8 September 2024
#දේශීය #පුවත්

රනිල්ට තව ඉන්න දෙන්න ඕන කියන්නේ මානසික ලෙඩ්ඩු – මන්ත්‍රි ඩලස්

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තව වසර 02 ක් එම ධුරයේ රැඳි සිටිමට අවස්ථාව ලබා දෙන ලෙස පවසන්නේ මානසික ලෙඩ්ඩුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (28) එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් සිදු කල මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරණය හා මහමැතිවරණය තව වසර දෙකක් යන තුරු නොතියා සිටින ලෙස යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත කල යුතු බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් TTVnews.lk අප කල විමසීමකදීය.

අලහප්පේරුම මන්ත්‍රීවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් එවැනි දෙයක් ප්‍රකාශ කරාවි යැයි තමා විශ්වාස නොකරන බවත් නමුත් ඔය නම සඳහන් ඊට සමාන මානසික රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයෙකු එවැනි ප්‍රකාශයක් සිදු කරන ඇති බව තමා විශ්වාස කරන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *