• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ජනාධිපති රනිල්ට උදවු කරනුයේ දේශපාලනයට වඩා රට ගැන හිතලයි – ඇමති ප්‍රසන්න

19 December 2023
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ මොහොතේදී උදවු කරනුයේ දේශපාලනයට වඩා රට ගැන සිතා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19)මරඳගහමුල සුළු සහ මධ්‍යම පරිමාණයේ සහල් ව්‍යාපාරයෙහි නිරත ව්‍යපාරිකයන් වෙනුවෙන් ඉදිකර වසර නවයකට ආසන්න කාලයක් අත්හැර දමා තිබූ සහල් තොග වෙළඳ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

පුද්ගලික අංශය සතුව පවතින මෙරට ‍සහල් ඒකාධිකාරිය බිඳ දැමීමේ අරමුණින් මෙම ධන්‍යාගාර සංකීර්ණය හා තොඟ වෙළඳ මධ්‍යස්ථානය ඉදිකරනු ලැබුවේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසිනි. ඒ 2014 වසරේදී ක්‍රියාත්මක කරනු ලැබූ දිවිනැඟුම ව්‍යාපෘතිය මගිනි. නමුත් යහපාලන රජය යටතේ 2015 වසරේදී මෙම සහල් ගබඩා සංකීර්ණය අහෝසිකරනු ලැබිණ. ඒ සමඟම පසුගිය වසර නවයක කාලය පුරාම මෙම ධන්‍යාගාර සංකීර්ණය හා තොඟ වෙළඳ මධ්‍යස්ථානය වල් බිහි වෙමින් තිබුණි. ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මැදිහත්වීමෙන් මෙම ගබඩා සංකීර්ණය නැවත පිළිසකර කෙරිණ. මරඳගහමුල ධන්‍යාගාර සංකීර්ණය හා තොඟ වෙළඳ මධ්‍යස්ථානයේ සියලුම වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම වසරේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්ද ඉදිරිපත් කර තිබුණි. මරඳගහමුල ධන්‍යාගාර සංකීර්ණය හා තොඟ වෙළඳ මධ්‍යස්ථානය පිහිටි ඉඩම අක්කර දෙකක පමණ විශාලත්වයකින් යුතුය. වෙළඳ කුටි 115 කින් පමණ සමන්විත මෙය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 459 මුදලක් වැයවී තිබේ. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙහි සම්පූර්ණ ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත. ගබඩා සංකීර්ණයේ වී මෙට්ට්‍රික් ටොන් 75,000ක් පමණ ගබඩා කිරීමට පහසුකම් ඇත.

සහල් ගබඩා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය “ මෙම සහල් ගබඩා සංකීර්ණය ඉදිකළේ බැසිල් රාජපක්ෂ මහතාගේ කාලයේදීයි. රටේ සහල් ඒකාධිකාරය බිඳ දැමීම සම්බන්ධයෙන් එදා එතුමට අනාගත දැක්මක් තිබුණා. අද වනවිට මේ රටේ සහල් ව්‍යාපාරය තිබෙන්නේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු අතේයි. ඒ ව්‍යාපාරිකයන් තමන්ට රිසිසේ ආණ්ඩු හසුරුවනවා. අපි රජයක් විදියට පාරිභෝගියන් ගැනත්, කෘෂිකර්මාන්තය ගැනත් බලන්න ඕන. නමුත් ව්‍යාපාරිකයන්ට එහෙම නැහැ. ඒ නිසා අර කලින් සඳහන් කළ ව්‍යාපාරිකයන් කුණු කොල්ලයට වී ටික මිලදී ගන්නවා. අරගෙන අවුරුදු ගණනක් ගබඩාකරගෙන ඉඳල සහල් හිඟ කාලයට අධික මිලකට සහල් විකුණන්න කටයුතු කරනවා. ඒ නිසා පහුගිය කාලයේදී කුඩා පරිමාණ සහල් හිමියන් ස්වාභාවික මරණ බවට පත්වුණා. ඔවුන් නැත්තටම නැති වුණා. ඒ වෙලාවේදි සහල් ඒකාධිකාරය නැති කරන්න තමන් ශක්තිමත් කරන්න කියල මරඳගහමුල සහල් ව්‍යාපාරිකයන් අවස්ථා ගණනාවකදීම පැවති රජයන්වලට පෙන්වල දුන්නා. නමුත් වැඩක් වුණේ නැහැ. අද දින මේ විවෘත වුණ මරඳගහමුල සහල් ගබඩා සංකීර්ණය ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වෙනවා. ලක්ෂ්මන් ජයකොඩි, රෙජී රණතුංග මහත්වරුන්ගේ කාලයේදි තමයි නැදගමුවේ කජු ව්‍යාපාරිකයන්ට, මරඳගහමුල සහල් ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න වෙනමම ස්ථාන ලබාදිය යුතු බවට යෝජනා ඉදිරිපත් වුණේ. ඒ යෝජනා ක්‍රියාත්මක වෙනකොට මේ පැති දියුණු වෙනවා. මෙම ස්ථානයේ වී ගබඩාවක් තිබෙනවා. ඒ ගබඩා වලින් ලබා ගන්නා වී තොග ගම්පහ දිස්ත්‍රික්කයේ සමූපාකාරවලට ලබාදෙන්න ක්‍රමයක් හදන්න මම ආණ්ඩුකාරතුමා සමඟ සාකච්ඡා කළා. ඒ සඳහා අඩු පොලියට ණය මුදලක් ලබාදෙන්න ක්‍රමයකුත් හදනවා. මම ආණ්ඩුකාරතුමාට කිව්වේ පළාත් සභා ප්‍රතිපාදනවලින් ගම්පහ බැංකු සංගමයට අඩු පොලියට ණයක් ලබා දෙන්න කියලා. මම පළාත් මහඇමතිවරයා කාලෙදි ගම්පහ බැංකු සංගමයට එහෙම මුදල් ලබාදුන්නා. ඒක අපි පටන් ගත්තේ සුළු ව්‍යාපාරිකයන්ට සහනයක් විදියටයි. අපි බළාපොරොත්තු වෙන්නේ මහ කන්නයේදී වී ටික ලබාගෙන ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න. රට ආර්ථික අර්බුදයකට මුහුණ දෙන වෙලාවක් මේක. මීට පෙරත් රට ආර්ථික අර්බුධයකට මුහුණදීපු වෙලාවේදි ග්‍රාමීය ජනජීවිතය ශක්තිමත් කරන්න ජනතාවට කුකුල් පැටව් ලබාදුන්න. ඒ නිසා මස් හා බිත්තර අඩුමිලට ලබාදෙන්න අපිට පුළුවන් වුණා. එක කාලයකදි කුකුල් මස් කිලෝව රුපියල් 200-300ට, බිත්තරයක් රුපියල් 15-20ට අළවි කළ අවස්ථා තිබුණා. හැබැයි ඒකත් අද පාලනය කරන්නේ ව්‍යාපාරිකයන්. අපි වැඩිපුර කුකුළු පැටව් නිෂ්පාදනය කරලා ජනතාවට දුන්නොත් ජනතාවගේ පෝෂණ අවස්ථා සම්පූර්ණ කරන්න පුළුවන්. මේ ආර්ථික අර්බුධය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමයේ සිදුවූවක් ලෙස සමහරු අර්ථ කථනය කරනවා. නැහැ. මේක කෙටි කාලයකින් ඇතිවූ අර්බුධයක් නෙවෙයි. වැට් බදු අඩු කළත්, වැඩි කළත් විවේචන එල්ල වෙනවා. අපි ගන්න තීන්දු ජනප්‍රිය තීන්දු නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයට මුහුණ දෙන්න වුණේ කවුරුවත් මුහුණ නොදීපු ප්‍රශ්නවලට. කොරෝනා සමයේදි අපිට තීන්දු ගන්න වුනේ මිනිස්සු බේර ගන්නවද, එහෙමත් නැත්නම් ආර්ථිකය බේර ගන්නවද කියල හිතලයි. ආර්ථිකය පස්සේ බේර ගන්න පුළුවන්, ඒ නිසා මිනිස්සුන්ගේ ජීවිත බේරගත යුතුයි කියල අපි රට වහන්න තීරණය කළා. රට වැහුවොත් ආර්ථික අර්බුදයක් ඇතිවෙන බව අපි දැනගෙන හිටියා. රටේ ජනතාවට එන්නත් තුනම දීල රට අරින්න හදනකොට වෙළඳ සංගම් ඒකට විරුද්ධ වුණා. අපි එදා ගත්ත තීන්දු ප්‍රතිපත්තිමය වශයෙන් හොඳ වුණත් ඒවා වැරදි තීන්දු වෙන්න පුළුවන්. විදේශ සංචිත නැතුව ගෑස්, බෙහෙත්, ඉන්ධන නැතුව යනකොට අපේම සමහරු කිව්වා පිටරටින් එවන සල්ලි නවත්වන්න කියල. හැබැයි අපි අවුරුද්දක් ඇතුළත ඒ අර්බුධ ජයගත්තා. රට ස්ථාවරවීගෙන එනකොට නැවත රට අස්ථාවර කරන්න සමහරු උත්සාහ ගන්නවා. ගොඩාක් හොඳ වෙලා ජීවත් වෙන්නත් බැහැ. අපේ ගෙවල් ගිනි තිබ්බේ ඇයි?. අරගලය කියල එදා ක්‍රියාත්මක වුනේ දේශපාලන න්‍යායපත්‍රයක්. කුඩු කාරයෝ ටිකක් අරගලය කියල එකක් පටන්ගෙන මොනවද කළේ. රටට ලැබුණ දෙයක් නැහැ. අපේ ගෙවල් ගිනි තිබ්බට අපි ගම දාල ගියේ නැහැ. මට අදටත් උඩුගම්පල ඉන්න තැනක් නැහැ. නමුත් අපි එදාටත් වඩා ශක්තිමත්ව ගමට යනවා. අද අපිට විරුද්ධව කෑ ගහන උදවිය ගමට මොනවද කරල තියෙන්නේ. අපි පක්ෂ සම්මේලනය කරනකොට අනිත් අයට රිදෙනවා. ඒ අපි ශක්තිමත් නිසා. අරගලයෙන් පස්සේ ඇතිවුණ අර්බුධය තුළ රට භාර ගන්න නායකයෙක් හිටියෙ නැහැ. අපි එදා සජිත් ප්‍රේමදාස, සරත් ෆොන්සේකට ආරාධනා කළා. නමුත් කවුරුවත් ආවේ නැහැ. එදා ඉදිරිපත් වුනේ රනිල් වික්‍රමසිංහ මහත්තය විතරයි. දැන් මේව කතාකර‍නකොට මම රනිල් පස්සෙ යනව කියල පෙන්වන්න සමහරු උත්සාහ ගන්නවා. මම එහෙම නෑ. මම තරම් රනිල් වික්‍රමසිංහ මහතා විවේචනය කළ වෙනත් කෙනෙක් නැහැ. නමුත් හොඳ දේවල්වලට මම උදවු කරනවා. මීට අවුරුද්දකට කලින් රට වැටිල තිබුණ තැන අපිට මතකයි. දේශපාලනයට කලින් රට ගැන හිතන්න ඕන. අපි උදවු කරන්නේ ඒ පදනමින්. රට සාමාන්‍ය තත්ත්වයට එනකොට සමහරු උත්සාහ ගන්නව නැවත කකුලෙන් අදින්න. ඒකට ඉඩදෙන්න බැහැ. ලබන අවුරුද්ද සඳහා අයවැයෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන්කරල තියෙනවා. අද විදුලි මිල වැඩියි. ඉන්ධන මිල වැඩියි. අපි මේව දන්නවා. ආර්ථික අර්බුධ විසඳගෙන ඉදිරියේදි ජනතාවට සහන ලැබේවි. ඒ නිසා ලබන වසර දෙස සුභවාදීව බලමු යැයි අමාත්‍යවරයා පැවසීය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ්ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි, දිවුලපිටිය ප්‍රාදේශිය සභා හිටපු සභාපති ඉන්දික ජයසිංහ මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Post Views: 15
Previous Post

විමල්ගේ “9න් පසුව ශ්‍රී ලංකාවේ ඉරණම” සම්මන්ත්‍රණය ලන්ඩනයේදී

Next Post

එළඹෙන වසරේ පාසල් වාරයේ පළමු දෙසතිය ඇතුළත පන්ති කව පැවැත්වීමට කටයුතු කළ යුතුයි – ඇමැති සුසිල්

editor

editor

Next Post

එළඹෙන වසරේ පාසල් වාරයේ පළමු දෙසතිය ඇතුළත පන්ති කව පැවැත්වීමට කටයුතු කළ යුතුයි - ඇමැති සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

8 May 2025
කොළඹ පුරපති පුටුව කාටද?

නගරාදිපති සමගි ජන බලවේගයෙන්.. ?

8 May 2025

Recent News

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

8 May 2025
කොළඹ පුරපති පුටුව කාටද?

නගරාදිපති සමගි ජන බලවේගයෙන්.. ?

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved