ රජයට ජාතික සම්පත් විකිණීමට සාදාචාරත්මක අයිතියක්ද නොපවතී බවයි.

 

සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතිය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කල ලිපිය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

 

2021. 10. 14

ගරු ජනාධිපති,
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01

ගරු ජනාධිපති තුමනි,

දකුණු කොළඹ වරායේ බටහිර කොටස විකුණා දැමීමට ගනු ලැබු තීරණයට විරෝධය පළ කිරීම

ඉන්දියානු අදානි සමාගමට 51% ක්, ජෝන් කීල්ස් සමාගමට 34% ක් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15% ක් වන පරිදි වසර 35ක කාලයක් සඳහා දකුණු කොළඹ වරායේ බටහිර කොටස විකුණා දමමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියත් බටහිර බහලු පර්යන්ත පුද්ගලික සමාගමත් අතර 2021.09.30 දින අත්සන් තබන ලද පවාදීමේ ගිවිසුම මගින් ජාතික ආර්ථිකය ගොඩනැගීමට තිබූ තවත් ජාතික සම්පතක් බහුජාතික සමාගමක් අතට පත් කිරීමට ඔබ රජය කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරියත් ඉන්දියානු අදානි සමාගම ඇතුළු පාර්ශවකරුවන් සමග අත්සන් තබන ලද මෙම ගිවිසුම, මහජනතාව, පාර්ලිමේන්තුව හා වෘත්තීය සමිති දැනුවත් නොකර රටට හොර රහසේ අත්සන් කිරීමට කටයුතු කිරීම මගින් පෙන්නුම් කරන්නේ රටට අහිතකර හා අවාසිදායක කොන්දේසි මෙම ගිවිසුම තුල අන්තර්ගතව ඇති බව නොවේද?

විශේෂයෙන් ඔබ රජය බලයට පත්වී මාස කිහිපයක් ඇතුලත නැගෙනහිර පර්යන්තයෙන් 49% ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවේ අදානි සමාගම වෙත විකුණා දැමීමට උත්සහ ගත් අතර ඊට එල්ල වූ සියළු විරෝධයන් හමුවේ නැගෙනහිර වෙනුවට බටහිර කොටස අදානි ඇතුළු පාර්ශවකරුවන්ට ලබා දීමට කටයුතු කිරීම මගින් පෙන්නුම් කරන්නේ විකිණීම ඔබගේද ප්‍රතිපත්තිය බව නොවේද? ඔබ රජය නැගෙනහිර පර්යන්තයෙන් 49% ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවට විකිණීමේදී ඉදිරිපත් කරන ලද ප්‍රදාන තර්කය බවට පත්වූයේ ඉන්දියාව පදනම් කරගනිමින් පවතින 66% ක ප්‍රති අපනයන බහළු වෙළඳපොල නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදුන හොත් රටට අහිමි වන බවයි. එය සාවද්‍ය ප්‍රකාශයකි. ඉන්දියාව කොතරම් උත්සහ කලත් කොළඹ වරාය පදනම් කර ගෙන ක්‍රියාත්මක වන බහළු වෙළඳපොල ඉන්දියාව වෙත ඇද ගැනීමට කිසිසේත් හැකියාවක් නැත. ඊට හේතුව ලංකාවේ පිහිටීම අනුව ජාත්‍යන්තර නාවික මාර්ගය ලංකාවට ආසන්නයෙන් පිහිටීමයි. එබැවින් එහි වාසිය ඉන්දියාවට ලබා ගත නොහැක. එවැනි පසුබිමක ඔබ රජයේ අධූරදර්ශී ක්‍රියා පිළිවෙත හේතුවෙන් ඉන්දියාව තුල ඉන්දියානු වරායකට අත්පත් කර ගත නොහැකිව තිබූ ප්‍රති අපනයන බහළු වෙළඳපොල දකුණු කොළඹ වරායේ බටහිර කොටස ඉන්දියානු අදානි සමාගමට විකිණීම මගින් සම්පූර්ණ කර දීමට ඔබ රජය කටයුතු කර ඇත. එය අප රට ආර්ථිකමය වශයෙන් ඉන්දියාවට පවා දීමකි.

උපනූපන් පරම්පරාවට හිමි විය යුතු ජාතික සම්පත් මේ ආකාරයට වගකීම් විරහිත ලෙස අවභාවිතා කිරීමට වසර 5 කට බලයට පත් වන රජයකට නෛතිකව හැකියාවක් නැත. විශේෂයෙන් ජාතික සම්පත් සුරකින බවටත් පසුගිය රජයන් යටතේ විකුණා දමන ලද සම්පත් නැවත පවරා ගන්නා බවටත් පොරොන්දු දී බලයට පත් ඔබ රජයට ජාතික සම්පත් විකිණීමට සාදාචාරත්මක අයිතියක්ද නොපවතී.

අප රට සංවර්ධනයේදී දේශීය හෝ විදේශීය ආයෝජන කැඳවීම අප පිලිගන්නා මුත් ඒවා කැඳවිය යුත්තේ ජාතික ආර්ථික සැලැස්මක කොටසක් ලෙස මිස විකුණන් කෑමේ ආර්ථික ප්‍රත්පත්තිය මත පිහිටා නොවේ. වසර 42 ක වරාය අධිකාරියේ ඉතිහාසය පිලිබඳව විධිමත් පසු විපරමක් ඔබ රජය සිදුකලා නම් නැගෙනහිර පර්යන්තය ඉන්දියානු අදානි සමාගමට විකුණාදැමීමට උත්සහ ගන්නේ හෝ බටහිර පර්යන්තය ඒ වෙනුවට ඉන්දියාවට විකුණා දැමීමට කටයුතු නොකරනු ඇත. එසේම චීනයේ CICT පර්යන්ත සමාගමට වරාය අනාගත සංවර්ධනයට අතිශයින් වැදගත් පිහිටීමක ස්ථානගතව පවත්නා අක්කර 13ක ඉඩම හා වරාය අධිකාරියට පමණක් හිමිව පවතින සේවා සැපයුම් කටයුතු විකිණීමට අදාලව කැබිනට් පත්‍රිකා අනුමත නොකරනු ඇත.

ප්‍රධාන නාවික මාර්ගයට සමීපව අපේ රට පිහිටීමේ වාසිය ඔබ රජය ඇතුළු කිසිදු රජයක් තම ආර්ථික උපාය මාර්ගයේ කොටසක් බවට පත් කර ගෙන නැත. එසේ වුවා නම් ජනතාකරණය, ප්‍රතිව්‍යුහගතකරණය, කොටස් පැවරීම, අයෝජනය වැනි විවිධ නාමකරණ යටතේ වරාය අධිකාරියට අයත් වරායවල්, පර්යන්ත, ව්‍යාපාර, සේවා හා වටිනා ඉඩම් බහුජාතික සමාගම් අතට පත් වන්නේ නැත.

ඔබ රජය බලයට පත් වීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳව මහත් උනන්දුවෙන් ජනතාවට සහතික ලබා දුන්නද ඔබගේ ක්‍රියාකලාපය තුල ජාතික ආරක්ෂාව පිළිබඳ විෂයේ ගැඹුරු කියවීමක් ඇද්ද යන්න බරපතල ගැටළුවක්ද පවතී, විශේෂයෙන් ජාත්‍යන්තර භූ දේශපාලනය තුල ඉන්දියාව හා ඇමෙරිකාව එක් කඳවුරකත් චිනය තවත් කඳවුරකත් නියෝජනය කරනු ලබයි. එවන් පසුබිමක දකුණු කොළඹ වරායේ දකුණු කොටස චීනයේ CICT සමාගමටත් බටහිර කොටස ඉන්දියාවටත් විකුණා දැමීමට කටයුතු කිරීම මගින් එකිනෙකට පස මිතුරු රාජ්‍යයන් දෙකක් එකම භූමියක හමුවීමට සැලැස්වීම අප වැනි කුඩා රාජ්‍යයක ආරක්ෂාව සබැඳිව එල්ල කරන බලපෑම සුළුවෙන් තක්සේරු කල නොහැක.

ගරු ජනාධිපතිතුමනි,

ආර්ථිකය හා ආරක්ෂාව සැබැඳිව කොළඹ දකුණු වරායේ බටහිර පර්යන්තය ඔබ රජය යටතේ ඉන්දියාවේ අදානි සමාගමට විකුණා දැමීමට පසුගිය දා රහසිගතව කටයුතු කිරීම වගකිව යුතු වෘත්තීය සමිතියක් ලෙස අප තරයේ හෙලා දකින අතර අපගේ දැඩි විරෝධය ඔබ රජයට පළකර සිටිමු. කොළඹ වරාය තුල තවදුරටත් ඉතිරිව පවතින සම්පත් හා සේවා පිළිබඳවත් ත්‍රිකුණාමලය, ගාල්ල ඇතුළු වරාය අධිකාරියට අයත් අනෙකුත් වරායන් වල ඉරණම පිළීබඳවත් බරපතල ගැටළුකාරී තත්වයක් මේ වන විට නිර්මාණය වී ඇත. අප ඔබ රජයෙන් ඉල්ලා සිටින්නේ උපනූපන් පරම්පාරාවේ අනාගතය උගසට නොතබන ලෙසත් ජාතික ආර්ථිකය ගොඩනැගීම සඳහා වරාය සතු සම්පත් බහුජාතික සමාගම් අතට පත් නොකර රජයක් ලෙස එහි වගකීම බාර ගන්නා ලෙසත් ජාතික ආරක්ෂාව පිළිබඳව තබා ගත යුතු බර තැබීම අත් නොහරින ලෙසටයි.

ස්තුතියි.

මෙයට,

නිරෝෂන් ගොරකානගේ
ප්‍රධාන ලේකම්
සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතිය.

සම්බන්ධීකරණය – 077 6667737
Coordinating – +94 77 6667737

පිටපත් –
01 වරාය හා නාවික කටයුතු පිලිබඳ ගරු ආමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමා
02 සභාපති තුමා – ශ්‍රී ලංකා වරාය අධිකාරිය
03 සියළු ජන මාධ්‍ය ආයතන

Post Views: 6
Previous Post

ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදන ප්‍රවර්ධනය කෙරෙන “හායි ජැපෑන්” වෙළඳ ප්‍රදර්ශනය

Next Post

කාන්තාව ලිප්ගල් තුනට කොටු කරන පාලනයට එරෙහිව නැගී සිටින්න – සමන්මලී ගුණසිංහ

editor

editor

Next Post

කාන්තාව ලිප්ගල් තුනට කොටු කරන පාලනයට එරෙහිව නැගී සිටින්න - සමන්මලී ගුණසිංහ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved