• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ව්‍යාජ ඉන්දීය විරෝධයට 60,000 ක් බිළිදුන් අය අද ඉන්දියාවේ මිතුරන් වෙලා – ඇමැති මනුෂ

19 February 2024
in දේශීය, පුවත්
කෘෂි රැකියාවලට රට ගිහින් එක අයට වගා කරන්න රජයෙන් ඉඩම් අක්කර දෙකක් – ඇමති මනූෂ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දීය විරෝධයට හැට දහසක් ජීවිත බිළිදුන් අය අද ඉන්දියාවට නෑගම් යන බවත් එදා තරුණයින් නොමග යැවූ දේශපාලන බලවේග ඒ සදහා යොදාගත් පංති පහ වෙනස් කර ඉන්දියානු විරෝධය එම පංති පහෙන් ඉවත්කර ඇති බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මොනරාගලදී පැවති ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනේ ස්මාර්ට් යූත් වැඩපිළිවෙලට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා “මෙතනට ආපු දූ දරුවෝ මට විශෙෂයි ඒ සියළු දූ දරුවන් සියලු දෙනාම බොහොමත් ආදරයෙන් පිළිගන්නවා . ඔබ තමයි මේ රටේ අනාගතය. මෙතන ඉන්න විශේෂම කොටස. මිට ටික වෙලාවකට කලින් කතා කරපු ජගත් පුෂ්ප කුමාර නියෝජ්‍ය මැතිතුමා ඔබට කථාවක් කීවා . ඉතිහාස කථාවක්. ඒ කාලෙත් අපේ තරුණ තරුණියෝ විවිධ කථා කියලා, සුරංගනා ලෝක වල මුලා කරලා දැවන්ත විනාශයක් වුනා. ඉන්දියානු විරෝධයක් ඇතිකරලා අන්තිමට තරුණ තරුණියෝ 60,000 ක් අපේ රටට නැති වුනා.

ඒ වෙලාවේ අධ්‍යාපනය වෙනස් කරන්න අධ්‍යාපන ධවල පත්‍රිකාව වගේ නොයෙක් නොයෙක් සංශෝධන ගෙනල්ල තිබුනා . ඒවාට එරෙහිව පාරට බැහැපු අපේ තරුණයෝ, උගත්තු ටික මේ රටේ විශ්වවිද්‍යාලවල හිටපු දක්ෂතමයෝ 60,000 ක් නැති වුනා. ඒත් ඔවුන් පතපු ලෝකය ඔවුනට ලැබිලා තියනවද කියන ප්‍රශ්ණය අපට තියනවා.

එදා තත්ත්වය අද වන කොට වෙනස් වෙලා තියනවා තරුණයන් නොමග යවපු දේශපාලන බලවෙග ඒකට යොදාගත්ත ප්‍රකට පන්ති පහ අද වෙනකොට වෙනස් කරලා තියනවා. ඉන්දියානු විරෝධය ඒ පන්ති පහෙන් ඉවත් වෙලා තියනවා. අවසානයේ ඒ අය ඉන්දියාව එක්ක ඒ අය මිතුරු වෙලා තියනවා.. ඒත් තරුණ ජිවිත 60,000 ක් රටට නැති වෙලා තියනවා.

මම ඒක මතක් කලේ තරුණයන් විදිහට ඔබේ තරුණකම රැඩිකල්කම ඔබේත්, රටේත් යහපතට නොවන දෙවල් වලට නැවත යොදාගන්න සමහර අය උත්සහ ගන්නවා . අන්න ඒ නිසා ඔබ සැම ප්‍රවේසම් කරගන්න එක හරි වටිනවා. කොහොම වුනත් අවුරුදු 75 ක අතීතයට චෝදනා කර කර ඉන්නවාට වඩා මෙතනින් එහාට මේ තරුණයෝ ටික ගොඩනගන්න අපි කළ යුත්තේ මොකක්ද කියන එකයි අපි කල්පනා කළයුත්තේ.

අන්න ඒ නිසයි අපි ස්මාර්ට් යූත් වැඩසටහන පටන් ගත්තේ. අපි දිසාපතිතුමන්ලාට දැනුවත් කරලා මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සම්බන්ධවෙලා හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ”ස්මාර්ට් යූත්” කමිටුවක් හැදුවා. සියළුම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල. එම කමිටුවට තමා අපි අනාගතයෙදී කියන්නේ ග්‍රාම නිළධාරී වසමකින් අවම වශයෙන් දස දෙනා ගානේ මෙකට සම්බන්ද කරන්න කියලා අපි කියන්නේ. මේක දීප ව්‍යාප්ත ජාතික වැඩසටහනක් . අද තමයි අපි ආරම්භ කරන්නේ. මෙතනින් එන තරුණයෝ ඉක්මණින්ම රැකියාගත කරලා අනාගත ලෝකයට හරියටම හරියන සුහුරු වැඩකරුවන් පිරිසක් බිහි කිරීම අපේ අරමුනයි.

එහෙම නැතිව අපිට ඉතිහාසයට බැනලා, අධ්‍යාපනයේ උගන්වපු දේට බැනලා වැඩක් නෑ. උඹලා ඉගෙන ගෙන තියෙන්නේ වැඩක් නැති දේවල්, උගන්වලා තියෙන්නේ වැඩක් නැති දෙවල් දැන් ලියලා වැඩක් නැ. අධ්‍යාපනය වෙනස් විය යුතුව තිබුනේ මීට වසර 20 කට කළින්. විශය මාලාව වෙනස් විය යුතුව තිබුනේ වසර 20 කට කලින්. වෘත්තීය අධ්‍ය්‍යාපනය වෙනස් කල යුතුව තිබුනේ අවුරුදු 15 කට කළින්. ඒක කළේ නෑ. දැන් ඒකට චෝදනා කරලා වැඩක් නැ. අද අපි අධ්‍යාපනය වෙනස් කළත් ඒකෙන් බිහිවෙන පරපුර රැකියා වෙලඳපොළට එන්න තව අවුරුදු 12 ක් වත් යනවා. ඒක හින්දා මේ ඉන්න තරුණ පරපුර ඉස්සරවෙලා බේර ගන්න ඕන. ඒ නිසා අපි ඔබව අනාගත වැඩ ලෝකයට සවිමත් කරනවා. ඒකයි ජනධිපතිතුමා රැකියා සඳහා 10,000 දෙනා පුහුණු කරන්නට අපිට උපදෙස් දුන්නා . ජනධිපති අ‍රමුදලෙ ප්‍රතිපාදන අරගෙන ඔබව මේ ආවුරුද්දෙම රකියාගත කරන්න අපි වඩ පිළිවෙලක් හැදුවා.

අපට දියව් දියව්.. කියලා කැගෑහුවාට ප්‍රශ්ණ විසඳෙන්නේ නෑ. වෘත්තීය පුහුණුවක් දීලා ඔබට ඉල්ලුමක් ඇති කරන්නයි අපට ඕන. තරුණයෝ දේශපාලඥයා ගාවට ගිහිල්ලා මට රස්සාවක් දෙන්න කියලා ඉල්ලන්නේ නැතිවෙන්නෙ ඔබ රස්සාවකට ගැලපෙන මිනිසෙක් විදියට වෙනස් කරන්නයි අපට ඕන. ඒකට ඔබව මනසින් ශක්තිමත් කරන්න ඕන. එ සඳහා මනසින් ඔබව සූදානම් කරවන්න ඒ වැඩපිළිවෙලයි මේ පටන් ගත්තේ . ස්මාර්ට් යූත් වැඩපිළිවෙල වැඩ්ඩන් හදන වැඩපිලිවෙල වැඩ රැසක් සමග කරන වැඩ පිළිවෙල.

අපේ වෘත්තීය පුහුණු ආයතන වල ළමයි මෙතනට ඇවිල්ලා ඉන්නවා. ඒ ළමයි දැනටම තීන්දුවක් වගේ ඇඳගෙන ඉන්නවා වෙනස් වෙන්න. මෙතනට නර්සස්ලාවගේ ඇදගත්ත අය ඇවිත් ඉන්නවා. අනාගත ලෝක‍යෙ කෙයා ගිවින් නර්සස් ලාට ලොකු අවස්තාවක් තියන්වා. ඒවගේ වෘත්තීන්ට අපි පුහුනුව ලබදෙන්න ඕන. වෘත්තීය පුහුණු ආයතන වැඩ පටන් අරගෙන තියනව. එක බොහොම හොඳයි. මම අද උදයේ කතරගම දේවාලයට ගියා. කතරගම දේවාලයේ සල්ලි වලින් දරුවෝ 300 කට කොරියන් භාෂාව උගන්වනවා. හැමෝම පටන් අරගෙන මේ දරුවෝ ගොඩනගන්න.

කොළඹ හෝටල් පාසලෙන් කතරගමට ඇවිල්ලා තවත් ළමයි 150 කට උගන්වනවා හෝටල් පාඨමාලාවක් . ඒ 150 ටම පුහුණුව නිම වෙනකොටම ශැංග්‍රිලා එකේ රස්සාව දෙන්න පොරොන්දු වෙලා තියෙනවා . මම ඩුබායිවලට ගිහිල්ල එනකොට අයි ඩබ්ලි එච් කියන දැවැන්ත සමාගමත් එක්ක සාකච්ඡාව පවත්වලා ආවේ. ඒ අය සූදානම් මාස හයකට සැරයක් පුහුණුවන සේවකයන් 100 ගානේ ඩුබායි රාජ්‍යය ඇතුළු ලෝකේ හැම තැනම තියෙන ඒ අයගෙ හෝටල් වල රස්සා දෙන්න. හෝටල් ක්ෂේස්ත්‍රයේ විශාල රික්තයක් ඇතිවෙලා තියෙනව. ඒ වගේම සාත්තු සේවයේ වශයෙන් විශාල ප්‍රමාණයකට රැකියා බිහිවෙලා තියනවා. කොරියවේ නැව් ඉදිකිරීමේ ක්ෂේස්ත්‍රයේ. ඊශ්‍රායලයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට දැනට රැකියා විසිදාහක් දැණට ලැබිලා තියනවා.හොඳ පඩියක් එක්ක යන්න

ගිය සිකුරාදා. ඊශ්‍රායලයේ ප්‍රවාහන ඇමතිතුමිය ඇවිල්ල මාව හම්බ වුණා.දැවැන්ත ව්‍යාපෘති සඳහා පුහුණු ශ්‍රමිකයන් ඉල්ලනවා. ලෝකෙට ගැලපෙන පුහුණුව සමග එතනට යන මනස හදාගැනීමට අපි උගන්වනවා. නැතිව ලෝකයට වෛර කරන දිය දියව් කෑලි කපා අපට දියව් කියමින් අරගල කරන බොරු වීරයන්ට බෑ ඔබේ අනාගතය විසඳන්න.

ඒත් අවාසනාවකට වගෙ බොරු වීරයෝ තමයි ගොඩක් තැන්වල පෙන්න ඉන්නේ. කාලයක් රොබින් හුඩ් අපේ ජීවිතවල වීරය බවට පත්කරා. ඒත් එයා කවුද දියුණු කලේ. දියුණු මිනිස්සුන්ගෙන් සල්ලි අරන් අනිත් අයට බෙදපු එකයි එයා කළේ. අපි හැමෝම හිතුවා කියන එකාගෙන් අරගෙන අනිත් එකාට ඒක තමයි හරි දේ කියලා. අපේ රටේ හිටියා සරදියල් කියලා කෙනෙක්. අපි එයාට සූර කියල කියල නමකුත් දැම්මා. සූරසරදියල් කළේ මොකක්ද. රාජ්‍යයට බඳු ගෙනියනකොට ඒවා අරගෙන එහෙම නැත්නම් සල්ලි තියෙන මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන දුප්පත් මිනිස්සුන්ට බෙදලා දුන්නා. එයා දුප්පත් මිනිස්සුන්ට රස්සාවල් හොයලා දුන්නේ නෑ. දුප්පත් මිනිස්සුන්ට ඉගැන්නුවේ නෑ . සල්ලි තියන මිහිස්සුන්ගෙන් අරගෙන නැති මිනිස්සුන්ට බෙදලා දුන්නා .

ඒකෙන් මිනිස්සු දියුණු වෙන්න උත්සහ කළේ නෑ. පස්සේ කාලෙක සූරසරදියල් ආණ්ඩුත්
බිහිවුනා . තියන තැන්වලින් බදු ගහලා, සල්ලි අච්චු ගහලා මිනිස්සුන්ට නිකන් දුන්න . සරදියල් න්‍යාය. ව්‍යාපාරයක් ගොඩනැඟෙනකොට ඒ ව්‍යාපාරවලින් අධික බදු අරගෙන නිකම් බෙදලා දුන්න. දුප්පතුන් දුප්පතුන් තැනම හිටියා අපිට දියුණු වෙන්න උවමනාවක් වුනේ නෑ . ඇයි අපිට හැමදේම නිකම් හම්බවෙනවා. අධ්‍යාපනය, බෙහෙත් හේත්, පොහොර, බිත්තර වී අපිට නොමිලේ ලැබෙනව. ඊට පස්සේ අස්වැන්නටත් සහතික මිලක් දීලා ආණ්ඩුවෙන් ඒ ටිකත් සල්ලි වලට අරගන්නවා .

මේ සරදියල් න්‍යාය තමයි අපිව දුප්පත් කලේ අතේ තියෙන සල්ලි වලින් විතරක් නෙවෙයි. අපිව මනසිනුත් දුප්පත් කලා. මිනිසුට අමාරුකම ලැබුනාම තමයි යමක් මහන්සියෙන් දිනාගන්නේ . ජීවිත නිකම් ගොඩනැගෙන්නෙ නෑ. ගොඩනගන්නත් බෑ. ඒකට වැඩ කරන්න ඕන මහන්සි වෙන්න ඕන. එදා නිකම් බෙදපු අය වගේම අදත් ඒ වගෙ අය ඉන්නව. හැමෝටම බැණ බැන. ඒ වගේ අය එදත් හිටියා අදත් ඉන්නවා. තැන් තැන් වල මේවගේ අය හිටියා. ඒ අයට පිස්සෝ කියන්න මම කැමති නැ. මානසික ව්‍යාධි තියන අය. එදා මේ අය හිටියේ ගෙවල්වල. ඒ අය හොඳින් බලාගත්තා. පාරට බහින දුන්නෙ නෑ. එ නිසා කරන්න පුළුවන් සමාජ හානිය අවමයි.

අදවෙලා තියෙන්නෙ ඊට වෙනස් දෙයක්. අපි හැමෝගේම අතේ තියන්වා ස්මාර්ට් ෆෝන් එක. සෝසල් මීඩියා එක හැමෝම පාවිච්චි කරනවා. මේකේ නෑ මානසික ව්‍යාධි තියන අයට මේක පාවිච්චිකරන්න බෑ කියල නීතියක්. ඒක නිසා දශම ගනනක් වන මානසික ව්‍යාධින් සහිත අය සෝෂල් මීඩියාවලින් පිස්සු නටන්න ගත්තාම රටක් කොහොමද ඉස්සරහට ගෙන යන්නේ . තනිකරම රට වෙන පැත්තකට ගෙන යන්නෙ. මොකද මානසික ව්‍යාධියක් තියන්වනේ. ඒකයි අපි කියන්නේ දරුවන් ඒ මානසික ව්‍යාධි සහිත අයගෙන් බේරාගෙන ශක්තිමත් කරන්න කියලා.

2048 සංවර්ධනය වෙන්න ඕන කියලා කියනකොට සමහරු අහනවා 2048 වෙනුවෙන්ද අපි මහන්සි වෙන්න ඕන කියලා. කවුරු හරි පටන් ගන්න ඕන. ඒකයි ක්‍රමය. ඒත් අපේ රටේ තියෙන්නේ අළුත් ව්‍යාපාර අධෛර්‍ය කරන ක්‍රමයක්. අලුතින් ව්‍යාපාර පටන්ගන්නකොට, පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් අරගෙන තරුණයන්ට අධ්‍යාපනය දෙනකොට ඒකට විරුද්ධව අරගල කරලා ඒ ඔහ්හොම ආපසු හරවපු ඉතිහාසයක් අපිට තියෙන්නේ.

සියලු දේම දේශපාලනඥයන්ගෙන් ඉල්ලලා අන්තිමට 225 ටම බනිනවා. මේ ක්‍රමයට නැගිටින්න කවදාවත් බෑ. ඒ සඳහ අපි වෙන වෙන්න ඕන. ස්මාර්ට් වෙන්න ඕන. මේක වෙනස් කරන්න හදන කවුරු උනත් ඒක කරන්නේ අනාගත ලෝකය වෙනුවෙන්. ජනාධිපති තුමා ලෝකෙන් ණය ඉල්ල්ලා මේ කරන්න හදන්නේ ඔබ වෙනුවෙන්, අනාගත පරපුර වෙනුවෙන් මේක වෙනස් කරන්න. මෙන්න මේ කියන වෙනස් කිරීම ඔබෙන් පටන් ගන්න. එතකොට රටම වෙනස් වෙයි ස්ථිරවම” යැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11,052
Previous Post

ගමේ පුළුල් නියෝජනයක් සහිත ග්‍රාමීය කමිටු මගින් අදාල යෝජනා සකස් කළ යුතුයි – ඇමති ප්‍රසන්න

Next Post

රාජ්‍ය සේවයේ අසාධාරණ තීරණ ගැනීමෙන් වැළකීමට විශේෂයෙන් කටයුතු කරන්න- අගමැති

editor ttvnews

editor ttvnews

Next Post
රාජ්‍ය සේවයේ අසාධාරණ තීරණ ගැනීමෙන් වැළකීමට විශේෂයෙන් කටයුතු කරන්න- අගමැති

රාජ්‍ය සේවයේ අසාධාරණ තීරණ ගැනීමෙන් වැළකීමට විශේෂයෙන් කටයුතු කරන්න- අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved